• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩින් ඇවිත් මහින්දව හොඳ කරලා උඩින්ම ගිය කව්ද මේ දොස්තර නූර්දීන්!

February 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දගේ කොන්දේ අමාරුවට බෙහෙත් දෙන්න එංගලන්තයේ ඉඳන් ගෙන්වූ කවුද මේ මහාචාර්ය හිලාලි නූර්දීන්!
Share on WhatsAppShare on Facebook

‘මහින්ද මහත්තයට හදිසි ඔපරේෂන් එකක්ලු. උදේ තමයි නවලෝක ඉස්පිරිතාලෙට ඇතුළු කරලා තියෙන්නේ. ඔය නවලෝක හොස්පිට්ල් එක ළඟ හමුදාව හුඟක් දාලා ආරක්ෂාව දාලා තියෙන්නෙ ඒකයි…’ කොළඹ නවලෝක රෝහල ආසන්නයේ කඩපිලක සිටි මිනිසකු තවත් මිනිසකුට කියන්නට ගත්තේය.

‘මොකක්ද දන්නෙ නැහැ ඔපරේෂන් එක? මහින්ද මහත්තයා පසුගිය ටිකේ ලෙඩ ගානෙ වගේමයි හිටියේ…’ අනෙක් මිනිසා කියන්නට ගත්තේය.

‘හරියට දන්නෙ නැහැ. කොන්දෙ අමාරුවකට කරන එකක් කියල තමයි සමහරු කියන්නේ. සමහර පත්තරවල දාලා තිබුණලු එහෙම…’ මුල් මිනිසා කීවේය.

මිනිසුන් දෙදෙනාගේ කතාව සමහර විට එතැනින් නිමාවට පත්වන්නට ඇත.

මහින්ද රාජපක්ෂ නමැති මිනිසා සත්‍ය ලෙසම මෙරට දේශපාලන පීඨිකාව තුළ සුවිශේෂ චරිතයකි. වත්මන් රජයේ වෙනත් දේශපාලකයන් මෙන් නොව ඔහු කෙරෙහි ජනතාව තුළ ඇත්තේ යම්කිසි පැහැදිලි සුමට චිත්‍රයක් යැයි අවිවාදයෙන් පිළිගත හැකිය. කෙසේ හෝ මෙකල එම චිත්‍රය කුමන ආකාරයකින් පවතින්නේ දැයි විග්‍රහ කිරීමටද අවශ්‍ය නැත. මෙවන් වටපිටාවක් තිබියදී පසුගියදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යම් සැත්කමක් සඳහා කොළඹ නවලෝක රෝහලට ඇතුළු වූයේය. මෙය මුලින්ම මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්වූයේ හදිසි සැත්කමක් සිදුකිරීමක් ලෙසය. එහෙත් පසුව දැනගන්නට ලැබුණේ එය සැලසුම් කරන ලද වෛද්‍ය ප්‍රතිකාරයක් බැව්ය. එනම් මහින්ද රාජපක්ෂ මහතාගේ කොන්දෙහි (කොඳු නාරටි පද්ධතිය) සිදුකරනු ලබන සැත්කමක් ලෙසට ප්‍රකාශ විය.

කෙසේ හෝ ඔහුට මෙම සැත්කම සිදුකර අවසානය. මේ සඳහා ඔහු නවලෝක රෝහලෙහි ගතකර ඇත්තේ දිනක කාලයක් පමණක් යැයි කරුණු ප්‍රකාශ වෙයි. මෙම සැත්කම සිදුකිරීම සඳහා සහභාගි වූ ප්‍රධානම වෛද්‍යවරයා මෙරට වෛද්‍යවරයකු නොවීය. එනම් ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බි්‍රතාන්‍ය ජාතික විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සැත්කම සඳහාම එංගලන්තයේ සිට මෙරටට පැමිණ, දින දෙකකින් නැවත එංගලන්තයට පිටත්ව ගියේය. මෙම සිදුවීම පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළේය. මෙම සිදුවීමට සම්බන්ධ සුවිශේෂ වෛද්‍යවරයා කවුද? ඔහු ශ්‍රී ලංකාවට අප්‍රකට චරිතයක් හෙයින් ඔහු ගැන සොයාබැලීමට අප කටයුතු කළෙමු.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හිලාලි නූර්දීන් යනු මෙම සුවිශේෂ වෛද්‍යවරයාගේ නාමයයි. ඔහු ශ්‍රී ලාංකිකයකු වන අතර එහෙත් මෙයට දශක හතරකට පෙර එංගලන්තයට සංක්‍රමණය වූ පුද්ගලයකු වෙයි. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හිලාලි නූර්දීන් දැනට බි්‍රතාන්‍ය පුරවැසියකු ලෙස එංගලන්තයේ ජීවත් වෙයි. මොහු විකලාංග සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස එරට ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක සේවය කරයි. මූලික වෛද්‍ය උපාධි කිහිපයකට අමතරව ඔහු එංගලන්තයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ උසස් උපාධි දෙකක් හිමිකරගෙන ඇත. එසේම විශේෂ වෛද්‍ය හිලාලි නූර්දීන් මහතා එංගලන්තයේ සහ ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධරයකුද වෙයි. ඔහු වැඩිහිටියන්ගේ පමණක් නොව දරුවන්ගේද විකලාංග සහ කොඳු ඇට පෙළේ රෝග සඳහා ඉතා දක්ෂ වෛද්‍යවරයකු ලෙස ප්‍රකටය. මහින්ද රාජපක්ෂ මහතාගේ කොඳු ඇට පෙළේ රෝගී තත්ත්වය සඳහා ඔහු ප්‍රතිකාර කර ඇත්තේ එහෙයිනි. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරද එක් වතාවක් මෙරටට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිකාර සිදුකර ඇත. ඉන් පසුව රාජපක්ෂ මහතාගේ රෝගී තත්ත්වය සුවපත්වී ඇති අතර නැවත රෝගය පසුගියදා ඉස්මතුවී ඇත. මෙහිදී සිදුකර ඇත්තේ කෙටි ශල්‍යකර්මයක් හරහා විශේෂ එන්නතක් ලබාදීමය.

විශේෂඥ වෛද්‍ය හිලාලි නූර්දීන් මහතා දැනට එංගලන්තයේ ප්‍රධානතම පෙළේ ජාතික රෝහල් දෙකක ස්නායු ශල්‍ය සහ විකලාංග රෝග ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි. එම විශාල රෝහල් දෙක වන්නේ රාජකීය ජාතික විකලාංග රෝහල සහ ජාතික ස්නායුවේද සහ ස්නායු ශල්‍ය මහ රෝහල වෙයි. මෙයින් සත්‍ය ලෙසම පෙනී යන්නේ වෛද්‍යවරයකු ලෙස ඔහුට ලැබී ඇති පිළිගැනීම සහ ගෞරවයයි. පුද්ගලික රෝහල්වලට වඩා එංගලන්තයේ රාජ්‍ය පාලනයට අයත් රාජකීය සහ ජාතික රෝහල් දෙකක මෙලෙස ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයකු වීම අතිශයින්ම අවධානයට ලක්විය යුතු කරුණකි. එයින් තවත් කරුණක් ලෙස පෙනී යන්නේ වෛද්‍ය නූර්දීන් සතු හැකියාව සහ දක්ෂතාවයි. මේ අතර ඔහු එංගලන්තයේ ප්‍රධානතම ළමා රෝහලක සහ තවත් පුද්ගලික රෝහල් තුනකද ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරයි. මෙයින් පෙනී යන්නේ ඔහු ඉතා විශාල ඉල්ලුමක් ඇති කාර්යබහුල වෛද්‍යවරයකු බැව්ය.

මේ අතර විශේෂඥ වෛද්‍ය හිලාලි නූර්දීන්ගේ අනෙක් විශේෂත්වය වන්නේ ඔහු වෛද්‍ය විශ්වවිද්‍යාල කිහිපයකම ප්‍රධාන මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීමය. එංගලන්තයේ විශ්වවිද්‍යාල කිහිපයකට අමතරව ඔහු ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහ මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයේද ස්නායුවේද, ස්නායු ශල්‍ය සහ විකලාංග රෝග ප්‍රධාන මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි. මේ අතර මැද පෙරදිග තිබෙන ඉතා ධනවත් රටවල් වන අබුඩාබි සහ ඩුබායි වැනි රටවල ඇති සුපිරි රෝහල්ද මෙම සුවිශේෂ වෛද්‍යවරයාගේ සේවය ලබාගනියි. ඔහු එංගලන්තයේ රාජකීය කටයුතු සිදුකරමින් සිටින අතරවාරයේදී මෙසේ තම දක්ෂතාව අනෙක් අවශ්‍ය පාර්ශ්වවලටද ලබාදෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේද මේ ආකාරයටය. මහාචාර්ය හිලාලි නූර්දීන්ගේ හෙළිවන තවත් විශේෂ පුවතක් නම් ඔහු 1983 වසරේදී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයද උසුලා තිබීමය.

විශේෂ වෛද්‍ය හිලාල් නූර්දීන් ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහා පසුගියදා සිදුකළ ස්නායු ශල්‍යකර්මය ‘ලැමිනෙක්ටොමි’ ලෙසින් සඳහන් ප්‍රතිකාරයක් බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා පැයකට අධික කාලයක් ගකතවී ඇත. මෙම ශල්‍යකර්මය සිදුකිරීමේදී ඉතා දැඩි අවධානයකින් සිදුකළ යුතු එකක් ලෙස පැවසෙන අතර යම් හෙයකින් එය අසාර්ථක තත්ත්වයට පත් වුවහොත් රෝගියා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්විය හැකි බැව්ද පැවසෙයි. මොළයේ සහ කොඳු නාරටි පද්ධතියේ ශල්‍යකර්ම යනු අතිශය බැරෑරුම් ඒවා වන අතර, එම ශල්‍යකර්ම සිදුකිරීමට දක්ෂ වෛද්‍යවරුන් සිටින්නේද අතලොස්සකි. කෙසේ හෝ විශේෂ වෛi හිලාලි නූර්දීන් මේ සඳහා සුවිශේෂ දක්ෂකම් ඇති වෛද්‍යවරයකු ලෙස ලොව වටා ප්‍රකටය. කෙසේ හෝ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සිදුකළ ශල්‍යකර්මය බොහෝ සාර්ථකව සිදුකෙරී ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. මහාචාර්ය හිලාලි නූර්දීන් කෙතරම් කාර්යබහුල වෛද්‍යවරයකු වුවත් ඔහු තම විවේක කාලයේදී ‘පෝලෝ’ ක්‍රීඩාව කරන අතර ඔහු එහි අතිදක්ෂයකු බවද පැවැසෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොළඹ බටහිර ජැටිය ගත්ත ඉන්දියාවේ අදානි ආසියාවේ ‌ලොකුම කෝටිපතියා වෙලාලු! (VIDEO)

Next Post

ඇත්තටම වික්‍රම කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා! මේ සිස්ටම් එක ඇතුළේ හිතට එකඟව කෙළින් තීරණ ගන්න බැහැ…

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.