• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවසට වේලක් ආහාර ගෙන වසර 120ක් ජීවත් වීමේ රහස මොකක්ද?

January 15, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
දවසට වේලක් ආහාර ගෙන වසර 120ක් ජීවත් වීමේ රහස මොකක්ද?
Share on WhatsAppShare on Facebook

වසර 120ක් ජීවත් වීම යනු පරම ආයුෂ විඳීමක් සේ සැලකිය හැකිය. එවන් භාග්‍යයක් ලත් අයකු වේ නම් හේ තෙමේ සුවිශේෂ වන්නේය. වර්තමානයේ සේම ඈත ඉතිහාසය පුරා විමසීමේදී එවැන්නෝ හමුවෙති.

එදා බුදුන්වහන්සේගේ කාලය ගැන විමසීමේදී එවන් සුවිශේෂ රහත් උතුමකු ගැන තොරතුරු හෙළිවන අතර දුප්පතුන්ගේ මුනිවරයා යන නාමයෙන් ප්‍රචලිත වූ උන්වහන්සේ වෙනත් කෙනකු නොව ධුතාංගධාරී භික්ෂුන්වහන්සේ අතර අග්‍ර ස්ථානයට පත්වුණු මහා කාශ්‍යප මහ රහතන්වහන්සේයි.

ධුතාංග දහතුනක් උන්වහන්සේ සතු වූ අතර දුප්පතුන් ගැන මහා කරුණාවකින් ක්‍රියා කළ නිසාම දුප්පතුන්ගේ මුනිවරයා යන විරුදාවලිය උන්වහන්සේ හැඳින්වීමට භාවිත විය.

තම ධුතාංග අතරින් ප්‍රධාන ධුතාංගයක් ලෙස ගෙයක් ගෙයක් පාසා වැඩමකොට දුප්පතුන්ගේ හිතසුව පිණිස පිණ්ඩපාතය ලබාගැනීම සිදුකළ කාශ්‍යප මහ රහතන්වහන්සේ ඔවුන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කටයුතු කළහ.

දිනෙකට එක් වරක් පමණක් පිණ්ඩපාතයේ වැඩම කරන උන්වහන්සේ ආහාර වැලඳුවේ එක් වරකි. එම ආහාර වේල සපයාගැනීම උදෙසාද දුප්පතුන්ගේ නිවෙස්වලටම වැඩම කළ උන්වහන්සේ පිළිබඳ මනා පැහැදීමක් අතිව දන් පිළිගැන්වූ ජනතාව ජීවිතයේ දුක දුරුකර දිව්‍යමය සැප සම්පත් ලබන්නට තරම් භාග්‍ය ලද බව පැවැසේ. එවැන්නෝ දිව්‍යලෝකවල ඉපදී වසර දහස් ගණන් දිව්‍ය සැප සම්පත් විඳිමින් සුව සේ වෙසෙති.

ජීවන ගමනේ ඉතා කෙටි කලකින් පැවිදි දිවිය තෝරාගත් කාශ්‍යප මහ රහතන්වහන්සේ සිය ජීවිතයේ වසර 120ක ආයු කාලයක් සම්පූර්ණ කරන්නට සමත් වූ අතර එයින් වැඩිම කාලයක් දුප්පතුන් වෙනුවෙන් කැපකරන්නටද කටයුතු කළහ.

නිරෝධ සමාපත්තියට සමවැදීමේ සුවිශේෂ හැකියාවක් තිබූ මහා කාශ්‍යප මහරහතන්වහන්සේ දුප්පතුන්ගෙන් ලද ආහාරයෙන් දිනෙකට එක් වේලක් පමණක් කුසගිනි නිවාගෙන නිරෝධ සමාපත්තියට සමවැදී බොහෝ කාලයක් ගතකිරීමට කටයුතු කළහ. එසේම නිරෝධ සමාපත්ති සුවයෙන් උන්වහන්සේට දින හතක් ගතකිරීමේ සුවිශේෂ හැකියාවක්ද තිබූ අතර එම කාලය තුළ කිසිදු ආහාරයක් නොගෙන සිටීම සුවිශේෂත්වයකි.

උතුම් බුද්ධ ශාසනයට කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පැමිණීමද සුවිශේෂ වූවකි. අප මහා ගෞතම බුදු පියාණන්වහන්සේ ලොව පහළ වන කාලයේ බ්‍රහ්ම ලෝකයේ වැඩවාසය කළ කාශ්‍යප මහරහතන්වහන්සේ පිප්ඵලී නමින් මනු ලොවට පැමිණියේ මගධ රටේ මහා තිත්ථ බමුණු ගමේ පින්වත් කුමරකු ලෙසිනි. කෝසියගොත්ත බ්‍රාහ්මණයාගේ සහ සුමනාදේවි බැමිණියගේ පුත් කුමාරයා ලෙසින් මනු ලොවට පා තැබූ පිප්ඵලී කුමරු සසර පුරා පතා ආ ලෙසින්ම ඔහුවම පතා ආ තවත් කෙනකු මදු රට සාගල නුවරද ඉපදුණේය. ඒ, කපිල බ්‍රාහ්මණයාට දාව සුචිමතී බැමිණියගේ කුසින් උපන් පින්වත් කුමරියකි. ඇය භද්‍රකාපිලානි නම් වූවාය. සසර පුරා පතාගෙන ආ ආකාරයටම පිප්ඵලී කුමරු මගධ රටේත්, භද්‍රකාපිලානිය මදු රටේත් උපන් අතර මේ දෙදෙනා ඉතා සැප සේ හැදී වැඩෙමින් ආදර්ශවත් ජීවිත ගත කළහ. පිප්ඵලී කුමරුත් අනෙක් කමාරවරුන් අතරින් කැපීපෙනෙන බොහෝ නිපුණතා ඇත්තකු බව කෙටි කලකින්ම කාටත් අවබෝධ කරදී තිබිණි. ඕනෑම ශිල්පයක් ඉතා ඉක්මනින් පහසුවෙන් අවබෝධ කරගත් පිප්ඵලී කුමරු සිය ගුරුවරුන්ගේ නිබඳ පැසසුමට ලක්වන්නකු බවට පත්ව සිටියේය. උපන් මොහොතේ පටන්ම පිප්ඵලී කුමරු තුළ තිබූ සුවිශේෂතා පිළිබඳ කාගේත් අවධානයට ලක්වූ අතර ඔහුට පිප්ඵලී යන නම තැබීමට පවා හේතුවක් වූයේ පින්බර රන් රුවන් හා සමාන සිරුරක් තිබීම බවයි පැවැසෙන්නේ. ඒ සුවිශේෂ පෙනුම මෙන්ම උන්වහන්සේගේ ක්‍රියාකලාපයත් විශේෂ වූවක් බව උන්වහන්සේට ගිහි කල ශාස්ත්‍රය ලබාදුන් ගුරුවරුන් පවා හඳුනාගෙන තිබිණි. රාජකීය ගෞරව ලබන බ්‍රාහ්මණ කුලයක ඉපදී මනා සැප සම්පත් විඳින්නට භාග්‍ය ලැබුණද පිප්ඵලී කුමරුට ඒ අසීමිත සැපය ගැන එතරම් කැමැත්තක් හෝ ආශාවක් නොවීය. නිතරම මේ සියලු සැප අනවශ්‍යයි යන හැඟීමෙන් සිටි කුමරුට ගිහි ජීවිතය ගැන එතරම් ප්‍රියතාවක් හෝ ආශාවක්ද නොවීය.

අතිසුඛෝපභෝගී ජීවිතය පිප්ඵලී කුමාරයාට දැනුණේ වදයක් ලෙසටයි. ඔහු නිතරම එයින් මිදී ජීවත් වීමක් ගැන සිතමින් කටයුතු කළේය. නිසි කල එළැඹෙද්දී මවුපියන් විවාහය ගැන බලකිරීම සාම්ප්‍රදායිකව සිදු වුවද පිප්ඵලී කුමරු නිතරම එම මාතෘකාව මඟහැර සිටියද ඔහුට දිගින් දිගටම එම මඟහැරීම කරන්නට නොහැකි වීම මත සසරේ පතා ආ ලෙස කටයුතු කිරීමට සිදුවුවද ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් සසරේ දුක නොවඩා සසර දුක නැතිකර ගැනීමේ අදිටන මනාව හඳුනාගෙන කටයුතු කිරීම මත අවසානයේ අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ හමුවී පැවිදි දිවියට එළැඹි උන්වහන්සේ රහත් බව ලැබ තවත් බොහෝ පිරිසකට සසර ගමනේ දුක නිවාගන්නට පිහිට වූහ.

ජීවිතයේ අසීමිත ආශාවන් දුරුකොට සියල්ල පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කිරීම නිසාම සිය දීර්ඝ ජීවන ගමනේදී විශාල පිරිසකට පිහිට වන්නටත්, බුදුරදුන් දේශනා කළ දහම විශාල පිරිසකට දායාද කිරීමටත් කටයුතු කළ උන්වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසේ ධුතාංගධාරී භික්ෂුන් අතරින් අග්‍රස්ථානයට පත්ව සිටියහ.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සතුව ධුතාංග තිබූ අතර උන්වහන්සේ අනුගමනය කළ සුවිශේෂ පිළිවෙත් සහ ගුණාංග හේතුවෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ අසරණ ජනයාට පිහිට වීමට භාග්‍ය ලද බවද විශ්වාස කළ හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මෛත්‍රිගේ විස්මිත අවසානය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මහජන බැංකුවේ ස්වයං බැංකු ඒකක හරහා රුපියල් ට්‍රිලියන 1.2කට අධික ගනුදෙනු…

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.