කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දෙහිවල මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිඹුලාගේ ප්‍රහාරයට ලක්වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇත.









