මේ රටේ කොපමණ යහපත් දෙයක් සිදු කළද එහි හොඳ ඇසීමට නම් මිය යා යුතු බවත්, ජීවත්ව සිටින කාලයේ කිසිවකුත් කොපමණ හොඳ කළද හොඳක් නොකියන බවත් ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.
රටේ වර්තමාන තත්ත්වය පිළිබදව මාතලේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සදහන් කළේය.
මේ රටේ හිටපු නායකයන් රටට කෙතරම් හොද කළත් ජනතාවගෙන් අපහාස, උපහාස වින්ද ආකාරය පිළිබදව උදාහරණ රැසක්ද මෙහිදී මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේය.










