• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගහපල්ලා බදු පොඩි එවුන්ට නෙමෙයි ලොකු එවුන්ට! ඉන්දියාවෙ එහෙම කියනවා..! අපේ නම් එහෙම කියයිද?

February 8, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
කොරෝනා කාලේ බිලියන ගණන් ලාබ හොයපු සමාගම්වලට බද්දක් ගහපල්ලා! අපිව මරන් කන්න එපා! දුප්පත්කමේ පතුළටම වැටුණු ජනතාවගෙන් ආණ්ඩුවට යෝජනාවක්!
Share on WhatsAppShare on Facebook

සුද්දෝ (බි්‍රතාන්‍ය පාලකයෝ) අපට වෛවාරන (විවිධ) බදු පැනවූහ. “තොටුපොළ බද්ද, රේන්ද බද්ද, ඇඟ බද්ද, මරාල බද්ද, බලු බද්ද” පමණක් නොව ඇතැම් කාන්තාවන්ගේ ලොකුවට තිබුණු පියයුරු වෙනුවෙන් “තන බද්ද” නමින් බද්දක් ද අයකර ඇත්තාහ.

සුද්දා එසේ නානා විධ බදු අය කළේ අපේ රිහිරි මාංශය උරාබීමට මිස වෙන “ඉටි ගෙඩියකට” නොවේ.

සුද්දා අනුව ගිය අපේ ඇතැම් මුදල් ඇමැතිවරුද අපට තන බද්ද නැතත් ඒ ආසන්නයට ළංවන අන්දමේම බදු පැනවූහ.

මහ රෑ fදාළහට ගැසට් එකෙන් පවා බදු පැනවූ අවස්ථාද තිබිණි. ඉන් යහසාදනයට වඩා සිදුවූයේ මහජනයාගේ පාරිභෝගික අත්‍යාවශ්‍ය භාණ්ඩ (කෑම බීම) ටිකට ඇනීමය.
බදු පැනවීමෙන් මහජන ක්‍රෝධ ගින්න නැඟුණත් ඇතැම් බදු සඳහා බදු අඩුකිරීමම මහජන ප්‍රසාදයට ද හේතු වන්නේය.

මේ රටේ ඇතැම් ආණ්ඩු බදු පනවා ඇනගත්තද නුදුරු “රාජපක්‍ෂ” ආණ්ඩුව නම් පනවා තිබූ බදු සීමා සංශෝධනය කිරීම නිසා ගිනස් පොතට වාර්තා ගතවන අන්දමටම ඇනගත්තේය.

ආණ්ඩුව ආ හැටියේම රටේ සල්ලිකාර ව්‍යාපාරිකයනට සහන සලසනු වස් අඩුකළ බද්ද නිසා සාමාන්‍ය ජනයාට “ඌරු ජුවල්” නැග්ගුවා පමණක් නොව රජයට රුපියල් කෝටි පන්සියයක (5,000,000,000) ආදායමක් ද “කා”ගත්තේය.

එපමණක් නම් මදෑ? සීනි ආනයනික බද්ද සත විසිපහකට බස්සා “පස්ස පැත්තේ ටිංකිරි”ද ගාගත්තේය. මේ නිසා පාරට බහින්නට තරම් නො හැකි තත්ත්වයකට පත්ව සිටින පාලක පක්‍ෂයේ දේශපාලනඥයන්ට “ඉඩෝරයට පොඩි පින්නක්” මෙන් පැනවෙන පුංචි පහේ සහනශීලී බද්දක් ගැනද අසන්නට ලැබේ.

ඒ ඉන්දියාවේ “කොවිඩ් අධිභාරයට” සමගාමීව අපේ රටේද පැනවෙන්නට යන බද්දකි.

මොනවා කළත් කිසියම් වෙනසක් කරන අපේ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ“තුමා”ගේ අණින් ඉදිරිපත් කිරීමට යත්න දරන්නේ ඒ “අධිභාර බද්ද”ය.

රුපියල් කෝටි දෙසීයකට (200,00,00,000) වැඩියෙන් ආදායමක් උපයන ව්‍යාපාරිකයන්ගෙන් සහ සමාගම්වලින් සියයට විසිපහක් වශයෙන් අයකිරීමට යෝජිත බද්දය.

බද්ද පැනවෙන කාලපරාසය ගතවූ 2020 සහ 2021 යන මුදල් වර්ෂයට බලපාන්නකි. පෙනෙන්නට තියෙන හැටියට යෝජිත බද්ද සාමාන්‍ය මහජනයාගේ පැත්තෙන් නම්අමන්දානන්දයට හේතුවක්ම වන්නේමය.

අපේ මුදල් ඇමැතිතුමා මේ යෝජනාව මේ වර්ෂයේ අයවැය යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කිරීමටද කටයුතු කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලද නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව මේ වන විට කෙටුම්පත් කර ඇති බවද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කෙරෙන්නේ මෝදිගේ ආණ්ඩුව ගත් තීරණයට පසුව වුවත් ඒ පිළිබඳ නම් පුංචි පහේ සැකයක් අපට තියේ. අපේ මුදල් ඇමැති බැසිල් මහත්තයාගේ යෝජනාවක් අනුව මෝදි ඒ තීරණයට බැස්සාද? නැතහොත් මෝදිගේ යෝජනාවක් අනුව අපේ මහත්තයා වැඩේට බැස්සාද?යන්න ඒ කුකුසය. ඊට හේතුව 2022 වර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත පිළිබඳ විවාදය පවතිද්දීම හදිසියේ බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවට යාම නිසාවෙනි.

ඉන්දියාව “කොවිඩ් අධිභාරය” නමැති බද්ද පැනවීමට තීරණය කර ඇත්තේ කොරෝනා කාලයේ මහා පරිමාණ අන්දමින් ධනය ඉපැයූ ධන කුවේරයන්ගෙනි. එරට අධික ලාභ ඉපැයූ සමාගම් අතරින් මුඛේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගම 2020 මාර්තුවේ සිට 2021 නොවැම්බර් දක්වා වූ කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 334.97 සිට 719 දක්වා ආදායමක් ලබා ඇත.

සීරම් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් ඉන්දියා සහ භාරත් බයෝටෙක් ආයතන දෙකෙහි පමණක් ලාභය සියයට දෙදහසේ (2000%) සිට හාර දහස (4000%) දක්වා බව වාර්තා වේ. ඒ අන්දමින් අධික ලාභ ඉපැයූ ව්‍යාපාරික ස්ථානවලින් බද්දක් අයකර ගැනීම සඳහා වූ යෝජනාව ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමටද කටයුතු කර තිබිණි.

අපේ රටේ ඇතැම් සමාගම්ද නුදුරු අතීතයේදී තම තමන් ඉපැයු ආදායම් පිළිබඳ විස්තරද මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබිණි. ඒ නිසා අපේ මුදල් ඇමැතිවරයාගේ මහජන සද්කාර්යයට ඒ වාර්තා මහෝපකාරිවන්නක් ද විය හැකිය.

“කොරා්නාවෙන් හම්බකරපු කෝටිපතියන්ට බද්දක් ගහපල්ලා – අපිව මරන් කන්න එපා” යන්න පසුගිය 30 වැනිදා “මව්රට” අපේ පත්‍රයේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ මේ රටේ සුවාසූ දහසක් මහජනතාවගේ එක අදහසක් පමණක් හෙයිනි.

මාධ්‍ය යනු මහජන හද ගැහෙන රාවය බව අමුතුවෙන් කිවයුත්තක් ද නොවේ. රාජපක්‍ෂ ආණ්ඩුව ඉදිරි තුන් වසරක කාලයේදී හොල්ලන්නට බැරි අන්දමේ වැඩ ටිකක් පෙන්වන බවට සපථ කළේය.

පනවන්නට යන “අධිභාර බද්ද”ඇත්ත වශයෙන්ම මේ සිහිපත් කරන්නේ ඒ යුගයේ ආරම්භයද?

මහජන (සමාජ) හිතකාමී “අධිභාරයේ” කළල රූපය මෙසේ ආරම්භ වීම දෑහිතකාමී ප්‍රජාවගේ සන්තෘෂ්ටියට හේතු පාදක වුවත් “අපේ දරුවන් ජීවත් විය යුතු මේ අපේ රට” යන හැඟීම් අංශු මාත්‍රයක් හෝ ඇත්තකුට නම් “අධිභාරය” යන්න සිරුරේ ලේ මස්වලට කැවී ඇති ධර්මයකි.

අවභාවිත කළ රාජ්‍ය (මහජන) මුදලක් එසේ අවභාවිත කරනු ලැබූ නිලධාරියාගෙන් අයකර ගැනීම “අධිභාරය” නමි.

මහජන මුදලේ “මුර දේවතාවා” වශයෙන් හඳුන්වනු ලබන “විගණකාධිපති”වරයාට මේ අධිභාර බලය ලබාදෙන ලෙසට වසර පනහකටත් අධික කාලයක් තිස්සේ අවංක රාජ්‍ය සේවකයන්, දෑහිතකාමීන් විද්වතුන් විසින් ඉල්ලනු ලබන්නේ දූෂණය වංචාව අවම කර මහජන දේපොළ ආරක්‍ෂා කිරීමට ලෝකයේ වෙනත් දියුණු රටවල ක්‍රියාත්මක මේ උත්තරීතර ගුණාංගය අප රටේද ක්‍රියාත්මක කරන ලෙසටය. (අධිභාර බලය විගණකාධිපතිවරයාට පවරන ලෙසට ලෝක බැංකුවද කීප වර අපේ වගකිවයුතු අංශවලට (මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය) දැනුම් දී ඇත.

නව විගණන කොමිසම ස්ථාපනය කිරීමේදී ද මේ සම්බන්ධව විශාල උත්සාහයක් ගැනුණද දූෂණය සහ වංචාව ජීවිතයේ පරම විමුක්තිය සේ සලකන දේශපාලන සහ රාජ්‍ය සේවයේ ඉහළ පුටුවලට අරක්ගත් අතලොස්සක් වන කුම්භාණ්ඩයන් නිසා මේ කාර්යය මෙතෙක් ඉටුකරගත හැකි නොවිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බයිසිකලේ… බයිසිකලේ… පෝසත් අපගේ බයිසිකලේ…!

Next Post

කිරුළු ගලවාගෙන.. කෙහෙවලු පටලවාගත්ත රූ රැජිනියෝ ලංකාවේම රෙද්ද ගැලෙව්වාද?

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.