• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝල්ෆේස් පිටියයි සල්ගාදු පිටියයි! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 13, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝල්ෆේස් පිටියයි සල්ගාදු පිටියයි! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2017 මැයි දිනය වන විට රාජපක්ෂලාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය හිටියේ දේශපාලන වශයෙන් මහත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දීය. ඒ වන විට 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ‘මහින්ද සුළඟ’ රැස්වීම් මාලාව හරහා රාජපක්ෂවරුන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය යන්තම් අළු ගසා දමා නැඟිටින්න සූදානම් වුවත් මහ මැතිවරණ පරාජයත් සමග එයද ලත් තැනම ලොප් වී තිබිණි. ඒ නිසා අවස්ථා ගණනාවකදීම ඒකාබද්ධ විපක්ෂය රැස්වීම් පවත්වා ඔළුව උස්සා ගැනීමට උත්සාහ කළත් ඒ සෑම රැස්වීමක්ම සාමාන්‍ය මට්ටමේ රැස්වීම්වලට සීමා වූ නිසා ඇඟට දැනෙන වැඩක් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණේ නැත.

ඒ අතරවාරයේ රාජපක්ෂවරුන් දඩයම් කිරීමේ මෙහෙයුමක් යහපාලන ආණ්ඩුව පැත්තෙන් දියත්වී තිබීම හේතුවෙන් වරින් වර රාජපක්ෂවරුන්ට රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුවිය. ඒකාබද්ධ විපක්ෂයේ සියලු ඉදිරිපෙළ නායකයන්ට නඩු දමා තිබීම නිසා ඔවුන්ට සිදුවූයේ ගෙදර සිටිනවාට වඩා වැඩි කාලයක් උසාවිවල රස්තියාදු වෙවී ඉන්නටය. මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ සමහරු ඒ දවස්වල නඩුහබවලින් බේරෙන්න මෛත්‍රිපාල එක්ක ඩීල් දමාගෙන ආණ්ඩුවට එකතු වෙන්න රහස් සාකච්ඡා පවත්වමින් සිටියහ.

2017 මැයි දිනය පැමිණියේ රාජපක්ෂවරුන්ටත්, ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ටත් වැලේ වැල් නැතිව කරන්නේ මොකක්ද කියා සිතාගන්න බැරිව සිටි වෙලාවකය. ඒ වන විට ඒකාබද්ධ විපක්ෂය මැයි රැලි දෙකක් පවත්වා තිබුණත් ඒවායේ ඒ තරම් ලකයක් දැකගන්නට තිබුණේ නැත. ඒවාද පෙළපාළිවලට වඩා කුඩා පිට්ටනියක තියන රැස්වීම්වලට සීමාවී තිබිණි. ඒ නිසා 2017 මැයි රැලියේදී ගැම්මක් ගෙන පිම්මක් පැන්නේ නැතිනම් ඒකාබද්ධ විපක්ෂයට පමණක් නොව රාජපක්ෂවරුන්ටත් ඇඩ්‍රස් නැති වෙන බව සියල්ලෝම ඉවෙන් මෙන් දැන සිටියහ.

මේ තත්ත්වය අන් සියල්ලන්ටමත් වඩා අවබෝධ කරගෙන සිටි එක් අයකු ඒකාබද්ධ විපක්ෂයේ සිටියේය. ඒ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය. ඒ නිසා කම් ඕ ගෝ චිකාගෝ කියලා බැසිල් 2017 මැයි රැලිය ගෝල්ෆේස් පිටියේ තියන්න තීන්දු කළේය. බැසිල්ගේ මේ තීන්දුව දැනගත් වහා ආණ්ඩුවටත් වඩා හයියෙන් හිනාවුණේ ඒකාබද්ධ විපක්ෂයේ සමහර ප්‍රබලයන්ය.

‘මේ පාර නම් බැසිල් අපිව නැත්තටම නැති කරලා දාන්නයි යන්නේ. අපට පුළුවන්ද විපක්ෂයේ ඉඳන් ගෝල්ෆේස් එක පුරවන්න සෙනඟ ගේන්න? මැයි පළමුවැනිදායින් පස්සේ කට්ටියම හිරේට යන්න ලෑස්ති වෙලා ඉන්න…’

දවස ගානේ උසාවි ගිය ඒකාබද්ධ විපක්ෂයේ සමහර නායනයන් බැසිල්ගේ ගෝල්ෆේස් තීන්දුව විවේචනය කළේ එහෙමය.

‘අන්න බැසිල් මැයි පෙළපාළිය ගෝල්ෆේස් එකේ තියන්න යනවා. ජේ.ආර්.ගෙන් පස්සේ කවදාවත් ආණ්ඩු බලය තිබිලත් ගෝල්ෆේස් එක පුරවන්න බැරි වුණා. මෙදා පොටේ බැසිල් ඒකාබද්ධ විපක්ෂයෙ ඉන්න තුන් හතර දෙනාත් නැති කරල තමයි පස්ස බලන්නේ…’

ආණ්ඩුවේ සමහරු හිනාවෙවී කීවේ එහෙමය කතාවක්ය.

හැබැයි බැසිල් හැමෝම හිනාවෙද්දී මහා ජන ගඟක් අරන් ඇවිත් ගෝල්ෆේස් එක පුරවලා පෙන්නුවේය. හිනාවෙවී හිටපු ආණ්ඩුවේ ඇස් ඇරුණේ බැසිල් ගෙනා ඒ සෙනඟ කන්දරාව දුටුවාට පසුවය. යහපාලන ආණ්ඩු විරෝධයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ ඒ ගෝල්ෆේස් පිට්ටනියට ආ දැවැන්ත සෙනග කන්දරාවය. බිඳවැටෙමින් තිබුණු රාජපක්ෂ කඳවුර යළි පණගහලා කෙළින් කටින් හිටගත්තේ ඒ රැලියෙන් පසුවය.

කොරෝනාවලින් පස්සේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවටත් පසුගිය අවුරුදු එකහමාරේ ලබා තිබුණේ 2017 මැයි රැලිය පවත්වන්න පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට ලබා තිබුණු කල දසාවමය. පසුගිය කාලය පුරාම ආණ්ඩුවට එකපිට එක ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබිණි. එහෙන් පොහොර ප්‍රශ්නය නිසා ගොවියෝ දවස ගානේම සිටියේ කුඹුරේ නොව පාරේය. ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඉන්ධන පෝලිම් හැම තැනම දැකගන්නට ලැබිණි. තැන තැන ගෑස් පිපිරීමේ සිදුවීම් දිනපතාම වාර්තා විය. ඩොලර් නැතිව රටට එන භාණ්ඩ හිඟ විය. විපක්ෂයේ අයටත් වඩා ආණ්ඩුවේ සිටින සමහරු ආණ්ඩුව විවේචනය කළහ. ඒකට හේතුව ආණ්ඩුවට බණින්නේ නැතිව මහ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබීමය. සමහර තැන්වල ආණ්ඩුවෙ මැති ඇමැතිවරුන්ට හූ සංග්‍රහ නොඅඩුව ලැබිණි. ගෝඨාභය පවා ප්‍රසිද්ධියේම මැති ඇමැතිවරුන්ට කියා සිටියේ හූ තිබ්බත් කමක් නෑ ගම්වලට යන්න කියාය.

එදා ඒකාබද්ධ විපක්ෂයේ නායකන්ට ඔළුව උස්සන්න බැසිල් ගෝල්ෆේස් ගේම ගැහුවා වගේ මෙදා ආණ්ඩුවට ඔළුව උස්සගන්න බැසිල් සල්ගාදු පිටියේ ගේම ගැහුවේ එහෙම තත්ත්වයක් නිර්මාණය වී තිබියදීය.

‘අපට ගමට යන්න බෑ. මිනිස්සු මරන් කන්න හදනවා. ඉතින් අපි කොහොමද පිට්ටනියක් පුරවන්න සෙනඟ අරන් එන්නේ…?’

එදා ගෝල්ෆේස් පිටියට සෙනඟ ගේන්න කියද්දී සමහර නායකයන් කිව්වා වගේම සල්ගාදු පිටියටත් සෙනඟ ගේන්න කියද්දී සමහර මැති ඇමැතිවරුන් නාහෙන් ඇඬුවේ එහෙම කියමින්ය. බැරි අයට කුදගහගන්න කියා බැසිල් එදා ගෝල්ෆේස් පිටිය පිරෙව්වා වගේම කිසිදු අපහසුවකින් තොරව සල්ගාදු පිටියත් පුරවලා ආණ්ඩුවට ඔක්සිජන් අරන් දුන්නේය.

වෙනදා නම් ගෝඨා සිටියේ පොහොට්ටුවේ කිසි රැස්වීමකට සහභාගි නොවන ප්‍රතිපත්තියකය. වෙනකක් තබා පසුගිය කාලයේ නෙලුම් පොකුණේ පැවැති පොහොට්ටුවේ සංවත්සර උළෙලට පවා ගෝඨා සහභාගි වී තිබුණේ නැත. හැබැයි මේ පාර පොහොට්ටුවේ ප්‍රධානීන් පවා මවිත කරමින් ගෝඨා සල්ගාදු පිටියේ පොහොට්ටු වේදිකාවට ගොඩවිය. එසේ ගොඩවී ඉදිරි අවුරුදු තුන රට ගොඩනගන ආකාරය ගැන පැහැදිලි ප්‍රතිඥාවක්ද ගෝඨා රටට දුන්නේය.

මේකෙන් එකක් පැහැදිලිය. ඒ, එදා ගෝල්ෆේස් රැලියෙන් ඒකාබද්ධ විපක්ෂය ගැම්ම ගත්තා සේ මෙදා සල්ගාදු පිටියේ රැලියෙන් පොහොට්ටු ආණ්ඩුව ගැම්ම අරගෙන ඇති බවය.

අනෙක් අතට ගෝඨා පොහොට්ටු වේදිකාවට ගොඩවීමෙන් තමන් 2024ත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකා බවට ඉඟියක් දීමද මේ හරහා සිදුවිය. ඒ අනුව 2019 මෙන්ම ගෝඨාගේ ජනාධිපතිවරණ සටන 2024දීත් ශක්තිමත් කරනු ඇත්තේ අගමැතිවරයා වශයෙන් මහින්දය. 2019 මෙන්ම ජයග්‍රාහී ජනාධිපතිවරණ සටන මෙහෙයවනු ඇත්තේ හැමදාම පක්ෂයට ඔක්සිජන් දී කෙළින් කටින් හිටවපු බැසිල්ය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ජන්දය අත ළඟයි! සල්ලි නැතිවත් ආණ්ඩුව සමෘද්ධිය 28%කින් ඉහළ දාන්න තීන්දු කරයි!

Next Post

බයිඩන්ගේ ළඟම හිතවතෙක් චන්ද්‍රිකා හමුවෙන්න ලංකාවට ඇවිල්ලා!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.