• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කෝ යකෝ මහමොළකාරයා…? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 19, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
කෝ යකෝ මහමොළකාරයා…? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2010 ඉන්දියාවේ පූනේ ජර්මානු බේකරියට එල්ල කළ බෝම්බ ප්‍රහාරය පිටුපස සිටියේ පාකිස්තානු – ඇමෙරිකානු ජාතික ඬේවිඞ් හෙඞ්ලිය. ඔහු 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයද  සැලැසුම් කළ අයෙකි. පූනේයි ජර්මානු බේකරි බෝම්බයේ මහ මොළකරු ඔහු විය. ඔහු ජීවත් වුණේ ඇමෙරිකාවේය. බෝම්බ ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධය හොයා ගැනීම ලෙහෙසි නොවීය. හේතුව ඔහු ඇමෙරිකානු පුරවැසියෙක් වීමය.

ඒත් ඉන්දියාවේ බුද්ධි අංශ වැඬේ අතහැරියෙත් නැත. එවකට ඉන්දියාවේ බලයේ සිටි මන්මෝහන් සිං ආණ්ඩුව මේ මහ මොළකරු හොයාගන්න ඇමෙරිකාවේ සහාය පැතීය. සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ සාක්‍ෂි නොමැතිව තම පුරවැසියන් විදේශ රටවල පරීක්‍ෂාවලට ලක් වීමට ඉඩ දෙන්නේ නැත. ඒත් ඉන්දීය බුද්ධි අංශ ඉතා දක්‍ෂ ලෙස සාක්‍ෂි සොයාගෙන ප්‍රහාරයේ මහ මොළකරු ඔහු යැයි ඇමෙරිකාවට ඔප්පු කොට පෙන්නුවේය. ඔහු ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත්විය. ඇමෙරිකාව මුම්බායි බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනුකොට ඔහුව වසර 35කට හිරේට දැම්මේය. ඔහු හිරේ සිටියදී ඉන්දියාවේ විශේෂ අධිකරණය බෝම්බ ප්‍රහාර දෙකම සම්බන්ධයෙන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ නඩු අසා ඔහුව වරදකරු කරනු ලැබීය. ඔහු වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ නඩුවට සම්බන්ධ වුණේ ඇමෙරිකාවේ හිරගෙදර සිටියදීමය.ඉන්දියාව ජර්මානු බේකරි බෝම්බයේ මහ මොළකරු හොයාගෙන ඔහුට දඬුවම් දුන්නේ එසේය. ඔහුට දඬුවම් දුන්නේ ඉන්දියාව තුළ නොව ඔහු ඇමෙරිකාවේ සිටියදීය.

බේකරි බෝම්බය පිපිරුණේ 2010 දීය. 2013 වන විට ඉන්දියාව තුළ සිටි පොඩි මොළකරුට මරණීය දණ්ඩනය පනවා ඇමෙරිකාවේ සිටි මහ මොළකරුව හිරේට යැව්වේය.

‘කෝ එතකොට ලංකාවේ පාස්කු බෝම්බයේ මහ මොළකරුවන්..?’

පාස්කු බෝම්බය පිපිරී දවස් කිහිපයකට පසු කාදිනල් හිමි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ එවකට පැවැති මෛත්‍රි – රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය නිසි ලෙස විමර්ශනය නොකරන බවය.

‘මේ වැඬේ හරියට කෙරෙන පාටක් පේන්න නැහැ, කරන්න බැරි නම් අපිට බාර දෙන්න…’ -කාදිනල් හිමි -අද දෙරණ

කාදිනල් හිමි මේ කතාව කිව්වේ එවකට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, විමල්, වාසු, උදය ගම්මන්පිල ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් කොළඹ අගරදගුරු නිවෙසේ කාදිනල් හිමි හමු වීමෙන් පසුවය.

එදා පොදුජන පෙරමුණේ නායකයන් කීවේ මේ ප්‍රහාරය පිටුපස විදේශ හස්තයක් තිබෙන බවත්, පාස්කු ප්‍රහාරය විමර්ශනවලට ඇමෙරිකානු ‘එෆ්.බී.අයි.’ ඇතුළු විදේශ ඔත්තු සේවා මැදිහත් වීම සැකයට තුඩු දෙන බවත්ය. 

එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකතන දත්ත විදේශ ඔත්තු සේවා ඔවුන්ගේ රටවලට අරන් ගියා යැයිද, පොදුජන පෙරමුණේ නායකයෝ ඇහින් දුටුවා සේ කීහ. ඔවුන් කාදිනල් හිමිටත්, කතෝලික පල්ලියටත් කීවේ බෝම්බයට ඍජුව වගකිව යුතු සහරාන්ලා ආරක්‍ෂා කළ මුස්ලිම් නායකයන් මෛත්‍රි – රනිල් ආණ්ඩුව තුළ සිටින බවත් ප්‍රහාරයට වක්‍රව වගකිව යුතු විදේශ රටවල් මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට ගෙනා අය බවත්ය. මේ නිසා මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයේ සිටින තාක් පාස්කු බෝම්බයේ මහ මොළකරුවන් හොයන්න බැහැ යැයි ඔවුහු දස අතේ දිවුරා කීහ.

මේ වෙන කොටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මිනිස් බෝම්බකරුවන්ගේ පියාගේ ව්‍යාපාරවලට මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ රිෂාඞ් තඹ මිලදී ගැනීමට බලපත්‍රයක් දී ඇති බව කියවිණ. නැඟෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ප්‍රහාරය දින රාත්‍රියේ අරාබියේ සිට පැමිණි පිරිසක් සඟවා ගෙන ලංකාවෙන් පිටත් කරන වීඩියෝවක් රට පුරා වෛරසයක් මෙන් ව්‍යාප්ත විය. එලෙසම හිස්බුල්ලා පාස්කු බෝම්බකරු සහරාන් හමු වන වීඩියෝද එළියට එනු ලැබීය.

මේ වීඩියෝ පටයේ රිෂාඞ් බෝම්බකරුවන්ගේ පියාට දුන් තඹ බලපත්‍රය මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික රූපවාහිනී චැනල් රටටම පෙන්නුවේ හොලිවුඞ් චිත්‍රපටයක් පෙන්වනවා මෙන්ය.

‘මුන් හිටියොත් හම්බයෝ රට අල්ලයි… රටම පුපුරුවයි…’

මේ එදා සාමාන්‍ය ජනතාව රූපවාහිනී චැනල් පෙන්වන වීඩියෝ සහ නිවුස් බලල කී කතාවය. 

‘කෝ… අද ඒ වීඩියෝ පට…’

‘කෝ ඒ තඹ බලපත්‍ර…’

අද කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැත.

රිෂාඞ් නිදහස් වූවා පමණක් නොව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද මුදාහරිනු ලැබීය. හිස්බුල්ලා 2019 ජනාධිපතිවරණයේත්, 2020 මහ මැතිවරණයේත් පොදුජන පෙරමුණ දිනවන්න මඩකළපුවේ බැහැලා වැඩකළේය. අද හිස්බුල්ලා මඩකළපුවේ ඉන්නේ රජෙක් වගේය.

ගෝඨාභය දින්න විගස 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණ නඩුවේ මහින්දට එරෙහිව උසාවියේ කතා කළ හිජාස් හිස්බුල්ලා පාස්කු බෝම්බයේ මොළකරුවෙක් කියා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු කෙළින්ම පාස්කු බෝම්බයට සම්බන්ධ යැයිද ඔහුට විදේශ රටවලින් මුදල් එවා තිබෙනවා යැයිද ආණ්ඩුවට කඬේ යන පුද්ගලික මාධ්‍ය 2020 මහ ඡන්දය අවසන් වනතෙක් පුවත් මැවූහ.

2020 මහ ඡන්දය දින්න විගස පොදුජන පෙරමුණු ආණ්ඩුව රිෂාඞ්ගේ සහ හකීම්ගේ මන්ත්‍රිවරු බාගෙන තුනෙන් දෙක හදාගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේය. ඊයේ පෙරේදා හිජාස් හිස්බුල්ලා නිදහස් කරනු ලැබීය. බලයට ආ විගස පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමඟ යවනවා යැයි කී ඇමෙරිකානු හමුදා ලංකාවට පැමිණ උතුරු – නැඟෙනහිර ඒකාබද්ධ නාවික හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

‘කෝ බොල එතකොට මහ මොළකාරයා…?’

කාදිනල් හිමි පමණක් නොව කතෝලික පල්ලියම මරලතෝනි දෙන්නේ, වෙන්නේ මොනවද කියා අදහාගත නොහැකිවය.

එදා කාදිනල් හිමිව මහ මොළකාරයා හොයන්න වටේ අරන් ගිය පොදුජන පෙරමුණේ නායකයෝ, දේශප්‍රේමී හාමුදුරුවරු කිසිවෙක් අද කාදිනල් හිමි හෝ කතෝලික පල්ලිය සමග නැත. ඒ වෙනුවට පූජක සිරිල් ගාමිණීලා පූජක ජූඞ් ක්‍රිශාන්ත මහ මොළකරු කෝ කියල ඇහුවා කියා රහස් පොලිසි ගානේ ගෙන්වා ප්‍රශ්න කරයි.

කාදිනල් හිමිත් කතෝලික පල්ලියත් ලොකු රැවටීමකට ලක්කොට ඇති බව පෙනේ. කාදිනල් හිමි ජනාධිපතිවරණය දින උදේම ගිහින් ඡන්දය දමන්න යැයි කතෝලිකයන්ට කීවේ ඒ රැවටීමට අහුවෙලාය. රැවටීමේ ප්‍රතිඵලය ලැජ්ජාවය. ලැජ්ජාවේ ප්‍රතිඵලය කෝපයය.

පාප්වහන්සේ කියන්නේ පෝලන්තයේ කොමියුනිස්ට් ආණ්ඩුව පෙරළා ලෝකයේම කොමියුනිස්ට්වාදය බිඳ දමා ඇමෙරිකාවට සහ යුරෝපයට, සෝවියට් දේශය කෑලි කෑලිවලට කඩා පොළොවට සමතලා කරන්න පාර කපපු තනතුරකි.

මේ ආණ්ඩුව කතෝලිකයන්ගේ කඳුළ, පල්ලියේ ලැජ්ජාව විහිළුවකට ගන්නවා නම් එය ඇස් රතු වෙන විහිළුවක් බවට පත්වීමට ඇති ඉඩ සුළුපටු නොවේ.  

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල මරා දැමීමේ කුමන්ත්‍රණයක්! ප්‍රහාරයේ උණුසුම යන්නත් කලින් තවත් හෙළිදරව්වක්! (VIDEO)

Next Post

මානව හිමිකම් කැඩීම ගැන නිර්දේශ-යෝජනා ඇතුළත් තවත් වාර්තාවක් ජනපති අතට!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.