• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රනිල්-තිලංග ගැන මහානාමගේ පොතෙන් එළියට ආ මහා රහස! රනිල්ගෙන් එන්තරවාසියක්! නීතිපතිගෙනුත් කරුණු විමසලා!

January 19, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
රනිල්-තිලංග ගැන මහානාමගේ පොතෙන් එළියට ආ මහා රහස! රනිල්ගෙන් එන්තරවාසියක්! නීතිපතිගෙනුත් කරුණු විමසලා!
Share on WhatsAppShare on Facebook

‘මම හුඟාක් කල්පනා කළා මේ පොතට දාන්න ඕන නම මොකක්ද කියලා. ඒත් පසුව මට හිතුණා මේක තමයි හොඳම නම කියලා. ‘වේදනාත්මක සමුගැනීම’ ඔබ අතට ආවේ එහෙමයි. 1999 වසරේදී මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් ඉවත් වුණා. මගේ ඒ ඉල්ලා අස්වීම සිදුකළේ බොහෝ වේදනාවක් සහ කලකිරීමක් ඇතිවයි. එක් දින ක්‍රිකට්වලින් සහ ටෙස්ට් ක්‍රිකට්වලින්ද මා ඉවත් කර දැමීම නිසා, ඊට දින දෙකකට පසු මම තීරණය කළා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමට. ඕනෑම පුද්ගලයකුට තමන් සතු ස්වයං ගරුත්වයක් තිබෙනවා. ඒ වගේ ඒ වේලාවේ මගේ ස්වයං ගරුත්වයටද හානි වුණා. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසු අපේක්‍ෂකයෙක්ගෙන් කෙනෙකු වුණත් එම අවස්ථාව සනත්ට ලැබුණා. ඇත්තටම එය සෑහෙන්න සාධාරණයි. නමුත් ඔවුන් ටෙස්ට් සහ එක් දින තරග සඳහා විවිධ කණ්ඩායම් දෙකක් තෝරද්දී ඒ කණ්ඩායම් දෙකේම මම හිටියේ නැහැ. රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම 22 අතරට මම තේරුණේ නැති නම්, තවත් මගේ සිටීමෙන් වැඩක් නැහැ. මට ක්‍රිකට් මණ්ඩල ගිවිසුම යටතේ සිටිමින්, ක්‍රීඩා නොකර වුණත් වැටුප් ලබාගන්නට තිබුණා. ඒත් මේ සියල්ලටම වඩා මට මගේ ස්වයං ගරුත්වය වටිනවා.’

මෙම අපූරු වගතුග කියා සිටින සුවිශේෂ මිනිසා කවුද..?

මේ වගතුග ඇසෙන්නේ මෙයට හරියටම වසර 20කට (දශක 02කට) පෙර දිනයකදීය. මෙම වේදනාත්මක කතාව කියා සිටින මිනිසා නම් අප රටත්, දේශ දේශාන්තර රැසකුත් හොඳින් හඳුනන සුපිරි ක්‍රිකට් ක්‍රීඩා තරුවක් වූ රොෂාන් මහානාමය. 2001 වසරේ අගෝස්තු 01 වැනිදා ඔහු මේ ප්‍රකාශය සිදුකරන්නේ, ඉන්දියාවේ සුප්‍රකට පුවත් පතක් වූ ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ ඉංගීසි පුවත්පතටය. ඔහු එකල මෙම සාකච්ඡාව එම පුවත්පත සමග සිදුකරන්නේ, තමන් විසින් සම්පාදනය කරන ලද තමන්ගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථය උදෙසාය. එනම් 1999 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමේ (ඉවත් වීමේ) පසුබිමක් සහ තමන්ගේ ජීවන තොරතුරු එක්තැන් කළ එම ග්‍රන්ථය නම්කර ඇත්තේ ‘වේදනාත්මක සමුගැනීම’ (Retired Hurt – රිටයර්ඩ් හර්ට්) යන නමිනි. මෙය එකල ඉංග්‍රීසි බසින් සහ සිංහල බසින්ද පළ කෙරුණු ඉතාම ආන්දෝලනාත්මක, සුවිශේෂී ග්‍රන්ථයක් විය.

වසර 20කට පෙර සිදුවූ මෙම කතාව අද ඔබට ලියා තැබුවේ ඇයි..?

එයට හේතු වූයේ රොෂාන් මහානාමගේ තවත් වගතුගකි. එනම් ඔහු අද වසර 20කට පසුව තමන්ගේ ජීවිතයේ තවත් අත්දැකීම් කතා කරනු ලබන නවතම ග්‍රන්ථයක් සම්පාදනය කර තිබීමය. මෙයට දින කිහිපයකට පෙරදී, මෙම ග්‍රන්ථය කොළඹදී එළිදක්වනු ලැබුවේය. ‘මගේ ඉනිම, රොෂාන් මහානාම – වේදනාත්මක සමුගැන්මෙන් තීරක ලෙස යළි පිටියට’ (My Innings, Roshan Mahanama – Retired Hurt to the Best View of the Hame) යනුවෙන් මෙම ග්‍රන්ථය නම්කර ඇත. මෙය වසර 20කට පෙර 2001 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ නව අනුවාදයක් සහ දිගුවක් ලෙසද සැලකෙයි. එසේම මුල් ග්‍රන්ථයේ නොතිබුණු බොහෝ ආන්දෝලනාත්මක වගතුග රැසක් මෙම නව ග්‍රන්ථයේ ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. ඉතාමත් ආකර්ෂණීය පිතිකරුවකු මෙන්ම, අති විශිෂ්ට පන්දු රකින්නකු ලෙසද රොෂාන් මහානාම ක්‍රිකට් ලෝකයේ කිසිදු දිනෙක අමතක නොවන තරුවක් වෙයි. එසේම ක්‍රිකට් නැමැති මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සිටින ලද සැබෑ මහත්මයකු ලෙසද රොෂාන් මහානාම විරුදාවලියක් ලබා ඇත. මෙලෙස ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගත් රොෂාන් මහානාමගේ ජීවිත කතාවේ අප නොදත් තැන් රාශියක්ද ඇත. ඒ තැන් සියුම්ව ග්‍රහණයට ලක්කර ගැනීම මෙම නව ග්‍රන්ථයේ පරමාර්ථයයි.

‘මගේ ඉනිම, රොෂාන් මහානාම – වේදනාත්මක සමුගැන්මෙන් තීරක ලෙස යළි පිටියට’ යන රොෂාන් මහානාමගේ නව ග්‍රන්ථය ඔහු ක්‍රීඩකයකුගේ භූමිකාවෙන්, පරිපාලකයකුගේ භූමිකාවට පරිණත වූ ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරයි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පිටුපස විශාල දේශපාලන පීඨිකාවක් ඇති ආකාරයද ඔහු පෙන්වා සිටියි. පසුගියදා මෙම ග්‍රන්ථය එළිදක්වා දින කිහිපයක් යන්නට මත්තෙන්ම මහත් අර්බුදයක් හටගත්තේය. එනම් මෙම ග්‍රන්ථය එක්තරා පරිච්ඡේදයකදී, මහත් ආන්දෝලනයක් ඇති කරනු ලබන සිදුවීමක් හෙළිකර තිබුණේය. එනම් එහි සඳහන්ව තිබුණේ 2002 වසරේදී එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාව සිටි හේමක අමරසූරිය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබියදී, එම අවස්ථාව වළක්වාලීමට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බැව්ය. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් එම සංචාරයට තිලංග සුමතිපාල නම් කළ බැව්ද රොෂාන් මහානාමගේ ග්‍රන්ථයේ සඳහන්ව තිබිණි. ඔහුගේ වදනින් එය මෙසේය.

‘ඒ කාලයේ අපිව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණය සඳහා පත් කළේ, ඒ වේලාවේ තිබුණු ප්‍රශ්නයක් නිසා. ඡන්දයකින් අලුත් කාරක සභාවක් පත්කරන තුරුයි එසේ සිදුවුණේ. කෙසේ හෝ දේශපාලනයේ මට්ටම මාගේ කටයුතු, ආචාර ධර්ම සහ මූලධර්මවලටද පටහැනි බැවින් මෙය ඉතාමත් කෙටි කාලපරිච්ඡේදයක් වුණා. උදාහරණයක් වශයෙන් එකල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික රැස්වීමට ක්‍රිකට් සභාපති හේමක අමරසූරිය සහභාගි විය යුතු බවට අතුරු කමිටුව තීරණය කර තිබුණා. නමුත් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ එම තීරණය ප්‍රතික්‍ෂේප කරමින් කියා සිටියේ, ඒ වෙනුවට කමිටුවේ සාමාජිකයකු ලෙසවත් කටයුතු නොකළ තිලංග සුමතිපාල සහභාගි වෙනවා කියලයි. අගමැතිවරයා ඒ ගැන අධි තීරණය කරමින් කියා සිටියා.’ යැයි රොෂාන් මහතාම එම වගතුග හෙළිකර ඇත. අර්බුදය පටන් ගත්තේ එතැන සිටය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග මෙයට දින කිහිපයකට පෙරදී, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ක්‍රිකට් සභාපති හේමක අමරසූරියද තම ප්‍රබල ප්‍රතිචාරයන් දක්වා ඇත. මේ පිළිබඳව පසුගියදා ඉංග්‍රීසි පුවත්පතක්ද වාර්තාවක් ඉදිරිපත් කර තිබුණු අතර, එම වාර්තාවේ සහ රොෂාන් මහානාමගේ ග්‍රන්ථයේ කරුණුද ආශ්‍රිත කර ගනිමින් හේමක අමරසූරිය මහතා මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර ඇත. එයින් මෙවැනි වගතුගක් ප්‍රකාශ වෙයි.

‘2002 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවෙ අග්‍රාමාත්‍යවරයාව සිටියදී එම අදාළ අවස්ථාවේදී මම ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළෙමි. එකල එම අතුරු කමිටු සභාපතිවරයා ලෙස, එවකට එංගලන්තයේ, ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අධ්‍යක්‍ෂවරුන්ගේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කිරීමට කමිටුව විසින් මා නම් කරන ලදී. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමට සහභාගි වීමට තිලංග සුමතිපාල මහතා බලපෑම් කරමින් සිටින බැව්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක්විය. එකල මේ ප්‍රශ්නය මුල්කරගෙන අතුරු කමිටුවේ සමහර සාමාජිකයන් ඉල්ලා අස්වුණා. අතුරු කමිටු සභාපතිවරයා ලෙස මම රැස්වීමට මා සහභාගි විය යුතු බව පැහැදිලිව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ, එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ කේ. සී. කමලසබේසන් මහතාගේ මතය විමසන ලෙසටයි. මේ අතර මගේ නීතිඥයන්ගෙන් දැනගන්නට ලැබුණා, ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතා ගොනුකළ නඩුවකට තිලංග සුමතිපාල මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් තිබෙන බැව්, මෙම අතුරු තහනම් නියෝගය මගින් තිලංග සමුතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු කටයුත්තකට සහභාගි වීම වළක්වා තිබුණා. ඒ අනුව තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කළ නොහැකි බැවින්, යම් හෙයකින් එය කඩකළහොත් එය අතුරු නියෝගය උල්ලංඝනය කිරීමක් බැව් නීතිපතිවරයා තීරණය කළේය.

මේ අනුව අතුරු කමිටුව විසින් අනුමත කරන ලද පරිදි මම ලන්ඩනයේ ලෝඩ්ස්හි පැවැති ICC අධ්‍යක්‍ෂවරුන්ගේ රැස්වීමට සහභාගි වීමට ගියෙමි, යැයි හේමක අමරසූරිය මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයෙහි සඳහන් වෙයි.

රොෂාන් මහානාමගේ නවතම ග්‍රන්ථය වූ ‘මගේ ඉනිම, වේදනාත්මක සමුගැන්මෙන් තීරක ලෙස යළි පිටියට’ එළිදැක්වීමෙන් පසු ඇති වූ මෙම අර්බුදයේ තවත් විශේෂිත වගතුගක් හෙළිවන්නේ මෙතැන සිටය. එනම් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ගැන රොෂාන් මහානාම තම ග්‍රන්ථය තුළින් සිදුකර ඇති හෙළිදරව්ව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. එසේම මෙම තත්ත්වයට නීතිමය ලෙස කටයුතු කිරීම උදෙසා රනිල් වික්‍රමසිංහ මහතා තම නීතිඥයන් හරහා රොෂාන් මහානාම වෙත එන්තරවාසියක් යවා ඇත. කෙසේ හෝ ඒ පිළිබඳව රොෂාන් මහානාමගේ ප්‍රතිචාරයක් මෙතෙක් දැනගන්නට නැත. මේ අතර මෙම නව ග්‍රන්ථය තවත් ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක්ම හෙළිකර ඇතැයි පැවසෙයි.

රොෂාන් මහානාමගේ ග්‍රන්ථයෙන් හෙළිවන තවත් අපූරු පුවතක්ද වෙයි. එනම් ලොව ප්‍රකට සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන, ඕස්ටේ්‍රලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ග්ලේන් මැක්ග්‍රාත් විසින්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියට ‘කළු වඳුරෙක්’ යැයි කියමින් පරිභව කළ බැව්, රොෂාන් මහානාම තම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. මේ බැව් සඳහන්ව තිබුණේ වසර 20කට පෙර වූ මුල් ග්‍රන්ථයේ වූ අතර, නව අනුවාදනයෙහිද එය සඳහන් දැයි පැහැදිලි නැත. කෙසේ හෝ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ග්ලේන් මැක්ග්‍රාත් විසින් ප්‍රතික්‍ෂේප කර ඇති අතර, රොෂාන් මහානාමට එරෙහිව නීතිමය වශයෙන්ද කටයුතු කරන බවට ප්‍රකාශ විය. එසේම ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයද මෙම ග්‍රන්ථයට එරෙහිව වාරණ නියෝගයක් ගන්නා බවට කරුණු ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මෙම ග්‍රන්ථයේ සමහර සිදුවීම් ක්‍රීඩා ලෝකය තුළ මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. එසේම රොෂාන් මහානාම තම ජීවිතයේ මුහුණ දුන් අභියෝග රැසක් මේ මගින් හෙළිකර ඇත.

‘ක්‍රීඩකයකු ලෙසත්, තරග තීරකවරයකු ලෙසත් මා මුහුණ දුන් අභියෝග පිළිබඳව මෙම කෘතිය තුළින් ජනතාවට දැනගත හැකියි. තරග තීරකවරයා ලෙස කටයුතු කිරීම මට පහසු කාර්යයක් වුණේ නැහැ. මගේ විවේචකයන් වැරැදියි කියලා ඔප්පු කරන්න මම ගොඩාක් මහන්සි වුණා. මම ෂක්‍ක්‍ එකෙන් අයින් වුණේ මගේම කොන්දේසිවලටයි. කීර්තිය සහ මුදල් නිසා බොහෝදෙනෙක් අයි.සී.සී. සංවිධානය හැර යන්නේ නැහැ. මම සර්ව සම්පූර්ණ කෙනෙක් නොවෙයි. මටත් මගේ වැරැදි තියෙනවා. මම මේ ග්‍රන්ථයන් සම්පාදනය කළේ වාණිජ පරමාර්ථයක් හිතාගෙන නෙවෙයි. මේ පොත නිකුත් කිරීමට එරෙහිව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය කිව්වා වාරණ නියෝගයක් ගන්නවා කියලා. ඒ කාලයේ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වුණේ මැල්කම් ස්පීඩ්. මම අයි.සී.සී. එකට එනකොට එයා තමයි එතැන ප්‍රධාන විධායක නිලධාරියා. මම කතාවක් ගෙතුවා නම්, ඔහු මගේ නම තරග තීරකවරයකු ලෙසට භාරගන්නේ නැහැ. සත්‍ය වසන් කිරීම හරිම අමාරු දෙයක්. මම මේ පොතෙන් සත්‍යය ගැන කතා කළා’ යැයි මහානාම පසුගියදා පවසා ඇත.

වසර දෙකක් පුරා ගතවුණු කොවිඩ් වසංගත රැල්ලකට පසුව දැන් නැවැත ශ්‍රී ලංකාව සහ ලෝකය පුරාද යම් ක්‍රිකට් උන්මාදයක් ඇති වෙමින් තිබෙයි. අප රොෂාන් මහානාමගේ මෙම සුවිශේෂ ග්‍රන්ථයද එළිදැක්ව ඇත්තේ එවන් පසුබිමකය. ඔහුට මෙම සුවිශාල ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා ප්‍රකට ඕස්ටේ්‍රලියානු ග්‍රන්ථ කතුවරයකු වන කෙන් පීසී සහ අශාන් පීරිස්ද සහාය වී ඇත. මෙම ග්‍රන්ථය විකුණා ලැබෙන සියලුම ආදායම පිළිකා රෝගී පුණ්‍ය කටයුතු සඳහා යොදවන බැව් රොෂාන් මහානාම ප්‍රකාශ කර ඇත. ඔහු දැනටද තම ධනය බොහෝ පුණ්‍ය කටයුතු සඳහා යොදවනු ලබන සුවිශේෂී පුද්ගලයෙකි.

පසුගියදා ඔහුගේ ග්‍රන්ථය එළිදක්වන විටදී මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාර ගන්නේද යන්නය. මේ වන විට ඔහුගේ නාමය එවැනි තනතුරක් සඳහා ප්‍රචාරණය වීමක්ද සිදුවී ඇත.

‘ඔව්… මට එවැනි ආරාධනාවක් ලැබුණා. මම ඒ අභියෝගය බාර ගැනීමට කැමැතියි, ඒත් මට මේ ගැන ආවර්ජනය කිරීමට යම් කාලයක් ඕනෑ.’ යැයි රොෂාන් මහානාම ප්‍රකාශ කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අලි සබ්‍රිට කොරෝනා! පිටරටක කොරන්ටයින්! ජී.එල්. එපා කියද්දී බැසිල් රහස ප්‍රසිද්ධ කරයි!

Next Post

මෛත්‍රී ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කළාද? ඇතුළෙ හිටියත් ගිහින් නෑ!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.