මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 177කි.
එසේම octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 207කි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසය.
මේ අතර භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 87කි.











