• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගයාන්ට එකපාරටම නළු උණක් ඇවිල්ලද? දැන් තමයි මගේ හොඳම කාලේ!

February 15, 2022
in Exclusive, Heart
Reading Time: 3 mins read
A A
ගයාන්ට එකපාරටම නළු උණක් ඇවිල්ලද? දැන් තමයි මගේ හොඳම කාලේ!
Share on WhatsAppShare on Facebook

ලංකාවෙන් ගියේ කිසිම කළකිරීමකින් නෙවේ…
තාත්තගේ සින්දු කියලා හිට් වෙන්න ඕනේ නෑ…
මම ප්‍රසංග වේදිකාවට ගොඩ වීමට අකැමැති කෙනෙක්…

කලක් මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වෙනස් මියුරු හඬ රාවයක් මුසු කළ ඔහුගේ හඬ, වසර ගණනාවකට පසු ‘හිතෙන තරම්’ ගීතය තුළින් නැවැත ඔබට අසන්නට ලැබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ ආදරණීය පුත්රුවන ගයාන් පෙරේරා ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් වසර අටකට පසු ගයාන් ලංකාවට ඇවිත් මොනවද කරන්නේ කියලා දැනගන්න අපි ගයාන්ට කතා කළා.

කොහොමද ගයාන්..?
හොඳයි… මගේ සංගීත කටයුතු සමග කාලය ගතකරමින් ඉන්නවා…

මේ දවස්වල ගයාන්ට ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා ඇති නේද..?
වැල නොකැඩී එක දිගට ආරාධනාවන් ගලාගෙන එනවා. ඒත් මම එහෙම ප්‍රසංග සඳහා සම්බන්ධ වීමට ගියේ නැහැ. තෝරාගත්ත ප්‍රසංග කිහිපයකට විතරක් සම්බන්ධ වුණා පසුගිය දවස්වල. මම ටිකක් ප්‍රසංග වේදිකාවට ගොඩ වීමට අකැමැති කෙනෙක්.

එහෙම ප්‍රතික්‍ෂේප කරමින් පැත්තකට වෙලා ඉන්න එක හරි නැහැ නේද..?
ප්‍රසංග සංවිධාන කරන විදිය අවුලක් දකින නිසා තමයි මම වැඩිය සම්බන්ධ නොවන්නේ. ඔවුන් තුළ තිබෙන කාර්යබහුලත්වය නිසා සමහර විට එහෙම වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් උපරිම දෙය ඒ පුංචි කාලය තුළ කරන්න අපහසුයි. ප්‍රසංග අත්දැකීම මට වගේම ප්‍රේක්‍ෂකයින් උපරිම විඳින්න ඕනෑ. නැතුව වේදිකාවට ගොඩවෙලා සින්දුවක් කියලා ආවා කියලා ප්‍රසංග අත්දැකීම විඳින්න බැහැ.

ගයාන් ලංකාවට ආවේ වසර කිහිපයකට පසුයි. කොහොමද දැනෙන වෙනස..?
මම ලංකාවෙන් ගියේ කිසිම කලකිරීමකින් නෙවේ. මේ ක්‍ෂේත්‍රය ගැන මගේ උසස් අධ්‍යාපනය සඳහා තමයි මම ඇමෙරිකාවට ගියේ. ඉතින් අද ඇවිත් බලන විට අනෙකුත් කර්මාන්තවලට වඩා සංගීත ක්‍ෂේත්‍රයේ ලොකු පිබිදීමක් මම දකිනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මම හිතනවා දැන් තමයි මගේ හොඳම කාලය කියලා. මගේම ගීත නිර්මාණ කිහිපයක් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට රසවිඳීමට ඉඩකඩ සැලසීම තමයි දැන් මගේ සූදානම.

‘ජිප්සීස්’ සමග පූර්ණකාලීනව රැඳෙන්නද අදහස..?
මම ‘ජිප්සිස්’ සංගීත කණ්ඩායමට සම්බන්ධයක් නැහැ. එයට කළමනාකරණය පැත්තෙන් මමයි, අයියයි සම්බන්ධයි. නමුත් මම එහි පූර්ණකාලීන සාමාජිකයෙක් ලෙසට කටයුතු කළෙත් නැහැ. එහෙම කටයුතු කරන්න අදහසකුත් නැහැ. එහි වැඩකටයුතු කරගෙන යන්නේ මගේ පියල් බාප්පා. මට ‘ජිප්සීස්’ කණ්ඩායමට සින්දුවක් කියන්න කියලා ආරාධනාවක් ලැබුණොත් ගායනා කරනවා.

‘හිතෙන තරම්’ ගැන කතා කළොත්..?
මගේ අලුත්ම සින්දුව ‘හිතෙන තරම්’ තනුව සහ පද රචනය කළේ මම. සංගීත අධ්‍යක්‍ෂණය චරිත අකලගේගෙන්. ‘හිතෙන තරම්’ සින්දුවේ රැප් කොටස ගායනා කරන්නේ මානසික් කියලා රැප් ගායන ශිල්පියෙක්. ‘හිතෙන තරම්’ ගීතය අපි රූප රචනාවක් නිර්මාණය කළා. එය නිර්මාණය කළේ භාරත හෙට්ටිආරච්චි. අනුරාධා එදිරිසිංහ තමයි රඟපාන්නේ.

ඉස්සරහට තාත්තගේ සින්දු ගායනා කරන එකක් නැද්ද..?
තාත්තාගේ සින්දු ගායනා කරමින් මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම හිතන්නේ තාත්තාගේ සින්දු ගායනා නොකරන එකම පුතා මම වෙන්න පුළුවන්. කවුරු කියන්න කිව්වත් කියන්න අදහසක් නැහැ. මගේ තාත්තාට ගොඩාක් ප්‍රේක්‍ෂකයන් ආදරය කරන බව මම දන්නවා. නමුත් තාත්තාගේ සින්දු කියලා ජනප්‍රිය වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. මට ඕනෑ මම යන ගමන මගේ උත්සාහයෙන් යන්න තමයි.

‘හිතෙන තරම්’ ගීතයේ ඔබේ රඟපෑම දැකලා ඉදිරියේදී රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්..?
රඟපාන්න ආරාධනා ලැබුණා. රංගනයට මම ගොඩාක් ගරු කරනවා. නමුත් එය ආවට – ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ හැදෑරීමක් සමග තමයි මේ ගමන යන්න ඕනෑ. ඉතින් හොඳ නිර්මාණයකින් හොඳ අධ්‍යක්‍ෂවරයකු මට ආරාධනා කළොත් පුහුණුවක් ඇතිව මම නිර්මාණයට සම්බන්ධ වෙන්න කැමැතියි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ණය මුදල සැකසෙන තුරු ඉන්දියාව තෙල් ටිකක් එවයි! ගම්මන්පිල ගිහින් බාරගනී!

Next Post

ජනතාව පාපැදියට පුරුදු වෙන්න ඕනෑ! ආර්ථිකය හොඳ වුණොත් ඇමැතිවරුත් මාසෙකට දවසක්වත් පාපැදියෙන් ඒවි! අමරවීරගෙන් අමර කතාවක්!

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.