• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අපිට වෙච්ච දේම අල්ලපු රටවල්වලටත් වෙලාද? නැත්නම් මේක අපේ උන්ම කරගත්ත විනාශයක්ද? මේ කියන කතා ඇත්තද?

January 25, 2022
in Exclusive, News, Uncategorized
Reading Time: 7 mins read
A A
අපිට වෙච්ච දේම අල්ලපු රටවල්වලටත් වෙලාද? නැත්නම් මේක අපේ උන්ම කරගත්ත විනාශයක්ද? මේ කියන කතා ඇත්තද?
Share on WhatsAppShare on Facebook

‘ගෑස් පෝලිම් දුටු විදේශීය සංචාරක යුවළ කම්පාවට පත්වෙයි. මිනිසුන්ට කුරුඳු දර තොගයක් බෙදා දෙයි…’ මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු මේ පුවත ඉතා පුදුමය දනවන, සුවිශේෂ වූ කතාවකි. මෙහි පුදුමය වන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ගෑස් මිලදී ගැනීමට නොමැති වීම නොව, එම සිදුවීමට අදාළ වූ විදේශීය සංචාරක යුවළගේ කතාන්දරයයි. මේ දිනවල ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන්නේ යැයි වත්මන් රජයද අණබෙර ගෙසමින් සිටියි. කෙසේ හෝ යම් සංචාරකයන් පිරිසක්ද පැමිණෙමින් සිටියි. එහෙත් මේ පිරිසෙන් බහුතරයක් ‘දුප්පත්’ සංචාරකයන්ය. ඒ අතර ධනවත් සංචාරකයෝ අල්පයක්ද පැමිණෙති. මේ, එවැනි කතාන්දරයකි.

මැදිවිය පසුකළ ධනවත් ජර්මන් ජාතික සංචාරක යුවළක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි සංචාරක හෝටලයක නවාතැන් ගත්තේය. මෙම යුවළගේ සංචාරය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාගත් දක්ෂ සංචාරක මඟ පෙන්වන්නකුද විය. මෙම යුවල පසුගියදා සංචාරක මඟ පෙන්වන්නාද සමග අහුංගල්ල ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉතා දිගු ගෑස් පෝලිමක් දැක විමතියට පත්වී ඇත. ජර්මන් යුවළ වහා රථය නතර කරන්නට යැයි පවසා එම ස්ථානයෙන් බැසගත්හ. තුන්සියයක පමණ පිරිසක් කිලෝමීටරයක පමණ දිගු පෝලිමක අව්වේ වේළෙමින් සිටියහ.

‘මේ මොකද මෙහෙම මිනිස්සු ඉන්නේ? මේ රටේ මිනිසුන්ට ගෑස් ලබාගන්න එක ප්‍රශ්නයක්ද…?’ සංචාරක යුවළ තම මඟපෙන්වන්නාගෙන් විමසා සිටියහ.

‘ඔව් සර්, දැන් ටික කාලෙක ඉඳන් මේ ගෑස් ප්‍රශ්නය රටේ තියෙනවා. මේකට තවම හරි විසඳුමක් නෑ’ යැයි කෙටි පිළිතුරක් මඟ පෙන්වන්නා ලබාදුන්නේය.

‘අපි මේ දසුන දැකලා හරියට කනගාටු වෙනවා. මේ මිනිස්සුන්ට ආහාර උයාගන්න බැරිව හරිම ප්‍රශ්නයකට තමයි මුහුණ දීලා තියෙන්නේ. මේ අයට අපට යම් උදව්වක් කරන්න පුළුවන්ද?’ ජර්මන් කාන්තාව ප්‍රශ්න කරන්නට විය.

‘මැඩම් කැමැති නම් කරන්න දෙයක් තියෙනවා. මේ පැත්තේ මිනිස්සුන්ට දර ටිකක් බෙදලා දෙන්න පුළුවන්. මම ඒක ලෑස්ති කරන්නම්…’ මහත් ශෝකයට පත්ව සිටි ජර්මන් යුවළට මඟ පෙන්වන්නා පැවැසීය.

අවසානයේදී ඔවුහු කුරුඳු දර විශාල ලොරි දෙකක් ගෙන්වාගෙන අහුංගල්ල නගරයේදී ජනතාවට බෙදා දුන්නහ. මිනිසුන්ට කුරුඳු දර මිටි ලබාගෙන දින ගණනක් උයාපිහාගන්නට බැරිය. යම් හෙයකින් මේ විදේශීය යුවළ මිනිසුන්ට මුදල් බෙදා දුන්නේ නම් මිනිසුන් ඒ මුදලින් දර මිලදී ගන්නේ නැත. එහෙයින් මේ කතාන්දරය අතිශයින්ම අවධානය යොමුවිය යුතු මානුෂීය වගතුගකි.

සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය යුවළක් මෙම රටේදී අපේ මිනිසුන් වර්තමානයේදී විඳින දුක මෙලෙස සජීවීව දැක වේදනාවට පත්වීම දුර්ලභ සිදුවීමකි. තවත් ආකාරයකින් වසර 03කට ආසන්න දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකාවට පැමිණි මෙම සංචාරකයන්ට දකින්නට හැකි වන්නේ මෙවැනි දසුන්ද? මේ ආකාරයට ඔවුන්ට ගෑස් පමණක් නොව තවත් නොයෙක් විදියේ පෝලිම්ද දැකිය හැකිය. පසුගිය කාලයේ කිරිපිටිවලටද එවැනි පෝලිම් තිබුණද දැන් ඒවා දක්නට නැත්තේ කිරිපිටි නැත්තටම නැතිවී ගිය හෙයිනි. නුගේගොඩ ප්‍රදේශයේ ස්ථානයක නම් එවැනි පෝලිම් තවද දැකිය හැක්කේ එතැන එක්තරා දේශීය කිරිපිටි නිෂ්පාදකයකුගේ ස්ථානයක් බැවිනි. කෙසේ හෝ රජයේ සතොස වෙළෙඳසල් අසලද නිරන්තරයෙන් පෝලිම් දැකිය හැකිය. 70-77 කාලයේ තිබුණු පෝලිම් යුගය දැන් නැවතත් මෙම රජය යටතේදී බොහෝ සශ්‍රීකව ඇරඹී හමාරය. දැන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් අල්ප ප්‍රමාණයටත් මේ පෝලිම් යුගය හොඳින්ම දැකිය හැකිය. මෙයට සති දෙකකට පෙර දිවයිනේ සියලුම පාසල් ආරම්භ කෙරුණේ සියලු ශ්‍රේණිවල දරුවන්ට අධ්‍යයන කටයුතු ආරම්භ කරමිනි. එහෙත් දැන් දරුවන් පාසල් එන්නේ උදෑසනට කිරි තේ එකක්වත් හරියට බොන්නට නැතිවය. මේ තත්ත්වය කෙතරම් ඛේදනීයද?

කිරිපිටි සොයාගැනීම සිහිනයක් වී ඇති හෙයින් අද මවුපියන්ට තම දරුවන්ට දවසේ කිසි විටකදීවත් කිරි තේ එකක් ලබාගැනීමට නොහැකි වී ඇත. මෙරට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කිරිපිටි වෙනුවට දියර කිරි බොන ලෙසය. දියර කිරි යනු කිරිපිටිවලට වඩා දෙගුණයක් මුදල් වැයකළ යුතු ආහාරයකි. මෙය කබලෙන් ළිපට ඇද වැටෙන කතාවකි. බැසිල් රාජපක්ෂ කියන්නේ මේ වසරේදී ප්‍රෝටීන් වෙනුවෙන් විදේශ මුදල් වැය කිරීමට කිසිම ආකාරයකින් හැකියාවක් නොලැබෙන බැව්ය. ඒ හේතුවෙන් කිරිපිටි ආනයනය නවතා දැමීමට කටයුතු කර දිය හැකි නම් එය විශාල උදව්වක් බවද ඔහු කියා සිටියි. ඔහු මේ කතන්දරය කියා සිටින්නේ මෙරටට ඩොලර් හෙවත් විදේශ සංචිත නොමැති වීම හේතුවෙනි. එහෙත් මේ තත්ත්වයන්ට වගකිව යුත්තේ ජනතාවද? නැත. කිසිසේත්ම නැත. මේ තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ රට පාලනය කරන නායකයන්ය. රටේ විදේශ සංචිත අතිශයින්ම හීනවී ගියේ අතොරක් නැති විදේශ ණය ලබාගැනීමත්, ඉන් පසුව එම ණය නැවත ගෙවන්නට සිදුවීමත් නිසාය. මෙරට පාලකයන් විටෙක පවසා සිටින්නේ කොරෝනා වසංගතය නිසා ආර්ථිකය කඩාවැටුණු බැව්ය.

පසුගිය වසර 02ක් පුරා කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් පමණින් කඩාවැටුණු බැව් සැබෑවකි. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සියලු රටවලටද බලපාන ලද සාධකයකි. එහෙත් අද එම රටවල් ඒ ආර්ථික අගාධයෙන් මිදීමට සමත්ව ඇත. සමස්තයක් වශයෙන් ගත් කල ලෝකයේ කොවිඩ් වසංගතයේ යම් සමනය වීමක් ඇරඹීමත් සමගම බොහෝ රටවල් තමන්ගේ වැටී තිබෙන ආර්ථිකය නැවත ගොඩගැනීමට කටයුතු කළේය. ඒ අනුව වර්තමානයේ බොහෝ රටවල් කොවිඩ් වසංගතය තවද එම රටවල පැවැතියද ආර්ථිකය ඉහළට නංවා ගත්තේය. එහෙත් දැනට ශ්‍රී ලංකාවේ සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්තය. මෙරට ආර්ථිකය දිනෙන් දින අතිශය දරුණු ලෙස කඩාවැටෙන තත්ත්වයකට පත්ව ඇත. ඒ අතර අතිශය ශෝචනීය ලෙස ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති අතර, ඇතැම් භාණ්ඩ හිඟයක්ද නිර්මාණයවී ඇත. අනෙකුත් බොහෝ රටවල් තම ආර්ථිකය ගොඩගනිමින් ඉදිරියට යද්දී අපේ රටට සිදුවන්නේ කුමක්ද? මෙම තත්ත්වය අප මුලින්ම සංසන්දනය කර බැලිය යුත්තේ අපට සමීප දකුණු ආසියානු රටවල් සමගය.

දකුණු ආසියාවට අයත් රටවල් 08ක් ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, මාලදිවයින, භූතානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එම රටවල් වෙයි. පසුගිය වසර දෙක පුරා මෙම රටවල් අටම කොවිඩ් වසංගතය නිසා දරුණු ලෙස පීඩා වින්දේය. මෙයින් අතිශය බියකරු ලෙස කොරෝනා මාරයාගේ ග්‍රහණයට හසුවූයේ ඉන්දියාවය. එය කෙතරම් බියකරු වූයේද යත් ඉන්දියාව හැඳින්වූයේ විසාලා මහනුවර ලෙසිනි. කෙසේ හෝ ඉන්දියාව මහත් සටනක යෙදී එම මාරක ග්‍රහණයෙන් බොහෝ දුරට මිදුණේය. ඒ අතර අනෙක් රටවල් සියල්ලමද කොරෝනා මාරක වසංගතයෙන් යම් ආකාරයකට මිදුණේය. එසේ වුවද මේ රටවල් අටම තවමත් කොරෝනා වසංගතයෙන් යම් ආකාරයකට පීඩා විඳිමින් සිටියි. එවැනි තත්ත්වයක් තිබුණද මෙම රටවලින් බහුතරයක් මේ වන විට තමන්ගේ රටවල කඩාවැටී තිබුණු ආර්ථිකය ගොඩගැනීමට සමත්වී ඇත. මෑතකදී සිදුකරන ලද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ දත්තවලට අනුව දකුණු ආසියාවේ ඉතා දරුණු ලෙස කඩාවැටීමකට ලක්ව ඇති ප්‍රධානතම රටවල් දෙක වන්නේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාවයි.

ලෝක බැංකුව විසින් දකුණු ආසියාවේ මෙම ආර්ථික තත්ත්වය ගැන ප්‍රධානතම විශ්ලේෂණයක් ඉදිරිපත් කරනු ලැබූ අතර එම සංවිධානය අනෙකුත් සංවිධානවලට වඩා පෙරමුණේ සිටින ප්‍රධානතම ආයතනයයි. ඔවුන්ගේ නවතම විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කෙරෙන්නේ 2021-2022 ඇසුරු කරගෙනය. එනම් 2021 වසරේ ආරම්භයේ සිට 2022 වසර නිමා වන තෙක් එම කාලසීමාව ගණනය කෙරෙයි. ලෝක බැංකුව එම නව වාර්තාවෙන් දක්වා සිටින්නේ 2021 වසරේ මැද භාගයේ සිට කොවිඩ් 19 වසංගතයේ යම් පහත බැසීමක් ඇතිවූ බවත්, එහෙයින් අදාළ දකුණු ආසියානු රටවල් බොහොමයක් එම කාලසීමාවේ සිට තම කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට උනන්දු වූ බවත්ය. කෙසේ හෝ කොරෝනා වසංගත තත්ත්වය එම කාලය තුළදීත් සැලකිය යුතු උච්ච තත්ත්වයකින් තිබුණද මෙම රටවල් යම් සැලැස්මක් සහ ඉලක්කයක් ඇතිව කටයුතු කළ බැව් එම විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි. එම නව වාර්තාවේ දත්තවලට අනුව අදාළ රටවල ආර්ථික වේගය මෙසේ ගෙනහැර දක්වා ඇත.

එම රටවල දළ දේශීය නිෂ්පාදිතය Gross Domestic Product – GDP ඇසුරු කරගෙන මෙම ආර්ථික වර්ධන වේගය ගණනය කෙරෙයි. ඉහළ ස්ථානයේ සිට පහළට එම ගණනය කිරීම ගැන අවධානය යොමු කරමු.

මාලදිවයින – 2021 සිට 2022 වනතෙක් GDP අදාළව ආර්ථික වේගය 22.3%ක ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකිය. මෙය දකුණු ආසියානු රටවල් අතරින් ඉහළින්ම තිබෙන ආර්ථික වර්ධන වේගයයි. රටවල් 08 අතරින් කිසිදු රටක් එම වේගය අසලටවත් පැමිණ නැත. මාලදිවයින මෙම තත්ත්වය ළඟාකර ගත්තේ ප්‍රධාන වශයෙන් තම රටෙහි සංචාරක කර්මාන්තය හරහාය.

ඉන්දියාව – දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටකි. 2021-2022 දක්වා කාලය තුළදී GDP ආර්ථික වර්ධන වේගය 8.3%ක ප්‍රතිශතයක් ලබාගනු ඇත. ආයෝජන, කර්මාන්ත, අපනයන සහ සංචාරක කර්මාන්තය හරහා මෙම ආර්ථික වර්ධනය ලබාගැනීමට ඉන්දියාව අපේක්ෂා කරයි.

බංග්ලාදේශය – කාලයක් පුරා අන්ත දුප්පත් දේශයක් වූ මෙම රට මෑතක සිට උසස් ආර්ථිකයකට හිමිකම් කියයි. 2021-2022 දක්වා ආර්ථික වර්ධන වේගය 6.4%ක් දක්වා ළඟාවිය හැකිය. දේශීය කර්මාන්ත සහ අපනයන හරහා මෙම ආර්ථික වර්ධනයට හිමිකම් කියයි.

නේපාලය – 2021-2022 කාලය සඳහා GDP ආර්ථික වර්ධන වේගය 3.9%ක ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙයි. සංචාරක කර්මාන්තය හරහා වර්ධනයක් අපේක්ෂා කරයි.

පාකිස්තානය – 2021-2022 වර්ධන වේගය 3.4%ක් අපේක්ෂා කරයි. අපනයනය සහ සංචාරක කර්මාන්තය හරහා ආර්ථික වර්ධනය බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාව – ආර්ථික වර්ධන වේගය 3.3%ක් අපේක්ෂා කරයි. මෙය ඉතා අවම GDP වර්ධන වේගයකි.

ඇෆ්ගනිස්තානය – දකුණු ආසියාවේ අවම වර්ධන වේගය ඇති රටයි. ඉහත කාලසීමාව තුළ වේගය -2.4% (ඍණ) දක්වා පහත වැටීමට ඉඩ ඇත.

මේ ආකාරයට බලන විට දකුණු ආසියාවේ රටවල් අතරින් අප සිටින්නේ 07 වැනි ස්ථානයේය. එනම් අපට පසුපසින් සිටින එකම රට ඇෆ්ගනිස්තානයයි. ඇෆ්ගනිස්තානයද යම් සමීප කාලයක වර්ධන වේගය අතින් අපට ආසන්නව සිටියත් පසුගිය කාලයේ එම රට තලේබාන් අන්තවාදී පාලනයට යටත්වූ පසුව මෙසේ ආර්ථික වර්ධන වේගය ඍණ තත්ත්වයට පහත බැස ඇත. එසේ නොමැති වූයේ නම් මේ වන විට ශ්‍රී ලකාව සිටින්නේ ලැයිස්තුවේ අන්තිමයා ලෙසය. කෙසේ හෝ මේ වන විට අපට 07 වැනි ස්ථානයම හිමිවී තිබීමද අතිශය ඛේදනීය තත්ත්වයකි. ‘පසු කොවිඩ්’ වසංගත තත්ත්වයෙන් පසුව මෙම බොහෝ රටවල් තම කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීමට බොහෝ සේ කටයුතු කර ඇතත්, අපේ ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් සිදුව නොමැත. කෙටියෙන් කිවහොත් පසුගිය 2021 මැද භාගයේ සිට මෙරටට ආවේණිකවූ කෘෂිකර්මාන්තය පවා දරුණු ලෙස කඩාවැටිණි. එසේ වූයේ වත්මන් ආණ්ඩුව රඟදක්වන ලද ‘පොහොර නාඩගම’ හේතුවෙනි. එම තත්ත්වය යටතේ දැන් රට තුළ ප්‍රබල ආහාර හිඟයක්ද ඇතිවී ඇත. පසුගිය කාලයේ රජය බොහෝ විට කටයුතු කළේ ඉතා අමනෝඥ ආකාරයෙන්ය.

අද ශ්‍රී ලංකාව චීනයෙන් නොමිලයේ සහල් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්ව ඇත. චීනය අපට සහල් නැවක් පරිත්‍යාග කරන්නට යන්නේ එහෙයිනි. මේ අතර ශ්‍රී ලංකාවට අතිශය දරුණු ලෙස විදේශ මුදල් සංචිත හීනවී යෑම බියකරු තත්ත්වයකි. මේ නිසා දැන් මුහුණපාන්නට සිදුවී ඇති තත්ත්වය දරුණු අතර, එයට කිසිදු විසඳුමක් නැත. ශ්‍රී ලංකාවට දරාගත නොහැකි තම විදෙස් ණය බර නිසා දැන් රටට මේ තත්ත්වය උද්ගතවී ඇත. එහෙත් මෙහිදි දකුණු ආසියාවේ අනෙකුත් රටවල් ගනිද්දී ඒ සෑම රටකටම යම් විදේශීය ණය බරක් ඇත. එහෙත් ඔවුන් එම ප්‍රශ්නය තිබියදීත් 2021 වසර තුළදී තම ආර්ථිකය ඉහළ දමාගැනීමට කටයුතු කළේය. ලෝක බැංකු වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ රටවල් අටෙහි ණය බර 2020ට අදාළව මෙසේය.

– ඉන්දියාව –
ඩොලර් මිලියන 5,641
– පාකිස්තානය –
ඩොලර් මිලියන 1,165
– බංග්ලාදේශය –
ඩොලර් මිලියන 677
– නේපාලය –
ඩොලර් මිලියන 79
– භූතානය –
ඩොලර් මිලියන 28
– මාලදිවයින –
ඩොලර් මිලියන 33
– ඇෆ්ගනිස්තානය –
ඩොලර් මිලියන 31
– ශ්‍රී ලංකාව –
ඩොලර් මිලියන 563

දැන් ඔබට මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වෙනවා ඇතැයි සිතමි. ශ්‍රී ලංකාවට මෙසේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයට පොලී ප්‍රමාණයද එකතු වූ විට එය 2021 අප්‍රේල් 30 වැනිදා වන විට ඩොලර් මිලියන 981ක් වෙයි. පොලිය පමණක් ඩොලර් මිලියන 460ක් වෙයි. මෙය එක්තරා කාලසීමාවකට අදාළ වන ණය මුදල පමණක් වන අතර ශ්‍රී ලංකාවට ගෙවීමට තිබෙන සමස්ත ණය මුදල ඩොලර් බිලියන 35.2ක් බැව් සඳහන් වෙයි. මෙම රජය බලයට පත්වන විටදී ශ්‍රී ලංකාව සතුව පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් විය. එහෙත් දැන් රජය සතුව ඇත්තේ ඩොලර් බිලියන 1.58ක් පමණි.

එහෙත් පසුගියදා රන් සංචිතයෙන් රත්තරන් විකිණීමෙන් එම ප්‍රමාණය දෙගුණයක් කරගත්තේය. කෙසේ හෝ මෙවැනි වටපිටාවක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිනෙන් දිනම වළපල්ලට යමින් ඇත. පසුගියදා ලෝකයේ ප්‍රකට ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව සිදුකළ සමීක්ෂණයකට අනුව දකුණු අසියාවේ දරුණුම ලෙස ආර්ථිකය කඩාවැටෙන රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. කොවිඩ් වසංගතය මැදදීද අනෙකුත් දකුණු ආසියාතික රටවල් යම් සතුටුදායක අයුරින් තම ආර්ථිකය ඉහළ නංවාගත්තද, ශ්‍රී ලංකාව දිනෙන් දිනම ‘නරා වළට’ යමින් සිටියි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වරෙන්තු පිට ඩුබායි හැංගිලා හිටපු එතනෝල් ජාවාරම්කරුව ලංකාවට අරන් ආ ඇමැතියි-මන්ත්‍රීයි කවුද?

Next Post

ගොවියො ආණ්ඩුව පෙරළනවා! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.