• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද සිට ‘මව්රට’ භාර ‌ප්‍රේමදාසගේ පුතාටද: මහින්දගේ මල්ලිටද? ජනතා තීන්දුව ඇරඹේ

November 16, 2019
in Exclusive
Reading Time: 1 min read
A A
අද සිට ‘මව්රට’ භාර ‌ප්‍රේමදාසගේ පුතාටද: මහින්දගේ මල්ලිටද? ජනතා තීන්දුව ඇරඹේ
Share on WhatsAppShare on Facebook

මෙවර තිස්පස් දෙනෙක්ගෙන් යුතු ජනාධිපතිවරණ සටනේ අවසන් තරගකරුවන් දෙදෙනෙක් වටා සියලුදෙනාගේ අවධානය යොමුව තිබේ. ඉන් අනුර කුමාර දිසානායක හෝ මහේෂ් සේනානායක හෝ වෙනත් කිසිවෙක් හෝ සුළුකොට තකන්නේ යැයි නොසිතන්න.

එක් පසෙක දුප්පතුන්ගේ හිතවතා ලෙස සටනට බට සජිත් ප්‍රේමදාසය. ඔහු හිටපු ජනාධිපති රණසිංහ ‌ප්‍රේමදාසගේ පුතාය. අනෙක් පස ආරක්ෂාවේ නියමුවා ලෙස සටන් බිමට බට ගෝඨාභය රාජපක්ෂය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයාය. ප්‍රේමදාස 1993 මැයි මස් පළමු වැනිදා ත්‍රස්තවාදියෙක් යැයි සැක කරනා පුදගලයෙක්ගේ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. ඒ ඔහුගේ ධුර කාලය ඉක්ම යන්නට වසරකට පෙරය. මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් විධායක ජනාධිපති ධුරය දරා තුන්වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු පරාජයට පත්විය.
සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්තව සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්තව නොසිටිය නමුත් යුද්ධ සමයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බොහෝ බැරෑරුම් රාජකාරියක් සිදු කළේය. සජිත් ප්‍රේමදාස එ.ජා.ප.යේ ඡන්දවලින්, 2000දී 83% ඡන්ද ප්‍රතිශතයකුත්, 2001දී 82% ඡන්ද ප්‍රතිශතයකුත්, 2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්, 2010දී 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ මහින්ද ආණ්ඩුවට හිමි වූ විශාලම ගරුත්වය උපයාගන්නට ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණියේ ය.
දෙදෙනාම ජනාධිපතිවරණයට එන්නේ ජනතාවගේ දැඩි කැමැත්ත මතය. සජිත්ට සටනට එන්නට එ.ජා.ප.යේ නිල කැමැත්ත ලැබෙන්නට පෙර රටේ මිනිස්සු සජිත්ව ඉල්ලුවේය. ගෝඨා ආවේද ජනතාව ඉල්ලූ නිසා බව ඒ අය රැස්වීම්වල දිගටම කීවේය.
සජිත් ආ ගමනද පහසු එකක් නොවේ. ගෝඨා ආ ගමනද පහසු එකක් නොවේ. සජිත්ගේ දිස්ත්‍රික්කයද, ගෝඨාගේ දිස්ත්‍රික්කයද හම්බන්තොටයි.
සජිත් එන්නේ දුප්පතාගේ හිතවතා ලෙස දීර්ඝ ගමනකින් පසුවය. ගෝඨා එන්නේ ආරක්ෂාවේ නියමුවා ලෙස දීර්ඝ ගමනකින් පසුවය. දෙදෙනාගේම ගමන් දිගය. නමුත් මේ දෙදෙනාගෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත් වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ එක් අයෙක් පමණි. අනිත් කෙනා විපක්ෂ නායක වෙන්නේවත් නැත. තීන්දුව ජනතාව සතුය.
සජිත් මේ ගමනට එන්නට පෙර සිටම නෑකම් කීවේ ජනසවිය දුන් පරපුරටය. ගම් උදාව ගැන ඔහු දන්නේ පුංචි එකා සන්දියේය. මිනිස්සුන්ට හිසට වහලක් සිහිනයක් නොවිය යුතු බව සජිත් දැනගන්නේ ප්‍රේමදාස සමයේය. ඒ නිසාම ඔහු සිය ප්‍රධාන දේශපාලන වුවමනාව කරගත්තේ ඒකය. සජිත් දේශපාලනයට එන්නේ තාත්තා හැදූ මැද කොළඹින් නොවේ. සජිත් ඒ වෙනුවට හද්දා පිටිසර හම්බන්තොට තෝරා ගත්තේය. එහි දේශපාලකයන්ගේ සෙල්ලම් බඩු බවට පත්ව තැළී පොඩිවී හෙම්බත් වී සිටි ජනතාවට සජිත් හුස්ම දුන්නේය. සජිත් සිය දේශපාලන ගමනේද වැදගත් කොටස යැයි හිතුවේ දුප්පත් මිනිස්සුන්ගේ හිතවතා වීමය. ඒ නිසා සජිත් හැකි පමණ කළේ ගේ දොර හැදීමය. සජිත්ගේ තාත්තා නිසා හිසට හෙවනක් ලැබුණ අයත් සජිත් නිසා හිසට හෙවනක් ලැබුණ අයත් ලක්ෂ ගාණක් රට වටා සිටිති. ඔවුහු අදත් හෙටත් හැමදාමත් මේ මිනිස්සුන්ට පින්දෙති.
ගෝඨා වැඩි තැනක් දෙන්නේ රටේ ආරක්ෂාවටය. කාලයක් ශ්‍රී ලංකාව හැර දමා ගොස් සිට ආපසු එන ඔහු කෙළින්ම බැස්සේ සටන් බිමටය. එවක පැවති යුද්ධයේ තීරණාත්මක තැනකදී ඔහු සරත් ෆොන්සේකාත්, මහින්ද රාජපක්ෂත් සමඟ එක්ව තීන්දු ගත්තේ රෑය. ඒවා ටක්කෙටම හරි ගිය අතර යුද්ධය අවසන් වීම සිදු විය. එහිලා විශාල ගරුත්වයක් ගෝඨාට හිමි විය. මහින්දගේ පරාජයත් සමඟ යළි රටෙන් නික්මෙන ඔහු ඇමෙරිකන් පුරවැසිභාවය ලබන්නට තරම් වටිනාකමක් හිමිකර ගත්තේය. ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ සහ දරුවා පවා ඇමෙරිකන් පුරවැසිබව ලබා අදත් ඇමරිකාවේ ජීවත් වෙති.
අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟ යළි කරළියට එන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු තීරණ නොබියව ගන්නා බව නිතරම කියයි. ජනතාව ඔහු ගැන හිතන්නේද එසේ මය. රටේ තැන තැන වූ සමහර ප්‍රහාරවලදීත් ජනතාවට ගෝඨාභය සිහිපත් විය. රටේ අපරාධ රැල්ල මඩින්නට, කුඩුවලට එරෙහි වන්නට ගෝඨාභය හැකි උපරිමයෙන් කටයුතු කළේය.
“අපි දුප්පත්කමින් මිදෙන්න ඕන. සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරමින් රණසිංහ ප්‍රේමදාසගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කර කෙටි කාලයක් තුළ මේ රටේ දුප්පත්කමට පැහැදිලි විසඳුමක් ලබා දෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් වැඩි කරනවා. සෞඛ්‍යය ශක්තිමත් කරනවා. රෝහල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින්, පවතින අඩුපාඩු මඟහරවා ගෙන සෑම ක්ෂේත්‍රයක්ම ශක්තිමත් කරමින් ඉදිරියට යන්න අප කටයුතු කළ යුතුයි”
මේ සජිත් නිතරම කී කතාවය.
“යුද හමුදාවට භාර වුණ පුද්ගලයන් අපි පුනරුත්ථාපනය කළා. ඔවුන් සමාජයට ඒකාබද්ධ කළා. ඒ අයට රැකියා අවස්ථා දුන්නා. සමහර අය ආරක්ෂක අංශ වෙත බඳවා ගත්තා. මේ වගේ හොඳ පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ලෝකයේ වෙනත් රටක් නෑ. අපි ඔවුන්ව අත්අඩංගුවේ තබා ගත්තේ නෑ.”
ගෝඨාභය රාජපක්ෂ යුද්ධයට මෙන්ම පුනරුත්ථාපනයට ද විසඳුම් ගෙනාවේය. හැබෑවටම මේ දෙදෙනාටම මාවත් දෙකක් තිබේ. ඒ අතර සජිත් ජාතික ආරක්ෂාව ෆොන්සේකාට බාර දෙන බව කියනා අතර ගෝඨාභය රටේ දුප්පත්කම තුරන් කිරීමට වැඩ පිළිවෙළ සකස් කරනා බවද කියයි.
මේ කාගේවත් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දිනය නොවනා නිසා වැඩි විස්තර සඳහන් කළ නොහැක. ඔබට තීන්දුවක් ගන්නට නියමිතය. අපිට තියෙන්නේ බලා ඉන්නටය. අවසන ඉල්ලන්නට ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ පිලේ අයගෙනුත් ගෝඨාභය රාජපක්ෂගේ පිලේ අයගෙනුත් එක ඉල්ලීමකි. ජනාධිපති වෙන්නේ කවුරුන් වුවද මේ දෙන්නා ගහගන්නේ නැත. මහින්ද රාජපක්ෂ ෆොන්සේකාට කළා වගේ අනිකාව හිරේ නොදමනා බවටද විශ්වාසය. ඒ නිසා ඔබ ඒ අයගේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න. මක්නිසාද යත් මව් රට අපට වැදගත් වන්නේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයවත් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයවත් නොවේ. ආදරණීය ජනතාවනි ඔබේ ජයග්‍රහණයයි. අපිට වටින්නේ ඔබයි. මේ ඔබේත් අපේත් ආදරණීය “මව්රට”යි.

SendShareShare
Previous Post

නිකවැරටිය බණ්ඩාර දේවාලයේ අභිරහස

Next Post

මෛත්‍රිගේ අන්තිම දවස අදයි: ‌මෙච්චර කල් දුන් ‘ආතල්’ අදින් පස්සේ ඉවරයි‌

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.