නව වසර ආරම්භයත් සමග සිදු කිරීමට සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් දිගින් දිගටම තමන්ට ඉහළ ඇමැතිකම් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඇතැම් මැතිඇමැතිවරුන් තෙවැනි පාර්ශ්ව හරහාද මෙම ඉල්ලීම් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙය හිසරදයක් තරමට වර්ධනය වීමෙන් පසු රාජපක්ෂවරුන් අතර විශේෂ සාකච්ජාවක් සිදුව ඇති අතර එහිදී ඇමැති මණ්ඩල සංශෝධනය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව ආයතන වෙනසක් පමණක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දැනගන්නට ඇත.










