Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිටවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.
එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශ්වාසය පළ කළේ ය.