ලබන පෙබරවාරි 28 වැනි දින ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී සටන්කාමීත්වය ඉවත දමා ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
දැනටමත් බ්‍රිතාන්‍යය විසින් ලංකාවට එරෙහිව මෙවර මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර එහි දළ කෙටුම්පතක් ආණ්ඩුව අතට පත්ව ඇතැයිද දැනගන්නට ඇත.
ඒ අනුව මෙවර යෝජනාව ඉදිරිපත් වූ විට ඊට ජන්දයක් නොඉල්ලා එම යෝජනාව සමග ඉදිරියට යාමට ආණ්ඩුව තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.










