ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ හිටපු උපදේශක සහ හිටපු සෙනට් සභික බොබ් කෙරී මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් සිදුව ඇත.
හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේදී පැවැත්වී ඇති මෙම හමුවේදී දෙරටට බලපාන පොදු කරුණු කිහිපයක් පිළිබඳ සුහද සාකච්ජාවක් සිදුව ඇත.
පෞද්ගලික සංචාරයක් සඳහා කෙරී මහතා ලංකාවට පැමිණ ඇති බවද දැනගන්නට තිබේ.










