පොල් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදුන් පුවතක් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
එහිදී මෙම පුද්ගලයාට පොල් වත්තක පාලනාධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙලෙස පහරදී ඇති බවත්, එම අවස්ථාවේ අමානුෂික ලෙස පහර දුන් පිරිස විසින් එම පුද්ගලයාගේ ඇඳුම් ඉවත්කර නිරුවතින් මාර්ගයේ ඇවිදීමට සැලැස්වූ බවත් ප්‍රදේශවාසීන් පැවසීය.
මෙම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම පොල් වත්ත ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීමට නිමිතව ඇත.










