සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා ජාතික සුරක්ෂිත දිනය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් අද (26) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
කොවිඩ් වසංගතය නිසා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික සුරක්ෂිත දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රැකීම සිදුකරනු ලබයි.
සුනාමි ව්‍යසනය සිදුවී වසර 17ක් සපිරෙන අද (26) දිනයේත් පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාව රැකීම සිදුකරන අතර දිස්ත්‍රික් මට්ටමින් ජාතික සුරක්ෂිත දිනය සැමරීමට කටයුතු සංවිධානය කර ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.










