වැඩ වර්ජන සිදු කරන වෘත්තීය සමිති තහනම් කළ යුතු බවට අධිකරණ අමාත්‍ය අලි ස්‍රබි මහතා මාධ්‍යට කර තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රකාශයක් තිස්ස කුට්ටිආරච්චි හෝ ඩයනා ගමගේ වැනි අය ප්‍රකාශ කළේ නම් ගණන් නොගෙන සිටිය හැකි බවත්, අධිකරණ අමාත්‍ය ධූරය දරන ජනාධිපතිවරයාට හිතවත් අයකු මෙසේ ප්‍රකාශ කිරීම බරපතළ අනතුරු ඇගවීමක් බවය.










