• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොදන්නාකමට කියන ආවට ගියාට කියන කටට ආවට කියන කවුද මේ පරයෝ…

January 16, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
නොදන්නාකමට කියන ආවට ගියාට කියන කටට ආවට කියන කවුද මේ පරයෝ…
Share on WhatsAppShare on Facebook

‘පරයා’ හිතට ටිකක් නොවේ මහ හුඟක් අමුතුවට වදින වචනයක්. ටිකක් විතර බරපතළ, එහෙම නැත්නම් නොකිය යුතු වචනයක් වගෙත් හිතෙනවා. කොටින්ම කියනවා නම් කුණුහරුපයක් එහෙම නේද ඔබටත් හිතුණේ. පොඩි දරුවෙක් ඉන්න තැනකදි මේ වචනය කියවුණොත් අපොයි කියලා නොහිතුණොත් නේද පුදුමේ? කවුරු හරි ඔබට පරයා කියලා කිව්වොත් එහෙම කියපු පරයගෙ කන රත්වෙන්න ගහන්න නේද හිතෙන්නේ?

ඇත්තටම ඔබට හිතෙන්නෙ පරයා කියන්නේ මහ එපාකරපු වචනයක් කියලා. ඒක එහෙම නෙවෙයි කියලා කවුරු හරි කිව්වත් ලේසියෙන් පිළිගන්න බැරි බරක් ඒ වචනෙ ගැබ්වෙලා තියෙනවා කියලමයි ඕනෙම කෙනකුට හිතෙන්නේ. අපි අපේ ලේසියට පරයා, පරයෝ කියලා කිව්වට මේක දෙමළ වචනයක් විදියට ‘පරයි’ කියලත් භාවිත වෙනවා. හැබැයි දමිළ ජනයා මේ වචනය භාවිත කරන ප්‍රමාණයත් අපේ අය භාවිත කරන ප්‍රමාණයත් ගත්තාම ඕනෑම කෙනකුට තේරෙනවා ඇති අපි මේ වචනය ටිකක් වැඩියෙන් භාවිත කරනවා කියලා. හැබැයි ඉතින් ඒ භාවිතය යහපත් අදහස් දැක්වීමකට වඩා යම් කිසි අයහපතක් එහෙම නැත්නම් කේන්තිය පාලනයට මෙය භාවිත කරනවා වෙන්නත් පුළුවන්.

ඇත්තටම මොකක්ද මේ ‘පරයා’ කියන වචනයේ තේරුම. දෙමළෙන් ‘පරයි’ කිව්වත් සිංහලෙන් ‘පරයා’ කිව්වත් පිටස්තර පුද්ගලයා එහෙම නැත්නම් ආගන්තුකයා, යම් ප්‍රදේශයකට සීමාවකට පිටතින් පැමිණි පුද්ගලයාට තමයි පරයා, නැත්නම් පරයෝ කියන්නේ. එහෙම බැලුවාම හිටි ගමන් කඩන් පාත්වෙන හරිහමන් විස්තරයක් නොදන්න පරයො දැන් නම් කොහෙත් දකින්න පුළුවන්. ගංකාරයො වගේ පැනගෙන කට දාගෙන හරි හරියට කයිවාරු ගහගෙන බොරු සෝබන දාගෙන ඉන්න වැඩිහරියක් පරයො කියන එකත් ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. එහෙම පරයො අතරේ එහෙම පරයි අතරේ මේ වචනයට අයිතියක් තියන පිරිසක් උතුරේ ඉන්නවා කියන එකත් රහසක් නෙවෙයි. ඔවුන් එදා මෙදාතුර කාලයේ පරයි විදියට ආඩම්බරෙන් ජීවත් වෙන්නෙ තමන්ගෙ ඉතිහාසය තුළ රටේ ඒකීයභාවය වෙනුවෙන් කැපවුණාට කියන අභිමානයත් හිතේ තියාගෙනලු. ඒකටත් හේතුවක් තියෙනවා. මේ උතුරේ පරයි තුන්හෙළය එක්සේසත් කරපු දුටුගැමුණු රජුත් සමග අතිශය සමීපව කටයුතු කරපු පිරිසක් විදියටයි ජනප්‍රවාද අනුව හෙළිවෙන්නේ.

ඒ අපූරු කතාව ජනප්‍රවාදයේ එන්නේ මේ විදියට. එකල රටට හානි කරපු එළාර රජුටත් එළාර රජුගෙ හමුදාවන්ටත් දුටුගැමුණු රජු කිසිම සමාවක් දීමට කැමැත්තක් තිබිලා නෑ. එනිසා සතුරු සේනා දුටු තැන පන්න පන්නා පහරදීමේ පුරුද්දක් ගැමුණු රජුට තිබුණාය කියලත් ජනප්‍රවාදයේ කියැවෙනවා. එහෙම සතුරු හමුදා සේනාවකට පහරදෙමින් අනුරාධපුරයේ සිට ඉදිරියට ගිය ගැමුණු රජු සහ සේනාව එම සේනාව පරාජයට පත්කොට එදිනට සටන නතර කරපු තැන කොඩියක් සිටුවා තම ජයග්‍රහණය සනිටුහන් කරපු බවත්, එහෙම කොඩිය සිටවූ තැන වර්තමානයේ කොඩිකාමම් ලෙසින් හඳුන්වන බවත් කියැවෙනවා.

ඒ කතාව එහෙම වෙද්දි තවත් අපූරු දෙයක් වුණාය කියලත් කියැවෙනවා. ඒ තමයි එකම දේකට අද වුණත් කොහේ හරි තැනකට ගියොත් ඒ වැඩේ ඉවර කරලා ආපහු එද්දී ඒ ගියපු නඩෙන් කිහිප දෙනෙක් හරි ඔය ගිය තැනක නතර වෙනවාමනේ. එක්කෝ ඒ පැත්තෙන් කසාදයක් කරගන්නවා. නැත්නම් වෙනත් හේතුවක් හදාගන්නවා. ඕක මේ එදා විතරක් නෙවෙයි, ඉතිහාසය පුරාම සිද්ධ වෙච්ච දෙයක්ය කියලනෙ කියන්නේ. ඉතින් මේ දුටුගැමුණු රජුගෙ සේවාවත් එදා ආපහු ආවම ඒ ගිය පිරිසෙන් කොටසක් කොඩිකාමම්වල නතර වුණාලු. මේ පිරිස ගැමුණු රජුගේ සේනාවට ආහාර පිළියෙල කළ පිරිස කියලයි කියන්නේ. කොහොම නමුත් එහෙම නතරවුණු පිරිස කොඩිකාමම්වල සිට ඒ ප්‍රදේශය පුරා පැතිර යමින් ජීවත් වුණු බවත් කියැවෙනවා.

එදා එහෙම නතර වුණු පිරිස හඳුන්වපු නම ‘පරයි’ විදියටයි භාවිත වෙලා තියෙන්නේ. ජනප්‍රවාදයට අනුව ගැමුණු රජුගෙ සේනාවේ පිරිසක් නිසාම ඔවුන් එම ප්‍රදේශයේ සිය අභිමානය පතුරමින් ජීවිකාව කරගෙන ගිහින් තිබෙනවා.

කොහොම හරි පරයටයි, පරයෙක් නොවන එකාටයි පරයා පරයා කියන බහුතරයක් ඔය කතාව නොදන්නවා වගේම මේ වචනය කියන්න ඕන තැනවත් කියන්නේ ඇයි කියන්නවත් බහුතරයක් දෙනා නොදන්නවා වෙන්න පුළුවන්. නොතේරෙනවා වෙන්නත් පුළුවන්. තේරුණත්, නොතේරුණා වගේ ඉන්නව වෙන්නත් පුළුවන්. එහෙම කෙනකුටත් ඉතින් කියන්න වෙන්නේ පරයා කියල තමයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කියපු දේ කරනවා කරනවාමයි! ජනපතිගෙන් කුරුණෑගලදී සැර කතාවක්! (VIDEO)

Next Post

ලංකා බැංකුව හඳුන්වා දෙන BOB SME Circle විශේෂ ඒකකය විවෘත වෙයි…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.