• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාෆි සාපයක් කියලා ජන්ද කාලේ කෑගහපු අය දැන් මොකද කියන්නේ! මව්රට එදා සාෆි ගැන කුරුණෑගලටම ගිහින් කියපු ඇත්ත කතාව!

December 22, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සාෆිට කෝටි ගණන් දුන් යහළුවන් ගැන පරීක්ෂණ ඇරඹේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉතිහාසය උඩු යටිකුරු කරමින් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් වඳ සැත්කම් කළ බවට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රවෘත්ති පත්‍රයක් සිය මුල් පිටුව පුවතකින් සැරසුවේය. එය ලංකාවේ මාධ්‍ය ඉතිහාසය පවා වෙනස් කළ සිදුවීමකි. කිසිදු අධිකරණ තීන්දුවක් හෝ ගෙන නොමැති අවස්ථාවක එවැන්නක් පළ කළේ කෙසේදැයි අප දන්නේ නැත. නමුත් පත්තරකාරයන් ලෙස අපට තේරෙනා එකම කාරණාව වන්නේ එහි යම් කිසි යටි අරමුණක් තිබූ බවය. ඒ යටි අරමුණ කාගේද කුමක්ද උදෙසාද කියන එක සම්බන්ධව කියනා එක හෝ ලියනා එක අපේ වැඩක් නොවේය.

නමුත් අපි මේ වඳ සැත්කම් නාට්‍යයේ පිටපතත් නළුවනුත් එහි අධ්‍යක්ෂවරුනුත් නිෂ්පාදකවරුනුත් සොයා කුරුණෑගල ගියෙමු. ඒ කුරුණෑගල ගියේ කිසිවකුට නොදන්වාය. ලියුම්කරු වන මා කුරුණෑගල රෝහලේ උපන්නකු නිසාත්, ලියුම්කරුගේ නෑ හිතමිත්‍රයන් බොහෝ දෙනෙක් කුරුණෑගල රෝහලේ සේවය කරන නිසාත්, ලියුම්කරු ඇතුළු මාධ්‍ය හිතෛෂීන්ට රෝහල් පරිශ්‍රයක් තුළ බොහෝ සම්බන්ධතා ගොඩනගා ගත හැකි නිසාත් ඒ කාරණාව පහසු විය. අපි කිසිසේත්ම සාෆි සහබ්දීන් හෝ ඔහුගේ නෑදෑයෙක් හිතමිත්‍රයෙක් දැක හෝ ඔවුන් සමග කතාබහ කර හෝ නැත. නමුත් අපි රෝහල තුළ කරක්ගැසුවෙමු. එහිදී බොහෝ සත්‍ය අසත්‍යයට යටවී සැඟවී ඇති බව පසක් විය. ඒ සත්‍යය කවදා හෝ හෙළිවෙතැයි බලාපොරොත්තු තබා සිටිමුත් එය මේ තරම් ඉක්මනින් හෙළිවෙතැයි අප සිතා සිටියේ නැත. නමුත් ෂාෆි සහබ්දීන් හෝ වෙනත් පුද්ගලයෙක් කාන්තාවන්ට නොදන්වා අනවසරයෙන් ඔවුන් වඳ බවට පත්කරන්නේ නම් ඒ අයට එරෙහිව දඬුවම් කළ යුතු බවත්, නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවත් අප අදද මේ මොහොතේද තරයේ සිහිපත් කරමු.

ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල නීතියේ හිල් ඇති බව අප දන්නා කාරණයකි. ධනපති නීතිය මකුළු දැලක් වග කවුරුන් කොහේ හෝ කියා තිබුණද එය සත්‍ය බවට පසක් වන බොහෝ කරුණු කාරණා අපද දැක තිබේ. නමුත් ෂාෆි සම්බන්ධව එවැන්නක් සිදුවූ බවක් අප දන්නේ නැත. ෂාෆි තමන් වඳ බවට පත්කළ ආකාරය ගැන කියමින් බොහෝ කාන්තාවෝ පොලිසිවලට හෝ වෙනත් ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කළ බව පුවත්පත්වල ඡන්ද ප්‍රතිඵල වගේ පළවුණේය. දවසින් දවස ගණන් වෙනස් වෙමින් ෂාෆිට එරෙහිව නඩු එකතු විය. ෂාෆි වරදකරුවකු වන බවට බෙල්ල මුලටම හිරවුණේය. ෂාෆිගේ දරුමල්ලන්ට පවා තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය බව නැතිවී ගියේය. ඔවුන්ට පාසල්වලින් සමුගන්නට සිදුවිය. පුංචි දරුවන් පවා මේ සෙල්ලමට ගොදුරු කරගත් කවුරු හෝ කෙනකු ෂාෆිගේ රැකියාව අහිමි කළේය. ෂාෆි රෝහල තුළදී එවැන්නක් සිදු නොකළ බව අප මාධ්‍යවේදින් ලෙස තරයේ කියා සිටියෙමු. ඒ ෂාෆි හොඳ නිසාවත්, ෂාෆි අපට කිසිවක් දුන් නිසාවත් නොවේ. ෂාෆි තනිවම එවැන්නක් රෝහල තුළ සිදු නොකරන බව අප සොයාගත් කරුණු නිසාය. එසේම ෂාෆි විසින් දරු ප්‍රසූතිකාගාරයේදී බොහෝ කටයුතු සිදුකරද්දී ඔහුට ඉහළින් සිටි වෛද්‍යවරුන් එසේම ඔහු සමග සිටි හෙදියන් අප සොයාගිය නිසා මෙසේ හෙදියන් හෝ වෙනත් කිසිවකුට නොදන්වා ශරීරය තුළට යම් කිසිවක් ඇතුළු කිරීමට තබා මේ ප්‍රසූතිකාගාරයට කිසිදු උපකරණයක් රැගෙන යන්නටවත් මේ වෛද්‍යවරුන්ට නොහැකි බව අප සොයාගත්තෙමු. එසේම ඉතා වැදගත් කරුණ වන්නේ රෝහලක් තුළ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම පහසු කටයුත්තක් නොවනා එකය.

සාමාන්‍යයෙන් හෙද කාර්යමණ්ඩලය තමන්ගේ විවේකාගාරවලත් තමන්ගේ මිතුරු මිතුරියන් සමගත් කතාබහ කරමින් බොහෝ කාලය ගතකරනු අප දැක තිබේ. ඔවුන් කිසිවකුට ෂාෆි විසින් මෙවැන්නක් කරන්නට ඉඟියක් හෝ දැනුනේ නම් ඔවුන් කිසිවකු සමග එය නොකියා රහසක් ලෙස තබාගන්නට තරම් ෂාෆිට හිතවත් වෙන්නේ මොන හේතුවක් නිසාදැයි අප දැන සිටියේ නැත. නමුත් ඔබට කිවයුතු සත්‍යය කීවෙමු. ඒ සත්‍යය ඔබ පිළිගත්තද නොපිළිගත්තද අප දන්නේ නැත. අප සමග පෙළට සිටගන්නට බොහෝ මාධ්‍ය සගයෝ කැමැති වුණේ නැත. ඔවුන් අපටද චෝදනා කළා මිස වඳ සැත්කම් සෙල්ලමේ ඔවුන්ද කොටස්කරුවන් වූවා මිස ඔවුන් ෂාෆි හෝ වෙනත් අයකු නිවැරැදි බව කියන්නට ඒ තරම් උනන්දු වුණේ නැත. නමුත් අපි හුදෙකලාව ඒ බව කියා සිටියෙමු.

විශේෂයෙන්ම ප්‍රේමලාල් විජේරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාද මේ කටයුත්තේදී බොහෝ උනන්දු වෙමින් කරුණු සොයාබලමින් බොහෝ දේ වාර්තා කර තිබුණේය. ඒ නිසා අපි මේ ෂාෆි නරක මිනිහෙක්ද නැද්ද කියන්නට නොදන්නා මුත් ෂාෆි අතින් එවැන්නක් සිදුවූවාට වඩා සිදුනොවූවා යැයි පිළිගත හැකි සාක්ෂි එකතු කර ඔබට පෙන්නුවෙමු. අපි අදත් ෂාෆි හොඳ මිනිහෙකුද නරක මිනිහෙකුද කියන්නට දන්නේ නැත. ඔහුගේ හොඳ නරක හොයන්නට අපට උවමනාවක්ද නැත. නමුත් ඔහුට එල්ලවූ චෝදනාව අසත්‍යයක් බවත්, එය ජාතිවාදී බවත්, ඒ ජාතිවාදී බව හමුවේ අපටද රටටද අප සියල්ලන්ටමද දැවැන්ත ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවිය හැකි බවත් අප දැන සිටියෙමු.

මේ වන විට සියල්ල සිදුවී අවසන්ය. ෂාෆි සහබ්දීන් 2019 වසරේ මැයි මාසයේ 23 වැනිදා පළවූ පුවතත් සමග බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නේය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වගේම මේ පරීක්ෂණ මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ෂාෆිට එල්ලවී ඇති චෝදනා පිළිබඳ විශේෂ විමර්ශන පවා සිදුවිය. නමුත් 2020 ජූලි මාසයේ 26 වැනිදා ෂාෆි ඇප මත මුදාහැරියේය. මේ සියල්ල වෙනස් වෙමින් අද වන විට ෂාෆිට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කරගත නොහැකිව ෂාෆි නිදහස් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබෙන බව දැනගන්නට තිබෙන්නේ ෂාෆිට හිඟ වැටුප් ඇතුළුව සියලු ගෙවීම් යළි සිදුකළ යුතු බවය. දැන් නාට්‍යය අවසන්ය. දැන් මේ පසුවදන ගැන කතා කළ යුතු කාලයයි. නාට්‍යය අවසානයේ යන නම් වැල ගැන කිසිවකුත් බලන්නේ නැත. කිසිවකුත් දකින්නේද නැත. මේ නාට්‍යයේ පිටපත ලිව්වේ කවුද, මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ කවුද, මේ නාට්‍යයේ නළුවන් කවුද කියනා එක අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැත. කවුරුන් හෝ කෙනෙක් ෂාෆි හෝ ෂාෆිගේ වෙනත් ජාතියක් කුලයක් ආගමක් හෝ කුමන හෝ කාරණාවක් නිසා ෂාෆි ඇතුළු කණ්ඩායමක් අපහසුතාවට පත්කිරීමෙ වුවමනාවෙන් මෙය කළා නම් එය ඉතා බරපතළ අප්‍රසන්න සිදු නොවිය යුතු ආකාරයේ සිදුවීමකි.

අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් වැඩක් නැත. බොහෝ ප්‍රශ්න අප විසින් දාගත් ඒවා මිස ස්වභාවිකව ඉපදුණු ඒවා නොවේ. අප තිස්තුන් වසරක අඳුරු යුද්ධයකින් පීඩා විඳි මනුෂ්‍යයෝ වෙමු. ජාති ආගම් කුල භේදවලින් තොරව සියලු මංමාවත්වල බෝම්බ හඬ ඇසෙතැයි අප බියෙන් සිටියෙමු. මේ සතියේ පුවත්පතේම තවත් තැනක මේ බෝම්බ කතාව ලියන්න සිදුවූ නිසා යළි එය අමුතුවෙන් කියන්නට යන්නේ නැත. නමුත් ෂාෆි නාට්‍යය දැන් අවසන්ය. සමහර විට ෂාෆි සහබ්දීන්ගේ නාට්‍යයම හෙට වෙනස් ස්වරූපයකින්, වෙනස් ආකාරයකින් මතුව ආ හැකිය. ආදරණීය නළු නිළියනි, අධ්‍යක්ෂවරුනි, ඔබ සියලු දෙනාගෙන් අප ඉතා ගෞරවයෙන් සෙනෙහසින් ඉල්ලා සිටින්නේ අප ඔබ දෙනා බලාසිටින්නෝ වෙමු.

අපි අහිංසක ප්‍රේක්ෂකයෝ වෙමු. සියලු නරිනාටක නරඹා අවසානයේදී ඔබ එවැන්නක් සිදු නොවූයේ යැයි කිව්වාට වැඩක් නැත. බොහෝ මිනිසුන්ට හානි වී අවසානය. බොහෝ මිනිසුන්ට පාඩු සිදුවී අවසන්ය. බොහෝ සිත් තැළී අවසන්ය. බොහෝ වේදනා ඇතිවී අවසන්ය. දරුවන් ලැබුණාට පසු තමන් වඳ කළ බවට කී කිසිදු කාන්තාවක් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී නැත. එසේ ඉදිරිපත් නොවූවා යැයි කියන්නේම බොහෝ දෙනා මේ කතාවේ රංගනයට දායකත්වය දැක්වූ ගරු චරිත නිසාය. එහෙම නැත්නම් මේ කතන්දරයට ඔවුන් රැවැටුණු නිසාය. බොහෝ කතන්දරවලට අපි රැවැටෙමින් සිටිමු.

වඳ කොත්තු කතාවත් එහෙම අපි රැවැටුණු කතාවකි. කොවිඩ් ලංකාවට ආසන්නයේ එය එක්තරා ජාතියක් විසින් මේ රටේ පතුරුවන බවට සමහරු චෝදනා කළහ. එය ඔප්පු කරගත නොහැකි වූ තැන දැන් ඔවුන් බොහෝ නන් දොඩවමින් සිටිති. නන් දොඩවා විකාර කියා මේ ජාතිවාදී කුලාවාදී අර්බුද අවස්ථා අවුස්සා තමන්ගේ මඩිය තරකර ගන්නට, ඡන්ද පෙට්ටි පුරවා ගන්නට අනුන්ගේ පානෙන් එළිය බලන්නට උත්සාහ කරන දේශපාලකයෝ කවුද, නායකයෝ කවුද කියන එක ඔබ අප සිහි බුද්ධියෙන් අවබෝධ කරගත යුතුය. එසේ නොමැතිව ඔබටද අපටද සිදුවන්නේ මේ රටේ තවත් කණ්ඩායමක් සමග සටන් වදින්නටය. තමත් ජීවිත ගානක් බිලිදෙන්නටය. තවත් අමනාපකම් හදාගන්නටය. තවත් යාළු මිත්‍රයන් සිය ගණනක් නැති කරගන්නටය. තවත් ආදරණීය හදවත් විශාල ප්‍රමාණයක් රිදවන්නටය.

ෂාෆි සහබ්දීන් වෛද්‍යතුමනි, ඔබ හරිද වැරැදිද යන්න අපි දන්නේ නැත. නමුත් මේ වතාවේ ඔබ නිදහස් වී අවසානය. ඔබ වැරැදි නොකළ බව අප බොහෝ තැන්වල කීවෙමු. බොහෝ තැන්වල ලීවෙමු. ඒ, ඔබ රහසින්වත් පවු නොකරන බව කියන්නට නොවේ. ඔබ මේ වතාවේ මේ වරද නොකළ බවට අපට ඔබ නොදන්නා බොහෝ මිනිසුන්ගේ කතන්දරවලින් තේරුම් ගොස් ඉවරය. ඔබට අල්ලා දෙවියන්ගේ පිහිටෙන් නිදොස් වූවාද එහෙම නැත්නම් ඔබ නීතියේ දෙවඟනගේ පිහිටෙන් නිදොස් වූවාද ඔබ ඔබේම පිහිටෙන් නිදොස් වූවාද අප දන්නේ නැත. නමුත් අපට අවසන් වශයෙන් ඔබට කියන්නට ඇත්තේ මෙවැනි විපත් ඔබට යළි සිදු නොවේවායි තෙරුවන් සරණින්, ජේසු පිහිටෙන් ප්‍රාර්ථනා කරන බවය. අල්ලා දෙවියන්ගේ පිහිට කොහොමත් ඔබ සමග ඇති බවට ඔබට විශ්වාස නිසා අපි ඒ ගැන යළිත් නොකියමු. කෙසේ නමුත් මේ වඳ සැත්කම් නාටකය මෙතෙකින් නිමා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපි මේ කතාව සමාජ ජාලවල පළකළ පසු අද ඇමැතිකම් උසුලන සමහර මහාචාර්යවරු පවා අප සමග පැටලුණේ ඒවා ඔප්පු කළ හැකි බව කියාය. තමන් වෛiවරු බව කියාය. අපට වෛi දැනුම නැති නිසා ඒවා නොතේරෙන බව ඒ සමහරු කීහ. දැන් අපට කියන්නට තිබෙන්නේ අපට වෛ වෛද්‍ය දැනුම නැති සේම ඔබට මහ පොළොවේ සත්‍යය අවබෝධ කරගැනීමේ ඥානයද, මනුෂ්‍යත්වයද නැති බවය. ඒ මනුෂ්‍යත්වය ඔබට ඉගෙනගන්නට, අප වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නා තරම් අපහසු නැත. අපට යළි වෛi විiාලයට යා නොහැකි නමුත් ඔබට මනුෂ්‍යයන් ලෙස මේ මහ පොළොවේ සත්‍යය, මනුෂ්‍යත්වයේ සුවඳ විඳදරාගන්නට ටිකක් වටපිට බැලීම පමණක් ප්‍රමාණවත් වනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මම X..! දුවලා දෙන්නා Z..! පාඨලී තිබ්බ FB සටහන!

Next Post

අමෙරිකාවට සින්න වෙන යන යුගදනවිවලට සජබෙ රිංගයි! (VIDEO)

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.