හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට යළි පාර්ලිමේන්තුවට පැමිණීම සදහා ඉල්ලා අස්වීමට ශ්රීලනිප ජාතික ලයිස්තු මන්ත්රී මලිත් ජයතිලක මහතා මුලින් කැමැත්ත පළ කොට තිබුණද මේ වනවිට ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්රකාශ කර ඇති බව දැනගන්නට ඇත.
සිරිසේන මහතාගෙන් ලැබෙන දුරකතන ඇමැතුම්වවලට පවා මලිත් ජයතිලක මහතා මේ වනවිට පිළිතුරු ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව මෛත්රීපාල සිරිසේන මහතාගේ යළි පාර්ලිමේන්තු පැමිණීමේ සිහිනය බොද වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
මීට කලින් සිරිසේන මහතා ඩිලාන් පෙරේරා, ශාන්ත බණ්ඩාර වැනි ජාතික ලයිස්තු මන්ත්රීවරුන්ගෙන් ද ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියද ඒ මහත්වරුන්ද එය ප්රතික්ෂේප කොට තිබිණ.











