රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා බවත්, ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවත්, බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” ( අසමත්) බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පෙන්වා දුන්නේය.
පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැති බවත්,තමා බංකුවක තබා සිටින බවත් සඳහන් කළේය.
මේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේ අද දින පොළේ ගොස් එළවළු මිලදී ගැනීමෙන් අනතුරුවය.










