තමන් කළ ප්‍රකාශයක් බව හගවමින් ‘අරුණ’, ‘සිලෝන් ටුඩේ’, ‘මව්බිම’ නැමැති පුවත්පත් ව්‍යාජ පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අදාළ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව අදාළ පුවත්පත් 3ටම එරෙහිව එන්තරවාසි යැවීමට සුමන්තිරන් මහතා පියවර ගෙන ඇත.
‘දකුණේ සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ජන්දය දුන්නොත් පමණයි’ යන සිරස්තලයෙන්තු යුතුව මව්බිම හා සිලෝන්ටුඩේ පුවත්පත් දෙකත්, ‘දකුණේ සිංහලයා පරාජය කිරීමට සජිත්ට ජන්දය දෙන්න’යනුවෙන් අරුණ පුවත්පතත් ඊයේ (13) දිනයේ පුවත් වාර්තා කර තිබිණ.
ඒ අනුව මෙම පුවත්පත් දෙකම අසත්‍ය පුවත් පළ කොට ඇති බව කියමින් මැතිවරණ කොමිසම වෙතත්, අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා වෙතත් ලිපි යොමු කර ඇති සුමන්තිරන් මහතා, අදාළ පුවත්පත්වලට එරෙහිව නඩු පවරන බව දැනුම් දෙමින් එන්තරවාසි යැවීමටත් පියවර ගෙන ඇත.










