පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු පැවැත්වූ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා සභා ගර්භයේ රැදී සිටි ආකාරයක් දැකගන්නට ලැබීමය.
ඒ අනුව සභා ගැබේ සිටත් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවීම සම්බන්‌ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ විවිධ කටකතා පැතිර යමින් පවතින ආකාරයක්ද දැකගන්නට ඇත.










