පසුගිය සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසිදු අමාත්‍යවරයකු වචනයක් හෝ ප්‍රකාශ කොට නොමැති බව වාර්තා වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා සිංගප්පූරු ගොස් සිටි අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පී.බි. ජයසුන්දර මහතා හට දැඩිව දෙස්දෙවොල් තැබූ සියලුම ඇමැතිවරුන් එදින වචනයක් හෝ නොකියා නිශ්ශබ්දව සිටීමය.
ඒ අනුව පවතින මූල්‍ය අර්බුදය විසදා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාම පිළිබදව එදින වැඩි වේලාවක් සාකච්ජා කෙරී ඇති බව දැනගන්නට ඇත.










