ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීමට සූදානම් බව,ලන්ඩනයේ, ෆයිනෑන්සියල් ටයිම්ස් වෙබ් අඩවිය සමග පවත්වන ලද සාකච්ජාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ලංකාව විසින් ගෙවිය යුතු ස්වෛරී බැදුම්කර තිබෙන බවත්, එම ගෙවීම් සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීමට අදාල බැදුම්කර හිමියන් සමග සාකච්ජා කරමින් සිටින බවත්, එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද කිසියම් වැඩ පිළිපෙළක් සකසා ගැනීම සදහා සාකච්ජා සිදු වෙමින් පවතින බවත් මුදල් අමාත්‍යවරයා එම වෙබ් අඩවිය සමග පවසා තිබේ.
බැදුම්කර හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබදව සාකච්ඡුා කරමින් සිටින්නේ දැයි වෙබ් අඩවිය මුදල් අමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර, එවැනි දෙයක් පිළිබදව සාකච්ජා කරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා පිළිතුරු ලෙස පවසා තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත්තේ, රට බංකොළොත් වීම වළක්වා ගැනීම සදහා සෑම පාර්ශ්වයක් සමගම සාකච්ජා කිරීමට තමන් සූදානම් බවයි.
එමෙන්ම පවතින සෑම විකල්පයක් පිළිබදව ම තමන් අවධානය යොමු කර තිබෙන බවද ඔහු පවසයි.
මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන හතක ණය ශ‍්‍රී ලංකාව විසින් ගෙවිය යුතු අතර, දැනට රට සතු විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණි.
කෙසේවෙතත් මීට පෙර වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණේ මළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොයන බවකි.










