සිය තනතුරන් සමුගෙන යාමට දින කිහිපයකට පෙරාතුව හිටපු ජනාධිපති ලේකම් පීි.බී. ජයසුන්දර මහතා සිය හිතවතකුට ආන්දෝලනාත්මක වට්ස්ඇප් පණිවුඩයක් යවා ඇති බව වාර්තා වේ.
මෙම හිතවතා දැනට විදෙස්ගතව සිටින්නකු වන අතර ජයසුන්දර මහතා ඉවත් ව යන බව ආරංචි වී ලංකාවේ සිදුවන්නේ කුමක්ද යනුවෙන් වට්ස්අප් මාර්ගයෙන් පණිවුඩයක් එවා ඇත.
එහිදී ඊට පී.බී. ලබාදී ඇත්තේ වචන 6ක ඉතා කෙටි උත්තරයකි.
වචන 6ක් පමණක් වුවත් එහි ගැබ්ව ඇත්තේ ඉතා බරපතළ ආර්ථයකි.
‘Only god can save our country’ යනුවෙන් එහි සඳහන්ව තිබූ අතර එහි සිංහල තේරුම වනුයේ, ‘අපේ රට බේරගන්න පුළුවන් දෙවියන්ට පමණයි…’ යන්නය.










