• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ මැණිකෙව අයිති කරගන්න ඉන්දියාවේ මෝඩියි-මමතයි ‌ලොකු සටනක!

January 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවේ මැණිකෙව අයිති කරගන්න ඉන්දියාවේ මෝඩියි-මමතයි ‌ලොකු සටනක!
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයාගේම සිත් අමන්දානන්දයට පත්කළ අප රටේ යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම හදවත් සොරාගෙනයි තිබෙන්නේ. මේ ගීතය මිලියන 200කට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් පසුකර මේ වන විට ගීත දර්ශකවල ඉහළටම පැමිණුනා. කුඩා දරුවාගේ පටන් වයස්ගත පුද්ගලයන් දක්වා මෙම ගීතය මුමුණන අයුරු අපිට දකින්න ලැබෙනවා. ලොව පුරා ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට මිලියන ගණන් රසික රසිකාවියන් සිටියත් ඉන් වැඩිම පිරිසක් අයත් වන්නේ ඉන්දියාවට බව අපි කවුරුත් දන්නවා. ඉන්දියාව තුළ මෙම ගීයට හිමිව ඇති සුවිශේෂ ඉල්ලුම තව තවත් ප්‍රකට කරමින් එරට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහාද එය යොදාගැනීම මේ වන විට සුලබ දර්ශනයක්ව තිබෙනවා. එරට එක් දේශපාලන පක්ෂයක තේමා ගීතය සඳහාද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය උපයෝගී කරගෙන ඇති අයුරු දැකගත හැකි වුණා. එමගින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට විශාල තල්ලුවක් ලැබී ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම ගීතය ඉදිරියේදී චිත්‍රපටයක් සඳහා යොදාගැනීමටද ඔවුන්ගේ බලාපොරොත්තුවක් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අපේ රටේ ගායිකාවක් විසින් ගායනා කරන ලද ගීයක් ඉන්දියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගැනීමට තරම් ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබීම ලාංකිකයන් වන අපට ආඩම්බරයට කරුණක්. ඒ නිසාම මේ සුවිශේෂ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බලන්නට අප කටයුතු කළා.

මුලින්ම මෙම ගීතය නිර්මාණය වුණේ මහ ඇමැති මම්තා බෙනර්ජිගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්. ඇයි ‘මැණිකේ මගේ හිතේ’ ගීතය එක පාරටම තේමා ගීතයක් බවට පත්වන්නේ?
මෙයට හේතු වුණේ බටහිර බෙංගාලයේ අතුරු ඡන්දයක්. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා එය පැවැත්වුණා. 2019 වර්ෂයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ BJP පක්ෂයට මමතා බෙනර්ජිගේ ත්‍රිනාමුල් TMC කොංග්‍රසය පරාජයට පත්වනවා. මේ ජන්දයේදී මමතා බෙනර්ජිට ප්‍රධාන අමාත්‍ය ධුරය අහිමි වී යනවා. එහෙත් එම පක්ෂයේ නායකයෙක් ඉල්ලා අස්වීම නිසා ප්‍රධාන අමාත්‍ය ධුරය ඇයට නැවත ලැබෙනවා. හැබැයි නීතියට අනුව මෙය තාවකාලික පත්වීමක් විතරයි. මාස 06කින් නැවත ඡන්දයක් තියන්න ඕනේ. නමුත් කොරෝනා වසංගතය නිසා ඡන්දය කල් ගියා. ඒ අනුව එම ඡන්දය තමයි 2021 සැප්තැම්බර් පැවැත්වුණේ. මමතා බෙනර්ජිට දිගටම දේශපාලනයේ රැඳී සිටින්න ඕනේ නිසා තමයි ඉන්දියාවේ නළු නිළියන් වගේම එරට ජනතාව ඉමහත් ආදරය කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය එම පක්ෂයේ තේමා ගීතය බවට පත්කර ගන්නේ.
පසුගිය දිනවල ලෝකයක් වසඟයට පත්කරගත් අපේ රටේ යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය නැවතත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ තේමා ගීතය ලෙස එරට උත්තර ප්‍රදේශයේ දේශපාලන වේදිකාවෙදි භාවිත කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ සිංහල වචන වෙනුවට හින්දි වචන යොදාගෙන එම ගීය ප්‍රතිනිර්මාණය කර ඇති බවයි. එම නව ගීතය හේතුවෙන් භාරතීය ජනතා පක්ෂයට ලැබුණු ජනප්‍රසාදය ඉහළ ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කළා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී භෘඔඪ පුවත් සේවය කියා තිබුණේ ‘මැණිකේ මගේ හිතේ’ නම් සිංහල ගීතයේ අර්ථය බොහෝ දෙනකුට නොතේරෙන නිසා ඉන්දියාවේ අතුරු මැතිවරණයට එය හින්දි භාෂාවෙන් නැවත සකස් කර මමතා බෙනර්ජිගේ ඡන්ද ව්‍යාපාර කටයුතු සඳහා යොදාගත් බවයි. මමතා බෙනර්ජිට උපහාරයක් වශයෙන් රාජේෂ් චක්‍රබෝර්ති සහ අපරාජිතා යන පියා සහ දියණිය එක්ව මෙම ගීය ගායනා කර තිබුණා.

මමතා බෙනර්ජි යනු ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ 9 වැනි මහ ඇමැති වශයෙන් තේරී පත්වූ තැනැත්තියයි. 66 හැවිරිදි ඇය 2011 වසරේ සිට බටහිර බෙංගාල ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ධුරය දැරු ප්‍රථම කාන්තාවද වෙයි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ සිංහල පද පෙළ වෙනුවට බෙංගාලි වචන යොදා නිර්මාණය කළ ගීයක් සකස් කර තිබුණු අතර ‘මා මාති මනුෂ් හිතේ’ (මව මාතෘ භූමිය සහ මිනිසුන් වෙනුවෙන්) එහි බෙංගලා වචන වචන පෙළයි. එම ගීතය නිකුත් කර සතියක් ඇතුළත යූටියුබ්හි ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගන්නට සමත්ව තිබුණා. මේ නිසා මමතා බෙනර්ජිගේ මැතිවරණයේ ජයග්‍රහණ පිළිබඳ බලාපොරොත්තු ඉහළ යන්නට වුණා. රාජේෂ් චක්‍රබෝර්ති සහ අපරාජිතා ගායනා කළ එම ගීය ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට මුදාහැර තිබුණු අතර, එම ගීය රචනා කර තිබුණේ සෞරව් මුකර්ජි විසින්.

2021 පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි වී ගියා. එහෙත් මෝදිගේ දැඩි විවේචකයකු වන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජිට පහසුවෙන්ම එම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට මේ ගීතය හේතු වුණු බවයි බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ.

මමතා බෙනර්ජිගේ මැතිවරණ කටයුතුවලින් පසුව වර්තමානයේ ඇගේ විරුද්ධ පාර්ශ්වය වන භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති නරේන්ද්‍ර මෝදිද ඉදිරියේදී පැවැත්වෙන උත්තර් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙම ගීතයම යොදාගෙන තිබෙනවා. භාරතීය ජනතා පක්ෂයේ නවතම ඡන්ද ප්‍රචාරණ ගීතය ‘යේහි මෝදි, යෝගි උපයෝගි, උපයෝගි… ආයේහි…’ ගීතයෙන් මෝදි සහ යෝගි යන දෙදෙනාවම ජන්දදායකයන් ඉදිරියට යැවීමට දිරිගැන්වීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලබන පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වෙන ප්‍රාන්ත මහ මැතිවරණය සඳහා එම ගීය නිර්මාණය කර ඇත්තේ නරේන්ද්‍ර මෝදි සිය පාක්ෂිකයන් සමග සිටින සිත්ගන්නාසුළු ඡායාරූපද යොදාගනිමිනි. ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ තේමා ගීතය බවට ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ තනුවට අනුව නිර්මාණය කළ නව ගීතය මේ වන විටත් පත්ව ඇති අතර, එය සමාජ මාධ්‍යවල ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. මේ ගීතය භාරතීය ජනතා පක්ෂයේ තේමා ගීය ලෙස යොදාගත්තේ එම පක්ෂයේම අමාත්‍යවරයකු වන යෝගි ආදිත්‍යනාත්ව විසින්. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ මුවාවෙන් ජනතාවගේ සිත් දිනාගන්නට මෙම ගීතය යොදා ගැනීම ඔහුගේ අරමුණ වී ඇති බව සඳහන්. ඔහු හින්දු ආගමික පූජකවරයකු වන ඔහු මෝදිගේ ඉතා සමීපතමයකු ලෙස කටයුතු කරන්නෙකි.

යොහානිගේ මුල් ගීතයේ පද පෙළ වෙනස් කරමින් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදැගැනීම ගැන එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මනිෂ් ඩික්ෂිත් මාධ්‍ය වෙත මෙලෙස සඳහන් කර තිබුණා.

‘අපගේ මේ නවතම ගීතය මිනිත්තු දෙකකට සිමා වූවක්. එය සංක්ෂිප්තව සම්පූර්ණ ඡන්ද ප්‍රචාරණයක් ලබාදෙන්නක්. ගීතයේ දර්ශනවලට කොවිඩ් තුරන් කර සනීපාරක්ෂාව සහතික කර සෞඛ්‍ය සේවය ඉහළින් ඔසවා තබන දර්ශනද ඇතුළත් කර තිබෙනවා.’

අපේ රටේ යොවුන් ගායිකාවක වන යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියානු දේශපාලන වේදිකාවේ වරින් වර යොදාගැනීම අපේ රටට මහත් වූ ආඩම්බරයකි. ඉන්දියාවේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් යන දෙපාර්ශ්වයම පක්ෂ භේදයකින් තොරව මෙම ගීතය තම මැතිවරණ ජයග්‍රහණයන් වෙනුවෙන් යෙදාගැනීම හරහා ඔවුන්ගේ දේශපාලනයේ හෙට දවස කෙසේ විසඳේ දැයි අපි උපේක්ෂාසහගතව බලා සිටිමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නාමල් දැමූ උපදේශක කමිටුවෙන් මහානාම අයින් වෙයි! ලියුමත් යවයි!

Next Post

අහේතු කාලේන කජ්ජේන පුහුලන්! ආණ්ඩුවට ගැහුවා කියා හතරවැනි තට්ටුවට අරන් ගිය සුදත්ත මව්රටට ශ්ලෝකයකින්ම කතා කරයි!

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.