• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියේ පරීක්ෂණය ගැන කොළඹ මහේස්ත්‍රාත් දුන් නියෝගය!

January 26, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
පල්ලියට තිබ්බ බෝම්බයේ CCTV දර්ශන කාදිනල් හිමි මාධ්‍යට මුදා හරී! බෝම්බෙ ගෙනාවේ නොන්ඩි ගහන පුද්ගලයෙක්! බොරු කියපු පොලිසියට යුනිෆෝම් ගලවන ලෙසට කාදිනල් හිමිගෙන් සැර කතාවක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

බොරැල්ල,  සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇත.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව වන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන 02 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට දන්වා සිටියාය.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවාගෙන සිටින අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු  තුන් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කර සිටියේය.

“ස්වාමීනි.. මෙම බෝම්බය දේවස්ථානය තුළ තිබී සොයාගන්නේ ජනවාරි මස 11 වනදා. එදින දේවස්ථානයේ තිබූ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී පුද්ගලයකු පැමිණ දේවස්ථානය තුළ බෝම්බය තිබී හමුවූ තිබූ ස්ථානයේ සැකකටයුතු ආකාරයෙන් හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. එදිනට කලින් දින එනම් ජනවාරි මස 10 වන දා දේවස්ථානයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළ විටත් මෙම සැක කටයුතු පුද්ගලයා දේවස්ථානය තුළ සැරිසරමින් බෝම්බය තිබුණු ස්ථානය බලාගෙන යන ආකාරයක් දක්නට ලැබෙනවා. පොලිසිය මෙම කරුණු සියල්ල පසෙකලා තමයි මෙම විමර්ශනය සිදු කරන්නේ. මෙම විමර්ශන සිදුකරන ආකාරය වැරදි සහගත නිසයි මෙම CCTV දර්ශන අප ප්‍රසිද්ධියට පත් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන “මුනින්ද්‍රන්” නැමැත්තා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම බෝම්බය තැබූ බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. සිදුවූ දෑ හරියාකාරව විමර්ශනය කරන්නේ නැතිව අහිංසක පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් රඳවාගෙන සිටිනවා.”යනුවෙන් ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා චෝදනා කර සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඊට අදාළ CCTV දර්ශන අධිකරණයට භාර දෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා,

“ස්වාමීනි… පාස්කු ඉරුදින ප්‍රහාරයට දින 1,000ක් සම්පූර්ණ වීම වෙනුවෙන් තේවත්ත දේවස්ථානයේ විශාල දේව මෙහෙයක් ජනවාරි මස 14 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. මෙම බෝම්බය හමුවන්නේ ජනවාරි මස 11 වනදා. හඳුන් කූරක් දල්වා එම බෝම්බය පිපිරී යන ආකාරයට සූදානම් කර තිබුණා. යම් හෙයකින් මෙම බෝම්බය පිපිරී ගොස් තිබුණා නම් ජනවාරි 14 වනදා පාස්කු ඉරු දින සැමරුම් දේව මෙහෙයට ජනතාව එන්න බිය වෙනවා. ඒ නිසා ජනවාරි 14 වනදාට යෙදී තිබුණු පාස්කු ඉරු දින සැමරුම් දේව මෙහෙය අඩාල කිරිමේ අරමුණින් මෙම බෝම්බය තැබුවාද යන සැකය අප තුළ ඇති වී තිබෙනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේය.

එබැවින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි හෙයින් මෙම පරීක්ෂණය එම කොට්ඨාශයෙන් ඉවත්කොට වෙනත් අංශයක් වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා  අධිකරණයෙන් අයැද සිටියේය.

ඉන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

තම සේවාදායකයා දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට 2006 වසරේ විශ්‍රාම ගිය අයෙකු බවත් ඔහු 75 පස් වන වියේ පසුවන බව සඳහන් කළ නීතිඥවරයා ඔහු රෝගාබාධ කීපයකින් පෙළෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

“ස්වාමීනි.. ඉකුත් 17 වනදා  මාගේ සේවාදායකයාගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කඩාවැදුණා. ඔවුන් නිවස සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කළා. නිවැසියන්ගේ සියලුම ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක පොලිසිය භාරයට ගත්තා. එසේ ගත් බවට කිසිදු ලියවිල්ලක් පොලිසිය විසින් ඔවුන් වෙත නිකුත් කර නැහැ. පසුව මාගේ සේවාදායකයා අත්අඩංගුවට ගත්තා. ඔහුගේ නිවසේ තිබී ආයුධ ගබඩාවක් සොයාගත් බවත් ජනමාධ්‍යවල පළ කර තිබුණා. පොලිසිය මෙම නිවස පරීක්ෂා කළේ අධිකරණ නියෝගයක් වත් නැතිවයි. පසුව අපි ජනමාධ්‍යවලින් දැනගත්තා බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී බෝම්බයක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව.” යනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මහතා සඳහන් කළේය.

එම අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයා අමතා මෙම සැකකරුවන් අත්අඩංගුවේ ගැනීම සහ සිදුකර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් එම පනත යටතේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීම අනවශ්‍ය බව පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා,

“ස්වාමීනි ජනමාධ්‍යවල සඳහන් කර තිබුණා 1974 වසරේ මෙම වෛද්‍යවරයා බෞද්ධ කාන්තාවක් සමග විවාහ වීමට සූදානම් වූ අවස්ථාවේදී උදෑසන 10.00 ට පැවැත්වීමට නියමිත දේව මෙහෙය ලබාදීම අදාළ දේවස්ථානයෙන් පූජකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඊට පළිගැනීමක් වශයෙන් ඔහු එම දේවස්ථානයේ මෙම බෝම්බය තැබූ බව. වසර 40කටත් පසුවයි මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට මතක් වී තිබෙන්නේ. විමර්ශන සම්බන්ධයෙන් විවිධ තොරතුරු ජනමාධ්‍යවල පළ කර තිබෙනවා. එහෙත් ඒවා අධිකරණයට වාර්තා වී නෑ. විමර්ශනවලදී අනාවරණය වන රහස්‍ය තොරතුරු ජනමාධ්‍යවලට ලැබෙන්නේ කොහොමද කියන එක බරපතළ ප්‍රශ්නයක්. ඇතැම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන “බී” වාර්තාවෙත් නැහැ. එම නිසා මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින්නේ නම් ඔවුගේ සෞඛ්‍ය තත්ත්වය, පොලීසිය තුළදී ඔහු සැලකීමට භාජනය වන ආකාරය වැනි කරුණු නිරික්ෂණය කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා.” එම නිසා මෙම පරීක්ෂණ අපක්ෂපාතීව මෙහෙය වන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළේ, මෙම විමර්ශනවලට සම්බන්ධ රහස්‍ය කරුණු ජනමාධ්‍ය ඔස්සේ පළ වීම තමන්ට ද ගැටලුවක් බවය.

ඉන් අනතුරුව කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන මිසම භාර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය බරපතළ සිද්ධියක් බව සඳහන් කර සිටියේය.

“ස්වාමීනි.. පොලිසිය විසින් සිදුකරන විමර්ශනවල විනිවිඳභාවය ගැන ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ජනවාරි මස 11 වන දා කාදිනල් තුමන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිදරව් කළා. ඉන් අනතුරුව තමයි බෝම්බය තැබූ බවට සැක කරන පුද්ගලයා ගැන අනාවරණය වුණේ. නැතිනම් පොලිසිය කුමන අතකින් මෙම පරීක්ෂණය කරාවිද? යන්න අපටත් හිතාගන්න බැහැ. කෙසේ වෙතත් මෙම පරීක්ෂණවල අපක්ෂපාතී භාවය, විනිවිඳභාවය, සත්‍යය සොයා නියම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවනවාද යන්න කෙරෙහි මාගේ සේවාදයකයින් දැඩි අවධානයකින් පසු වනවා.” එම නිසා මෙම පරීක්ෂණ නිසියාකාරව සිදුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින විත්තියේ නීතිඥ මහතුන් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා දැඩි සේ කණගාටු වන බව සඳහන් කළේය.

“ස්වාමීනි.. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අප අත්අඩංගුවට ගත්තා. ඉන් එක් අයකු රක්ෂිත බන්ධනාගාර ගත කළා. සෙසු සැකකරුවන් හය දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත් රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. අප කිසිවක් සඟවන්න උත්සාහ කරන්නේ නැහැ. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණය දැනුවත් කරනවා. පුවත්පත්වල පළවන දේවල් අපේ විමර්ශන නෙවෙයි. ඒවා යම් යම් තැන්වලින් අහුලාගත් කෑලි. ඒ සම්බන්ධයෙන් අපට කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තාවලට අදාළ පරීක්ෂණ තවමත් අවසන් නැහැ. කිසිම සැකකරුවෙක් අපි අනවශ්‍ය ලෙස රඳවා ගන්න උත්සාහ කරන්නේ නැහැ. පරීක්ෂණ අවසන් කළ වහාම අපි අධිකරණයට ඉදිරිපත් කරනවා.” යනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින්,

“මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත වරින්වර කරුණු වාර්තා කර තිබෙනවා. එම කරුණු නිරීක්ෂණය කිරීමේ දී යම් විමර්ශනයක් සිදුවෙන බව මටත් පෙනී යනවා. එම පරීක්ෂණය පැවැත්වෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ. ඒ නිසා ජාතික ආරක්ෂාව වගේම පුද්ගලයින්ගේ නිදහස ආරක්ෂා වීමත් වැදගත්. ඒ නිසා පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් විය යුතුයි.” යනුවෙන් සඳහන් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන්ට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් පෙබරවාරි මස 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු තවදුරටත් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසත් අධිකරණය නියෝග කළේය.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

රට බේරගත්තෙ බැසිල්! අපි හොඳට කරලා ජන්දෙකට යනවා! බලමු සජිත්ට වෙන දේ! (VIDEO)

MORE NEWS

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

Load More
2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’Sri Lanka Latest News මේ, 2004 එවක...

Read more
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.