ලංකාවේ සිමෙන්ති මාෆියාවක් ඇති බවත්, ලංකාවට එන සිමෙන්ති බාල බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා හෙළිදරව් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ විශාල ආයතනවලට සිමෙන්ති ලැබෙන බවත්ථ ඒ නිසා ඔවුන් නිහඩව සිටින බවත්ය.
අද සිමෙන්ති කොට්ටයක් රුපියල් 2000 ඉක්මවා ගොස් ඇති බවත්, එක්තරා ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතාවට අනුව සිමෙන්ති මිල වැඩි කොට ඇති බවත් ඒ මහතා සදහන් කරයි.










