තන්තිරිමලේ ප්‍රදේශයේදී ජන්දය දැමීමට මුස්ලිම් ජනතාව ප්‍රවාහනය කරමින් සිටි බස් රථවලට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි.
මෙහිදී එම පිරිස් විසින් බස්වලට වෙඩි තබමින්, ගල් ගසමින්, මාර්ගයේ ටයර් පුච්චා ජන්දදායකයන් බිය වද්දමින් සිටින බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.
අද (16) උදෑසන සිදුව ඇති මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානි සිදුව නැති බව පෙන්වා දෙන එම වෙබ් අඩවිය අඩුම තරමින් බස් රථ දෙකකට හානි සිදුව ඇති බව පෙන්වා දෙයි.










