ආණ්ඩුව ලබා දුන් පොහොර වර්ග භාවිත නොකළ ගොවීන් හට වන්දි ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන ඇත.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ සියලු ගොවීන්ටම වන්දි ලබා දිය යුතු බවකි.










