කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ, කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි දැරියකගේ සිරුර තම නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනයක් ලබා දී ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට සිදුකල පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය එම දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග රහසේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
අදාල තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිටි ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව පොලිසිය කියයි. -ලංකාදීප










