ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග බස් ගාස්තුද ඉහළ දැමීම අත්‍යාවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති ගැමුනු විජේරත්න මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බවයි.
කෙසේ වෙතත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (21) පස්වරුවේ තම සංගමයේ සාමාජිකයින් රැස්වන බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.










