• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපරාධය සහ දඬුවම..! රාජපක්ෂලාට එරෙහිව රණවක!

December 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අපරාධය සහ දඬුවම..! රාජපක්ෂලාට එරෙහිව රණවක!
Share on WhatsAppShare on Facebook

සංවර්ධන ක්‍රියාදාමය ඇස් කඩා වැටෙන ආකාරයට විස්තර කළත්, මාධ්‍ය ප්‍රචාර දුන්නත්, මේවා යට තිබිච්ච, දැවැන්ත වංචාවන් අද මුළු රටම මුළු ලෝකයම දන්නා බවත්, මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, මේ රාජපක්ෂ පවුල බව පැහැදිලි බවත්, මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, රාජපක්ෂ පවුල විසින් බව ලෝකයා හමුවේ දැන් පැහැදිලිව ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් මාස ගණනාවක් යනතුරු විවිධ අමාත්‍යාංශවලට සුදුසු පුද්ගලයන් ලේකම්වරුන් ලෙස පත් කරගැනීමට නොහැකි වූ බවය. ඉන් පැහැදිලි වන්නේ මේ රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සූදානමක නොසිටි බව යැයි ද හෙතෙම අවධාරණය කළේය.

“එතුමා විසින්ම කිහිප දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කරලා, රටේ ඉන්න වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලීමක් කළා. එවන්න ඔගොල්ලන්ගේ අයදුම්පත්‍ර මේ සුදුසු රාජ්‍ය ආයතන කරගෙන යන්න කියලා ඒ සාමාජිකයෙක් ප්‍රකාශ කරලා තිබුණා අයදුම්පත්‍ර දහස් ගානක් ලැබී තිබුණයි කියලා. ඒ අයදුම්පත්‍රවලට වෙච්ච දෙයක් අද වෙනකන් අපි කවුරුවත් දන්නේ නෑ ඊළඟට පරණ පුරුදු විදිහට ඒ රාජ්‍ය ආයතන වලට දේශපාලන හිතවතුන් ඒ වගේම ඡන්ද ව්‍යාපාරයට දායක වෙච්ච ඇතැම් වෘත්තීයවේදීන් පත්කළා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා බොහෝ ස්ථානවලට වැදගත්ම ස්ථානවලට යුද හමුදාවේ සහ ආරක්ෂක අංශවල නියැලිලා හිටපු පිරිස් වල පත් කිරීම් කළා. මේකත් මේ රටේ තිබිච්ච තත්ත්වයක්. ඒක තමයි මේ යුද හමුදාවේ හිටපු දක්ෂ නිලධාරීන්ට රට කරගෙන යන්න පුළුවන්ය දේශපාලන වශයෙන් කුරුවල් වෙච්ච පරිපාලන සේවාවේ හෝ වෙනත් සේවාවන් වලට වෘත්තීයවේදීන්ට වඩා කියන මිත්‍යාව මේ රට තුළ ස්ථාපිත කරලා තිබුණා. දැන් ආපසු හැරිලා බලනකොට රට බංකොලොත්භාවය කරා ගෙනිහින් ඉවරයි. මේ රට දැන් ගලවාගත නොහැකි බංකොලොත්භාවයක් කරා ගෙනිහින් ඉවරයි. ඒකට මේ රජයේ නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ.

විශේෂයෙන්ම කාබනික ගොවිතැන අසාර්ථක වීමේ වගකීම ජනාධිපතිවරයාත් ඔහුගේ උපදේශකවරුත් කෘෂිකර්ම ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් භාරගත යුතු දෙයක්. මොකද ඒක මේ මහපොළොවේ කරන්න බැරි දෙයක් බව ඒ ගැන ප්‍රකාශ කරපු දවසේ ඉඳන් අපි ප්‍රකාශ කළා. මොකද ඒ සඳහා ඒ කාබනික පොහොර සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ශ්‍රමය එවා නිර්මාණය කරන්න යැවෙන ඉඩම් ඒ වගේම ඒවා නිර්මාණය කරන්න යන කාලය ඒ වගේම විශේෂයෙන්ම එමගින් අස්වැන්නට ඇතිවන බලපෑම කියන මේ කාරණා සියල්ලම විසි දෙලක්ෂයක් ගොවිතැනේ හා වැවිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න ගේ ජීවිත ගැන හිතලා රටේ ඉඩම් වලින් තුනෙන් එකක් එක්ක සෙල්ලම් කරන්න එපා රටේ ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවකගේ කුසගින්න පිළිබඳ කාරණය ගැන රටට ඩොලර් උපයන තේ වගාව ඒ වගේම පොල් වගාව රබර් වගාව කුරුඳු වගාව එක්ක, සෙල්ලම් කරන්න එපා කියන පණිවිඩය අපි ලබා දුන්නා. අද මොකක්ද සෝචනීය තත්වය.

මේ රටට ආක්‍රමණිකයො පැමිණියා. කාලිංග මාඝ, ඒ වගේම රොබට් බ්‍රවුන්‍රිග්. ඒ වගේම කළාටත් වඩා විශාල ව්‍යසනයක් සිදු කර හමාරයි මේ රටේ ගොවිතැනට, වැවිලි වගාවට, අර බ්‍රිතාන්‍යයන් ඇතිකරපු වැවිලි වගාවටත්, සිදුකර හමාරයි. මේ රජය, මේ රාජපක්ෂවරු. ඇත්තටම මේ රටේ අසමත් වෙලා ඉන්නේ වියත්මගේ කට්ටිය විතරක් නෙවෙයි. මේ රටේ අසමත් වීමට ප්‍රධානම හේතුව සියලුම ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රධාන ස්ථාන අරක්ගෙන ඉන්න රාජපක්ෂ පවුලේ ක්‍රියාදාමය.

පළමුව ඔවුන් කිසි කෙනෙක් නිසි අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි. දෙවනුව ඔවුන් කිසි කෙනෙකුට රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රමාණ්වත් අත්දැකීමක් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට නෑ. තුන්වනුව ඔවුන්ගේ එකම ඉලක්කය මේ ජාවාරම්කාර ක්‍රියාදාමය එක්ක කටයුතු කරමින් රාජ්‍ය පාලනය අවුල් කිරීමයි. අද මේ රට ලබන වසරේ යම් හෙයකින් බංකොලොත් වුණොත් තව දශකයක් යනකම්වත් මේ රට ගොඩගන්න හම්බ වෙන්නේ නෑ. මතක තබා ගත යුතුයි.

ග්‍රීසිය බංකොලොත් වුණේ 2010. අද මේ වෙනකන් ග්‍රීසියට එයින් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රටක්. ඒ වගේම යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ආජන්ටිනාවත් එහෙමයි. විටින් විට ගොඩ එමින් නැවත යටයමින් යන තත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා තිස් අවුරුදු යුද්ධයෙන් රට මුදාගත්තායි කියූ අය ප්‍රභාකරන් කළාටත් වඩා, වියරු ව්‍යසනයක් මුළු රටටම සිදුකොට හමාරයි. සුනාමි ව්‍යසනයටත් වඩා වියරු ව්‍යසනයක් මේ රටට සිදුකොට හමාරයි. ඒ වගේම මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහෝ පිරිසකටත් ඡන්දය ලබා දුන් බොහෝ පිරිසකටත් දැන් මේ ව්‍යසනය තේරුම් ගොස් හමාරයි.

ඒ නිසා අන්‍යයන් මත දොස් කියන්නේ නැතුව මෙහි වගකීම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුදල් ඇමතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලත් භාරගත යුතුයි. අද මේ ඇතිවෙලා තිබෙන ණය අර්බුදය ණය ආපසු ගෙවීමේ රාජපක්ෂවරු 2005-15 කාලේ ගත්ත වාණිජ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීම පිළිබඳ අර්බුදයක්. ඒ වාණිජ ණය කිසිම ආදායමක් ඉපදවෙන්නේ නැති වරායවල්, ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගන ඒ වගේම නෙළුම් කුළුණ වල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද ඒ ඉදිකිරීම් බුබුල පිපිරී යන බවත්, මේ ණය අපට බරපතළ ලෙස ආපසු ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙන බවත් අප පෙන්වා දුන්නේ අද ඊයේ නෙවෙයි. 2016 වර්ෂයේ.

ඒ වගේම මේ සංවර්ධන ක්‍රියාදාමය ඇස් කඩා වැටෙන ආකාරයට විස්තර කළත්, මාධ්‍ය ප්‍රචාර දුන්නත්, මේවා යට තිබිච්ච, දැවැන්ත වංචාවන් අද මුළු රටම මුළු ලෝකයම දන්නවා. මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, මේ රාජපක්ෂ පවුල බව පැහැදිලියි.

අද අපේ ගොවිතැන විනාසයි. රට සාගතයක් කරා ගමන් කරමින් තියෙනවා. රට මූල්‍යමය බුන්වත් වීම කරා ගෙන යමින් තිබෙනවා. ඒ තුළ මුළු රට හිඟන රටක් බවට පරිවර්තනය වීමේ අනතුර තියෙනවා. ඒ වගේම නැවත වෙන කවුරු හරි රට ආපසු ගත්තත් ගොඩ නගන්න බැරි විදිහට රටේ වටිනා සම්පත තෙල් සම්පත, තෙල් ටැංකි සම්පත ඒ වගේම ඛනිජ සම්පත් ඒ වගේම සුළං බලය ඒ වගේම වරාය, විදුලි බලය, තෙල්, ගුවන් තොටුපොලවල් ආදී සම්පත් කොළඹ නගරයේ වටිනා ඉඩම් විදේශ බලවේග වලට කුණු කොල්ලයට ලබාදීමට දැන් කටයුතු කරමින් යනවා. මේ සියල්ලෙන්ම ට නැවතත් ආර්ථික සමාජීය වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වෙමින් හමාරයි.

ඒ නිසා අසමත් වී ඇත්තේ මේ රටේ ජනතාවත් ඒ වගේම මේ රටේ වෘත්තීයවේදිනුත් නොවෙයි අසමත් වී ඇත්තේ පරාජය කර වී ඇත්තේත් සම්පූර්ණයෙන්ම මේ රට මේ තත්ත්වයට පත් කොට ඇත්තේත් රාජපක්ෂ පවුල.

අද රට පුරා ජනතාව අතරින් ස්වයංවම නැගෙන හූ හඬින් පෙන්නුම් කරන්නේ ඒ පිළිකුලත් ඒ වෛරයක් බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ නිසා මෙරට ගලවා ගැනීමට, මේ රට බංකොලොත් උනොත් යළි මේ රට බේරා ගන්න බෑ. මේ රට ගලවා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට එන විදිහට අපි මේ රටට ආදරය කරන, දූෂණයට ගැති නොවිච්ච, ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” යනුවෙන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

The Grand Ward Place ව්‍යාපෘතියෙහි අත්දැකීම විඳගන්නට පාරිභෝගිකයන්ට ඇරයුම්…

Next Post

ගම්මන්පිල හදපු අලුත් සමාගමක් එළියට එයි!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.