ත‍්‍රිකුණාමලය සාපි නගර් ප‍්‍රදේශයේ මහවැලි ගඟේ හෙක්ටයාර් 27 භූමි ප‍්‍රමාණයක් යන්ත‍්‍ර සුත‍්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී ඇතැයි පරිසරවේදීහුු පෙන්වා දෙති.
මහා පරිමාණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මෙසේ වැලි කැණීමට අවසර දී ඇති සාපිනගර් ප‍්‍රදේශය මහවැලි ගඟ කලක් තිස්සේ පරිණාමිකව ගලා යාමෙිදී ස්වභාවික ලෙස නිර්මාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප‍්‍රමාණයක් ඇති ප‍්‍රදේශයක් වන අතර ස්වභාවික ඩෙල්ටාවක් ලෙසින් ද වර්ධනය වන පාරිසරික සංවේදී කලාපයකි.
මීට පෙර මෙම ප‍්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප‍්‍රදේශවාසීන් විසින් බලපත‍්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප‍්‍රතික්ෂේප කර තිබු බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධයස්ථානයේ සභාපති රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය.










