• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවම දවස් 10යි! පෝට්සිටිය බලන්න 90000ක් ඇවිත්!

January 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තවම දවස් 10යි! පෝට්සිටිය බලන්න 90000ක් ඇවිත්!
Share on WhatsAppShare on Facebook

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගිය ජනවාරි 10 වන දින මහජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව, මේ වනවිට 90,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ තිබේ.

ගාලු මුවදොර දෙසින් පිහිටා ඇති ඇතුළු වීමේ දොරටුවෙන් පිටත පවා ජනතාව විශාල වශයෙන් පෝලිම් සැදී, ඉමහත් උනන්දුවෙන් යුතුව කොළඹ වරාය නගරය දැකබලාගැනීමට පුලපුලා බලා සිටින ආකාරය මේ වනවිට සුලබ දසුනක් වී ඇත.

ජනවාරි 10 සහ 17 දින අතර නිවාඩු දින කිහිපයක්ද යෙදී තිබූ සතිය තුළ, අතිවිශාල පිරිසක් කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පැමිණියහ.

මෙම පදික මංතීරුව විවෘත කිරීම 2022 ජනවාරි 09 දින සිදුකරන ලද අතර, එම උත්සවයට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරු එක්වූහ.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65 ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සව මාලාවක එක් උත්සවයක් වශයෙන් මෙය විවෘත කිරීම සිදුකරන ලදි.

2022 ජනවාරි 10 සිට 17 දක්වා කාලය තුළ 89,540 දෙනෙකු නව පදික මංතීරුව වෙත පැමිණියහ. මේ අතරින් වැඩිම පිරිස වාර්තා වූයේ 2022 ජනවාරි 16 දින වන අතර, එදින පැමිණි සංඛ්‍යාව 22,580 කි. නිවාඩු දින වූ සිකුරාදා සහ සඳුදා දිනවල පැමිණීම පිළිවෙළින් 19,717 ක් සහ 21,656 ක් ලෙස වාර්තා විය.

මීටර 500 ක දිගකින් යුත් මෙම පදික මංතීරුව ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර තිබේ. වරාය නගරයේ ඉදිකිරීම් අතරතුර මෙවැනි පොදු ස්ථාන රාශියක් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට ව්‍යාපෘති නිලධාරීන් කටයුතු යොදා ඇත. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පිවිසීම සඳහා, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ පිවිසුම් දොරටුවක් මේ වනවිට ඉදිකර ඇත. දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. දැනට මෙම ස්ථානයට රථවාහන ඇතුළු කිරීමට අවසර නොමැති අතර, නව පදික මංතීරුව භාවිතා කිරීමේදී COVID-19 සම්බන්ධ මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ වනවිටත් විශාල ජනකායක් මෙම පදික මංතීරුව වෙත දිනපතා පැමිණෙන බැවින්, කොවිඩ් වැළක්වීමේ සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුගතව දුරස්ථ භාවය සුරැකීම සඳහා එහි වරකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 700 කට සීමා කිරීමටත්, කොවිඩ් අවදානම පාලනය කිරීමට පදික පාලම භාවිතා කිරීම සම්බන්ධයෙන් සීමාවන් පැනවීමටත් ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර ඇත.

කොළඹ වරාය නගරය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදි වූ, මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයකි.

ලෝක මට්ටමේ නගරයක් නිර්මාණය කරමින් සහ ජීවත් වීමට හොඳම ස්ථානවලින් එකක් ලෙස කොළඹ නගරය වැඩිදියුණු කරමින්, ජාත්‍යන්තරකරණය වේගවත් කිරීම ඔස්සේ තිරසාර ආර්ථික අනාගතයක් සහතික කිරීම සඳහා දක්ෂතා සහිත පුද්ගලයන් සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම වරාය නගර ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් මෑතකදී කොළඹ වරාය නගරය බහු-සේවා විශේෂ ආර්ථික කලාපයක් බවට පත්කිරීමත් සමග මේ වනවිට ලොව නැගෙනහිර හා බටහිර යාකරන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා මහඟු අවස්ථාවක් උදා වී ඇත.

SendShareShare
Previous Post

88/89 සටන ජවිපෙ යළි කරළියට අරන් එයි! ඉන්දියාවට තෙල් ටැංකි දුන්නාට එරෙහිව මහපාරේ සටන අදින් අරඹයි! (VIDEO)

Next Post

මෛත්‍රී-සජිත් හමුවෙලා! මොනවද සාකච්ජා කළේ? (VIDEO & PHOTOS)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.