• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාක්‍රම සමුද්‍රය ළඟ තියෙන පරාක්‍රමබාහු පිළිමයට පණ ඇවිල්ලද? කාගෙද ඒ කතා කරපු හඬ?

December 28, 2021
in Exclusive, Politics
Reading Time: 9 mins read
A A
පරාක්‍රම සමුද්‍රය ළඟ තියෙන පරාක්‍රමබාහු පිළිමයට පණ ඇවිල්ලද? කාගෙද ඒ කතා කරපු හඬ?
Share on WhatsAppShare on Facebook

එකෝමත් එක දවසක හැන්දෑව සැරසිලා හිටියේ මනමාලියෙක් වගේ. අහසෙ එක පැත්තක් රතු පාටයි. තව පැත්තක් රත්තරන් පාටයි. තවත් පැත්තක් තැඹිලි පාටයි. හරියට හෝම්කමින් එකක් දවසෙ ලස්සනට ඇඳගත්තු මනමාලියකගෙ පෙනුම එදා අහසෙ තියෙනවා කියලා සිරිපාලට හිතුණා. සිරිපාලට මේ පැරකුම් සමුද්‍රයේ බැම්ම දිගේ ඇවිදින එක හැමදාම වගේ හුරුපුරුදු දෙයක්. පුංචි එකා සංදියෙ ඉඳලම මේ වැව් තොටිල්ලෙ නැළවිච්ච ආදරෙත් එක්ක කොල්ලා කුරුට්ටා සංදියෙ වැවට පැනලා නාපු අත්දැකීමුත් එක්ක සිරිපාලට වැව් බැම්ම නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි.

වැවේ වෑදිය නිල්ලේ එහෙට මෙහෙට දඟලපු හුළං රැල්ලක් කලබලෙන් පැනලා ඇවිල්ලා පොත්ගුල් විහාරෙ පැත්තට දිව්වා. සිරිපාලට හිතුණා පොත්ගුල් විහාරෙ පැත්තට ගිහිල්ලා එන්න. කාලෙකින් යන්න බැරුව ගිය හින්දා. ජීවිතේ වැඩි ඉඩක් පැරකුම් සමුද්‍රයට වෙන් වෙච්ච පොළොන්නරුවෙ මිනිසුන්ට පොත්ගුල් විහාරෙත් තමන්ගෙ ජීවිතේම කොටහක් වගේ. සමහර කාලවලට පැරකුම් සමුද්‍රයේ වතුර අඩු වෙනකොට මිනිසුන්ට දැනෙන්නේ ජීවිතේ ඉරිතැළිලා යනවා වගේ. ආයෙත් පැරකුම් සමුද්‍රය පිරුණාම මිනිසුන්ගෙ ජීවිත පිරෙනවා. සාර සොබා වෙච්ච පොළොන්නරුවෙ ජීවිතෙත් ගතවෙලා ගියේ කෙත්වතුත් එක්ක. කෙත්වතු සාර වෙනකොට ඒ ජීවිත සාර වුණා. කෙත්වතු පුරන් වෙනකොට ජීවිත පුරන් වුණා. කෙත්වතු සරුවෙලා අටුකොටු පිරෙනකොට මිනිසුන්ගෙ ජීවිතත් අටුකොටු වගේ පිරිලා ඉතිරිලා ගියා. දැන් පොළොන්නරුවෙ ජීවිතේ ඊට වඩා වෙනස්. පොළොන්නරුව දැන් තරුණ වෙලා.

සමහර මතකයන් මහලු වෙලා. පොළොන්නරුවට අලුත් ගොඩනැගිලි ඇවිල්ලා. අලුතෙන් හදාපු ඉස්පිරිතාලෙ පේන්නේ හරියට ජේත්තුවට ඇඳගත්තු මහත්තයෙක් වගේ. වයසට ගිය ගොඩනැගිලි අස්සෙන් ටයි කෝට් ඇඳපු මහත්තයා ඔළුව උස්සලා හිනාවෙනවා. එතකොට වයසට ගිය පරණ වෙච්ච ගොඩනැගිලි ටික ඔක්කොම ඔළුව පාත් කරගෙන තම තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා. සිරිපාලට එක එක දේවල් එක එක තාලෙට හිතෙනවා. සමහර වෙලාවට සිරිපාලට දේශපාලනය ගැන කලකිරෙනවා. කොහොම නමුත් පොත්ගුල් විහාරෙ පැත්තට ගියපු සිරිපාලට හිතුණා වෙනදට වඩා වෙනස් විදියකට ගමන ඉවර කරන්න. ඒක හින්දා පොත්ගුල් විහාරෙ කැලේ එහෙන් මෙහෙන් පැනගෙන සිරිපාල ආවේ පොත්ගුල් විහාරෙ ඉඳන් පරාක්‍රමබාහු ප්‍රතිමාව පැත්තට යනකොට දකුණු පැත්තෙ තියෙන පුංචි චෛත්‍යය ගාවට. ඒක මොකක්ද කියලා තාම කවුරුවත් ස්ථිරව කියලා නැති වුණාට, හුඟාක් අය කිව්වේ මේක පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ දේහය තැන්පත් කරපු තැන කිව්වත්, කවුරු කොහොම කිව්වත් සිරිපාලලා කැමැති වුණේ ඒක විශ්වාස කරන්න. පරාක්‍රමබාහු රජ්ජුරුවො තමන්ට ඇහැ පේන මානයෙ කොහෙ හරි වළලලා දාලා තියෙනවා කියන එක හිතන්න තරම් මේ මිනිස්සු පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට ආදරෙයි. උන්නැහේගෙ සොහොනවත් ඒක රැකවරණයක් කියලා හිතාගෙන හිටපු සිරිපාලට එකපාරට මෙතැනට යනකොට පෙනුණෙ මහ පුදුම දෙයක්. ඒ තමයි කවුදෝ සුදු උස මහත මනුස්සයෙක් මේ පුංචි දාගැබ දිහා බලාගෙන ඉන්නවා. සිරිපාල ගැස්සුණා. සිරිපාල ඒත් ගැස්සුණේ නෑ වගේ ඒ පැත්තට ගියා. සිරිපාලට එක පාරටම පෙනුණේ පොළොන්නරුවෙ ඉන්න හාල් මුදලාලි කෙනෙක් වගේ. ඊට පස්සේ සිරිපාල ඔහුට ටිකක් ළං වෙද්දි පෙනුණා මේ ඉන්නේ නම් හාල් මුදලාලි කෙනෙක් නෙවෙයි, හාල් මුදලාලි කෙනකුගේ නෑදෑයෙක් වෙච්ච කෙනෙක්වත්ද කියලා. ඊට පස්සේ සිරිපාලට හිතුණා මේ ඉන්නේ පොළොන්නරුවෙ හාල් මුදලාලි කෙනෙක් නෙවෙයි, පොළොන්නරුවෙන් ඡන්දෙ ඉල්ලලා පළමුවැනියා වෙන්න වලි කන කෙනෙක් කියලා. හැබැයි ළඟට යනකොට ඒ කවුරුවත් නෙවෙයි. සිද්ධ වුණේ මහ පුදුම දෙයක්. මේ, ඒ කතාව. මේ කතාව විශ්වාස නොකරන්න හේතුවක් නෑ. ඒ නිසා මේ කතාව අපි ඔබට කියනවා.

එක පාරටම සිරිපාලට අර හිටපු මනුස්සයා කතා කළා.

‘ඒයි, තමුසෙ නේද සිරිපාල?’ සිරිපාල ගැස්සුණා. හැබැයි සිරිපාල ගැස්සුණේ නෑ වගේ බලාගෙන හිටියා.

‘මොකද මනුස්සයො ගැස්සෙන්නේ. තමුසෙ හරියට මිනිසුන්ගෙ හාල් එකතු කරගෙන ඇවිල්ලා තමන්ගෙ ගබඩාවෙ හංගගෙන ඉන්නව වගේනෙ බයවෙලා තියෙන්නේ…’ අර මනුස්සයා කිව්වා.

ඒ වෙලාවෙ සිරිපාලගෙ ඇඟට ලේ ටිකක් ඉනුවා.

‘අනේ නෑ හාමුදුරුවනේ. අපේ ගබඩාවල කොහෙද වී. අපට ගබඩාත් නෑ. අපට වීත් නෑ. තව ටික කාලෙකින් අපට කන්න හාලුත් නෑ. ඒ නිසා ඔය වැරැද්ද නං මං කරලා නෑ…’ සිරිපාල කිව්වා.

‘ආ එහෙමද? තමුසෙ ඒ වැරැද්ද කරලා නැත්නම් තමුසෙට බයවෙන්න හේතුවක් නෑනෙ. පොළොන්නරුවෙ ඉන්න කීප දෙනෙක්ම මං දන්නවා එහෙම එක එකාගෙ වී ටික මංකොල්ල කාලා තම තමන්ගෙ ගබඩාවල හංගගෙන ඉන්නවා. එහෙම මිනිස්සුයි බයවෙන්න ඕනෙ. තමුසෙලා වගේ අහිංසක ගොවියො නෙවෙයි….’

එහෙම කිව්වාම තමයි සිරිපාලගෙ ඇඟට ලේ ඉනුවේ.

‘එතකොට ආයිබොවන්ඩ ඔබවහන්සේ ජොගින් ට්‍රැක් එකේ ඇවිදින්න ආපු කෙනෙක්ද…?’ සිරිපාල ගොත ගගහා කිව්වා. සිරිපාලට ඒ වචනෙ කියාගන්න හරිම අමාරුයි. සිරිපාල හුඟක් වෙලාවට කියන්නේ ජොගින් ට්‍රැක් කියන එකට ‘ජොකින් ට්‍රැක්’ එක කියලා. ඒකට ජොකින් ට්‍රැක් කියලා කිව්වම හන්දියෙ ඉන්න කොල්ලො කුරුට්ටො සිරිපාලට හිනාවෙනවා.

‘ඒක ජෝක් එකක් නෙවෙයි ඕයි. ඒක ජොගින් ට්‍රැක් එක’ කියලා.

හැබැයි ඉතින් සිරිපාලට හැමදාම කියවුණේ ජොකින් ට්‍රැක් එක කියලා. සිරිපාල ඒක කියපු විදියට මේ නාඳුනන මනුස්සයටත් හිනා ගියා.

‘තමුසෙට පිස්සුද ඕයි. මේ වැව් බැඳපු රටේ බත බුලතින් සාරවෙච්ච මහ පොළොවෙ හේනේ කුඹුරෙ හැප්පෙන මිනිසුන්ට මොකටද ජොගින් ට්‍රැක්…?’ උන්නැහැ කිව්වා.
සිරිපාලට මේ කතාව තේරුම් අරගන්න බෑ.

‘ඉතිං හාමුදුරුවනේ ඔබවහන්සේලා…’ කියල සිරිපාලට කියවුණේ ඉබේටම.

අන්න ඒ පාර අර මනුස්සයා හිනාවුණා.

‘ඒ කියන්නේ තමුසෙ මාව අඳුනගත්තා…?’ ඒ නාඳුනන මනුස්සයා කිව්වා. සිරිපාලට හිතුණා වැඩේ හරි කියලා. සිරිපාල ටිකක් ඇස් ලොකු කරලා බලාගෙන හිටියා. එක පාරටම ඇහුවා,

‘කෝ ඔබවහන්සේගේ සාටකේ…’ කියලා. ඒ වෙලාවෙ තමයි සිරිපාලට තේරුණේ අමුත්තට තරහා ගියා කියලා. අමුත්තා වචන කීපයක් කිව්වා. හැබැයි ඒ වචන පත්තරේ පළකරන්න බැරි හින්දා ඒක අපි නොකියා ඉන්නම්.

‘සාටකේ නෙවෙයි අයිසේ. මං සාටක දාන මිනිහෙක් නෙවෙයි. මං මේ පොළොන්නරුවෙ…’ කියලා කට ගන්න හම්බවුණේ නෑ, සිරිපාල අයෙත් කතාව අස්සෙන් හොට දැම්මා.

‘ආ… ෂුවර් එකටම ඔබවහන්සේ තමයි අපේ පොළොන්නරුව අස්වද්දන මහ පොළොවෙන් මතුවෙච්ච….’ ඒ කතාව ඉවර කරන්න දුන්නෙ නෑ.

අර මනුස්සයට අසූහාරදාහට නැග්ගා කියලා තේරුණා.

‘මහපොළොවෙන් මතුවෙච්ච….’ කියලා ආයෙත් කුණුහරුප තුනහතරක් කිව්වා. හැබැයි කතාව එතැනින් ඉවර වුණේ නෑ. දැන් මේ අමුතු මනුස්සයා සිරපාලගෙන් ප්‍රශ්න කීපයක් අහනවා.

‘දැන් තමුසෙලට කන්න තියෙනවද…?’ සිරිපාල ගත් කටටම,
‘නෑ…’ කිව්වා.

‘කන්න නැත්තං ඕයි තමුසෙලා ඇයි මේ රටේ වෙනසක් කරන්න හිතන්නෙ නැත්තෙ…?’

සිරිපාල කල්පනා කර කර ඉන්නවා.

‘තමුසෙලා ඔහොම කල්පනා කර කර හිටියොත් එහෙම වෙන්නේ හැමදාම අපේ රටේ මිනිසුන්ට ණයකාරයො වෙලා මැරිලා යන්න. තමුසෙලා අවුරුදු 72ක් තිස්සේ ඔහොම කල්පනා කර කර හිටියා බූරුවො වගේ. අපේ කාලෙ නම් එහෙම නෑ….’

අන්න ඒ පාර සිරිපාලට පොඩි සැකයක් හිතුණා. අවුරුදු 72ක් තිස්සේ මුළු රටම එක එකාගෙ පදේට නටනවා කියන්නේ මෙයා මේ අවුරුදු 72 අතරතුර රට පාලනය කරපු කෙනෙක් නෙවෙයි. එහෙම නම් මේ කවුද?

‘ඔබවහන්සේ ඇත්තටම කවුද…?’

‘මං කවුද කියලා තමුසෙට කියන්නම්. දැන් තමුසෙලට කුඹුරු ටිකට දාන්න පෝර ටික හම්බවෙනවද? තමුසෙලට ජීවත්වෙන්න විදියක් තියෙනවද?’ ආං ඒ ප්‍රශ්නට නම් සිරිපාලට හෝස්ගාලා ගියා.

සිරිපාල වක්කඩ කැඩුව වගේ කියාගෙන කියාගෙන යන්න පටන්ගත්තා.

‘අනේ ඔව් හාමුදුරුවනේ. අපට කන්න බොන්න නෑ. අපට මහ ලොකු දේවල් ඕනෙ නෑ. අපි මේ රජයේ රස්සාවල් ඉල්ලුවෙ නෑ. අපි පාරවල්වල බෝඩ් අල්ලගෙන හිටගෙන හිටියෙ නෑ. අපේ අධ්‍යාපනයට හරියන රස්සාවක් දෙන්න කියලා අපි කෑගැහුවෙ නෑ. අපේ දරුවොත් ඉගෙනගත්තා. ඒත් අපි රජයේ රස්සාවල් ඉල්ලලා, රජයේ විශ්‍රාම වැටුප් ඉල්ලලා කොහෙවත් පෙළපාළි ගිය මිනිස්සු නෙවෙයි. අපි අපේ දෑතෙ වීරියෙන් හම්බකරගත්ත මිනිස්සු. අපේ කුඹුරු අපිව ජීවත් කෙරුවා. අපේ පවුල් පිටින් ජීවත් කෙරුවා. අපට කන්න අඳින්න දුන්නා. අපට සැනසිල්ලේ ජීවත්වෙන්න ඉඩ දුන්නා. අපට සැනසිල්ලෙ මැරෙන්නත් අපේ කුඹුරු ඉඩ හදලා දීලයි තිබුණෙ. ඒත් කොහෙන්දෝ ආපු පෝර කතන්දරයක් හින්දා දැන් අපට කුඹුරු ටික අස්වද්දගන්න බෑ. අපි පරම්පරා ගානක් කවදාවත් කඩෙන් වී අරගෙන නෑ. ඒත් දැන් මෙදා කන්නේ අපට වෙන්නේ කඩෙන් වී ගන්න. දැන් පෝර ටික ගෙදර ගෙනියන්න බයයි. ඉස්සර පාවිච්චි කරපු පෝර ඇහැකට දකින්න නෑ. පෝර තියෙනවා තැන් තැන්වල. පෝර මිටිය තුන් ගුණය, හතර ගුණය, පස් ගුණය, සමහර තැන්වල දහ ගුණය වෙලා. කාබනික පෝර කියලා ජාතියක් හම්බවෙනවා. ඒවා චීනපටස් වගේ. එහෙන් පුපුරනවා මෙහෙන් පුපුරනවා. කොහොම දැම්මම අස්වැන්න එයිද, කොහොම දැම්මම සරුසාර වෙයිද කියලා හිතාගන්න බෑ. අපි පුරුදු වෙච්ච ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමය දැන් ඉතින් අපට හීනයක් වගේ. ඔබතුමා කවුරු වුණත් අපි වැටිලා ඉන්නේ මහ අගාධයකට කියලා අපට දැන් තේරෙනවා….’

අර රූපෙ හයියෙන් හිනාවුණා.

‘හහ් හහ් හහ්….’

මොකද යකෝ හිනාවෙන්නේ කියලා සිරිපාලට අහන්න හිතුණත්, කවුද කියලා අඳුනගන්න බැරි හින්දා එහෙම බරපතළ කතාවක් කියන්න සිරිපාලට බයයි. මේ කියපු ටිකටත් මේ මනුස්සයා මොන වගේ පියවරක් ගනීද දන්නෑ කියලා හිතිලා සිරිපාලගෙ පපුව ගැහෙන්න ගත්තා. මොකද සිරිපාලගෙ මායියා හැමදාම කියනවා කට ඉස්සර කරගන්න එපා කියලා. පොළොන්වෙ කට ඉස්සර කරගත්තොත් එහෙම වෙන වින්නැහිය හිතාගන්නවත් බෑ. ඔය ඇමැති කෙනකුත් කට ඉස්සර කරගෙන ඇවිල්ලා පොළොන්නරුවෙදි නගුට මොකක්ද එකක් අස්සෙ ගහගෙන ගෙදර ගියා කියලයි ගමේ උන්දැල කතා වෙන්නේ. ඒ හින්දා මේ වෙලාවෙත් කට වැරැදුණාද කියලත් සිරිපාලට හිතුණා. ඒත් සිරිපාල ඒ බව අඟවන්නෙ නැතුව බලාගෙන හිටියා, අමුත්තා මොකක්ද කියන්නේ කියලා.

‘තමුසෙලා මහ අවාසනාවන්ත මිනිස්සු. තමුසෙලාට ජීවත් වෙන්න මහ වැවක් බැඳලා, තමුසෙලාටම කියලා කුඹුරු යායක් හදලා, තමුසෙලට ජීවත් වෙන්න පුළුවන් විදියෙ ආර්ථික ක්‍රමයක් හදලා, අපේ රටේ රජවරු මැරිලා ගියාට පස්සේ තමුසෙලා මොකද කළේ? තමුසෙලා ඒ වැව් අයිනෙ හෝටල් හැදුවා. ඒ නගර ගොඩකරලා වැව්වල වතුර බහින සීමාවේ තමුසෙලට ඕනෙ ඕනෙ විදියට ගොඩනැගිලි හදාගත්තා. අන්තිමට තමුසෙලා තමුසෙලගෙ ඡන්දවලින් මිනිසුන්ව පාර්ලිමේන්තුවට යවලා, ජනාධිපතිවරු කරලා දැන් තමුසෙලාගෙම කුඹුරෙ තමුසෙලාටම වැළලෙන්න වෙලා තියෙන්නෙ. ගොවියො බෙල්ලෙ වැල දාගන්නවා තමන්ගෙ අස්වැන්න විකුණගන්න බැරුව. වට්ටක්කා කිලෝ එක රුපියලට දෙකට විකිණෙන කාල තියෙනවා. සමහර කාලවල වට්ටක්කා ගොවියො වට්ටක්කා ටික පාරෙ ගොඩගහලා යනවා. එහෙන් ගමට අලි එනවා. මෙහෙන් අස්වනු විකුණගන්න බැරි වෙනවා. දැන් පෝර නෑ. මොකක්ද ඕයි තමුසෙලගෙ ජීවිතේ…? තමුසෙලම නේද ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ව පත් කළේ….?’
සිරිපාලට කටඋත්තර නැතිවුණා. සිරිපාලට මතක් වුණා මමත් කතිරෙ ගැහුවෙ ඔය කියන කට්ටියටම නේද කියලා. ඒ වෙලාවෙ නම් සිරිපාලට ලැජ්ජත් හිතුණා.
‘හරි සිරිපාල තමුසෙ කියනවා බලන්න තමුසෙ ඡන්දෙ දුන්නෙ කාටද කියලා…?’

සිරිපාල බිම බලාගත්තා ලැජ්ජාවෙන්. සිරිපාල දකුණෙ කකුලෙ මහපටැඟිල්ලෙන් බිම හාරන්න පටන්ගත්තා.

‘තමුසෙට ලැජ්ජද…?’ අමුත්තා අහනවා. සිරිපාලට ඇත්තටම ලැජ්ජා හිතුණා.

‘ලැජ්ජා වෙන්න නෙවෙයි ඕයි, තමුසෙලා සරමක් ඇඳන් ඇවිදින එක ගැනත් තමුසෙලට ලැජ්ජා හිතෙන්න ඕනෙ…’

ඒ පාර නම් සිරිපාලට කියන්නම හිතුණා. අච්චර දේවල් කරලා, අඩි හයක් පොළොව යට කියලා, මෙච්චර මෙච්චර අසාධාරණකම් වුණා කියලා අපේ ගමේ හාදයෙක් තව කෙනෙක්ව අගමැති කළා නම්, ඒ මනුස්සය සරම ඇඳගෙන ඕනෙ තරම් ගමන් බිමන් යනවා නම්, රටේ ජනාධිපති වෙලා ඉඳලා දැන් ඇමැතිකමකුත් නැතුව පාර්ලිමේන්තුවෙ ඉන්නව නම් මොකටද ආයුබොවන්ඩ ලැජ්ජා වෙන්නේ කියලා. ඒත් ඉතින් ඕවා කියලා මොකටද හිතලා සිරිපාල කට පියාගෙන හිටියා. ටිකෙන් ටික හැන්දෑ වුණා. කාලය ගතවෙලා ගියා. අහස රත්තරන් පාට කළුපාටට හැරුණා. අහසෙන් එහෙට මෙහෙට පියාඹමින් හිටපු කපුටො, කොක්කු වෙනුවට මාවවුලො සට සට ගාලා ඉගිලෙන්න ගත්තා. රාත්‍රිය උදාවෙනකොට ගෙවල් පැත්තට යන්න ඕනෙ කියලා සිරිපාලටත් හිතුණා. සිරිපාලට දැනගන්න ඕනෙ මේ අමුත්තා කවුද කියලා.

‘තරහා වෙන්න එපා ආයුබොවන්ඩ මෙහෙම ඇහුවට. රටේ තොටේ දේවල් ගැන බොහොම කලකිරීමෙන් ඉන්න පාටක් නම් පේනවා. අපේ ජීවිතත් එහෙම තමයි. හරියට ගතවෙන්නේ කොයි වෙලාවෙ නැතිවෙයිද කියලා හිතාගන්න බැරුව. ඒත් ඉතිං මොනව කරන්නද? අපිත් හැබැයි දරුමල්ලො ජීවත් කරවන්න ඕනෙ. මං ඇහුවට තරහ වෙන්න එපා ආයුබොවන්ඩ. ඔබතුමා කවුද…?’

අර මනුස්සයා හිනාවුණා. හිනාවෙලා සිරිපාලට කිව්වා කාටවත් කියන්න එපා. මං දැන් යන එන මං නැතුව ඉන්නේ. මට එපාවෙලා තියෙන්නේ ඕයි. මෙතනට වෙලා ඈත බලාගෙන ඉඳලා. පේන දේවල් දැකලා දැකලා දැකලා මටම ලැජ්ජයි පොළොන්නරුවෙ කියලා කියන්නත්. ඒත් ඉතිං මොනව කරන්නද? දැන් මට අයිති වෙලා තියෙන්නේ ප්‍රතිමාවක් විදියට බලාගෙන ඉන්න විතරයි. මේ රටට වෙන්න යන දේ දැක්කට පස්සේ මට හිතෙනව පරාක්‍රම සමුද්‍රයට පැනලා දිවි නහගන්න. ඒ තරම් අවාසනාවන්ත කාලයක් උදාවෙලා තියෙන්නේ…’ කියලා මේ රූපෙ කියාගෙන කියාගෙන ගියා. එහෙම කියලා හයියෙන් හුස්මක් අරගෙන. මේ නාඳුනන අමුත්තා කිව්වා,
‘මං තමයි ඕයි පරාක්‍රමබාහු රජ්ජුරුවො…’ කියලා.

සිරිපාලට උන්හිටි තැන් අමතක වුණා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨා කොවිඩ්වලින් රට ආරක්ෂා කළා! බැසිල් අයවැයෙන් හොඳ දැක්මක් රටට දුන්නා! ආණ්ඩුව ආරක්ෂා කරගන්න කැපවෙනවා! දිනේෂ් දේශපාලනය කතා කරයි!

Next Post

ජොනී අලුත් පාරක් අරියි! (PHOTOS)

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.