ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වැඩවර්ජනවලට වැට බැදීමටත් අරඅඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හකුලාගතයුතු බව විපක්ෂ නායකතුමා පෙන්වා දුන්නේය.
රටේ සම්පත් මහරෑ විකුණා දමන ආණ්ඩුව කම්කරුවන්ව මර්ධනය කිරීමට කටයුතු කරන බවත් කම්කරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතාවගේ පැත්තේ හිටගන්නා බවද විපක්ෂ නායකතුමා පැවසීය.
සමගි ජන බලවේගයේ ජන හමුවක් ඊයේ (30) කැකිරාවේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජනහමුවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
















