වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා තීරණය කර ඇත.
කෙසේවෙතත් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී හෝ පක්ෂ නායකත්වයේ වැඩබැලීමට කිසිවකු පත් කර හෝ නැති බවත්, දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් පමණක් තාවකාලිකව ඉවත්ව සිටින බවත් දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුලින්ම 1977 වර්ෂයේදී තේරී පත්වූ ඒ මහතා, පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.










