• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨා අතාරින්නේ දිලිත්ද-පී.බී.ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

December 18, 2021
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ගෝඨා අතාරින්නේ දිලිත්ද-පී.බී.ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1994 චන්ද්‍රිකාට බලයට එන්න දේශපාලන තියරිය දුන්නේ ‘රාවය’ කර්තෘ විකටර් අයිවන්ය. ඔහුගේ ‘රාවය’ පුවත්පත කුඩා පුවත්පතක් වුවත් ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකාගේ නායකත්ව ප්‍රතිරූපය නිර්මාණය කළේ ‘රාවය’ පුවත්පතය. හේතුව ඒ වන විටත් ශ්‍රීලනිප හිතවාදී පුවත්පතක් ලෙස ප්‍රකටව තිබූ ‘දිවයින’ පුවත්පත අනුර බණ්ඩාරනායක ශ්‍ර ීලනිප නායකත්වයට පත්කිරීම සඳහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරක් දියත් කොට තිබූ නිසාය. එකල ලංකාවේ නොම්මර එකේ මාධ්‍ය ආයතනය වූයේ ‘දිවයින’ පවත්පත් සමූහයය. එකල ටී.වී. සහ රේඩියෝ තිබුණේ රජයට පමණි. පෞද්ගලික ටී.වී. එකක් තිබුණා නම් ඒ රනිල්ගේ අයියාටය. මහරාජා, ප්‍රේමදාස ආණ්ඩුවෙන් ටී.වී. සහ රේඩියෝ බලපත්‍රයක් ගෙන එය ගොඩනැගීමට උත්සාහ ගනිමින් සිටි මුල් අවධියය. මේ සියල්ල මධ්‍යයේ ‘රාවය’ චන්ද්‍රිකා වෙනුවෙන් කළේ තනි සටනකි. චන්ද්‍රිකාත් මෙය අවබෝධ කරගෙන තම දේශපාලන අනාගතය සහ ප්‍රචාරක උපක්‍රම ගැන වික්ටර් අයිවන් සමග නිතර කතා කරනු ලැබීය. කෙසේ හෝ වික්ටර් අයිවන්ගේ ‘රාවය’ පුවත්පත 1994 මහ මැතිවරණයේදී චන්ද්‍රිකාව අගමැති අපේක්ෂක කිරීමට හැකි වන පරිදි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පාක්ෂිකයන්ගේ මොළ හෝදන්න සමත් විය. අගමැති අපේක්ෂක විය යුත්තේ මැතිනිය යැයි දැඩි විශ්වාසයක සිටි මන්ත්‍රීවරු සහ පාක්ෂිකයෝ ‘රාවය’ කියන කතාව හරි යැයි සිතූහ. මෙකල වික්ටර් අයිවන් සේම මහරාජාද චන්ද්‍රිකා සමග සමීප සම්බන්ධයක් පැවැත්වීය.

මහරාජා එවකට නියෝජ්‍ය කතානායක වූ ගාමිණී ෆොන්සේකාව චන්ද්‍රිකාට එකතු කිරීමට මැදිහත් විය. ප්‍රේමදාසගේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ ගාමිණී 1994 චන්ද්‍රිකාගේ වේදිකාවේ ප්‍රබල තරුවක් විය. ගාමිණී යූ.ඇන්.පී.යෙන් එළියට ආවේ විජේතුංග ප්‍රේමදාසවාදීන්ට පන්න පන්න පහර ගැසීම නිසාය. ගාමිණී දේශපාලනයට ආවේ ප්‍රේමදාසගේ ආරාධනයෙනි. ගාමිණී ප්‍රේමදාස ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක ධුරය දරද්දී ‘රාවය’ පුවත්පත ගාමිණීට අතිශය පෞද්ගලික චෝදනා මත පහරදී තිබිණි. ගාමිණීද පෙරළා වික්ටර් අයිවන්ට පෞද්ගලිකව පහර දුන්නේය. මේ ආරෝව නිසා ගාමිණී, චන්ද්‍රිකාගේ වේදිකාවට ගොඩවීම වික්ටර් ඉවසුවෙ නැත. ගාමිණී චන්ද්‍රිකාගේ වේදිකාවේ ප්‍රධාන තරුව බවට පත්වෙමින් රට වටා යද්දී වික්ටර් චන්ද්‍රිකාට සහාය දෙමින් ගාමිණීට පන්න පන්න පහර දුන්නේය. ගාමිණීත් චන්ද්‍රිකාගේ වේදිකාවෙම වික්ටර් අයිවන්ට පහර දුන්නේය. චන්ද්‍රිකා මේ ගැටුමට සම්බන්ධ නොවී වික්ටර්ගෙන්ද ගාමිණීගෙන්ද හොඳට වැඩගන්න සමත් වූවාය. ඇය ගාමිණීව ජාතික ලැයිස්තුවට දැම්මත් ඡන්දය දින්නාට පසු ගාමිණීට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොදුන්නේ වික්ටර්ගේ බලපෑම මතද කියන්න දන්නේ නැත. ඇය ගාමිණීව උතුරේ ආණ්ඩුකාර ධුරයට පත්කරනු ලැබීය. මේ වන විට චන්ද්‍රිකාගේ සමීපතමයන් අතරින් වික්ටර්ගේ ප්‍රධාන හතුරා වූයේ ගාමිණී පමණක් නොවේ. චන්ද්‍රිකාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් වූ ජනප්‍රිය නළු සනත් ගුණතිලකද වික්ටර්ගේ ප්‍රහාරයට ලක්විය. සනත් එකල යූ.ඇන්.පී.යේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු විය. සනත් දේශපාලනයට ආවේත් ප්‍රේමදාසගේ ආරාධනයෙනි. ප්‍රේමදාස ඝාතනයවී ප්‍රේමදාසවාදීන්ට විජේතුංග ආණ්ඩුව ගහන විට සනත්ද කලකිරී ගාමිණී මෙන් චන්ද්‍රිකාට එක්විය. චන්ද්‍රිකාගේ පෝස්ටර් ඡායාරූප සකස් කිරීම සනත් භාරගෙන තිබිණි. ඇයගේ ආකර්ෂණීය පෝස්ටරය සකස් කළේද සනත්ය. ප්‍රචාරක කමිටුවලදී වික්ටර් සහ සනත් ගැටුම් ඇතිකරගෙන තිබිණි. 1994 මහ මැතිවරණ සටනේ චන්ද්‍රිකා මේ ගැටුම් නොදැක්කා සේ අහක බලාගෙන සිටියාය. ඒත් ඇය ජනාධිපති වූ පසු ඇයගේ සමීපතම දේශපාලන ගෝලයා වූ මංගල සනත්ට එකතු විය. ඒ, වික්ටර්ගේ ප්‍රහාරය චන්ද්‍රිකාත් නොඉවසූ නිසාය. වික්ටර්ට පෙරළා පහරදෙන්න මංගල සහ සනත් එකට එක්වූහ. එහිදී චන්ද්‍රිකා ගත්තේ මංගල සහ සනත්ගේ පැත්තය. අන්තිමේදී වික්ටර් චන්ද්‍රිකාට පන්න පන්නා පහර ගැසූ අතර එහි අවසාන ප්‍රතිඵලය වික්ටර්, චන්ද්‍රිකාට එරෙහිව ගහපු ‘චෞර රැජිණ’ පොතය.

මේ පරණ කතාව මතකයට එන්නේ අද ගෝඨාභයගේ කුස්සි කැබිනට්ටුවේ ප්‍රධාන චරිත දෙකක් වන දෙරණ මාධ්‍ය ප්‍රධානී දිලිත් ජයවීර සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ ගැටුම දිහා බලන විටදීය.

දිලිත් ජයවීර දේශපාලන කරළියට එන්නේ 2004 චන්ද්‍රිකා සහ ජවිපෙ සන්ධානයේ ප්‍රචාරක ව්‍යාපාරය හරහාය. ඊට පෙර චන්ද්‍රිකාගේ ප්‍රචාරක කටයුතු කළේ සනත් සහ මංගලගේ උපදෙස් මත මංගලගේ සහෝදරියගේ ප්‍රචාරක ආයතනයය. මංගල සහ ජවිපෙ අතර ඇති දැඩි බැඳීමත් මංගල ශ්‍රීලනිපයට වඩා ජවිපෙ ප්‍රතිරූපය ගොඩනගන්න උත්සාහ දරන බවට චෝදනා නිසාත් චන්ද්‍රිකා ඇයට ආණ්ඩුව අහිමි වූ 2002-2004 කාලයේ වැඩිය සමීප වූයේ තවත් ප්‍රචාරකවාදී ගුරෙකු වූ සරත් අමුණුගමටය. ඔහු යූ.ඇන්.පී. ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කෙරුමකු වූ අතර ගාමිණී දිසානායකගේ හිතවතෙක් විය. 1991 ගාමිණී, ප්‍රේමදාස හැරයන විට ඔහු ගාමිණී සමග එක්විය. ප්‍රේමදාස ඝාතනය වූවාට පසු යළි යූ.ඇන්.පී.යට ගියත් රනිල් ඔහුට තැනක් දුන්නේ නැත. පසුව ඔහු චන්ද්‍රිකාට එක්විය. මේ වෙනකොට ඔහුගේ දියණිය වරුණි අමුණුගම සහ දිලිත් ජයවීර ‘ට්‍රයි ඇඩ්ස්’ නමින් ප්‍රචාරක ආයතනයක් පටන්ගෙන තිබිණි. සරත් අමුණුගම ඔවුන්ව චන්ද්‍රිකාට හඳුන්වා දී චන්ද්‍රිකා ඔවුන්ට 2004 චන්ද්‍රිකා-ජවිපෙ හවුලේ ප්‍රචාරක ව්‍යාපාරය භාරදුන්නාය. එය අතිසාර්ථක ප්‍රචාරක මෙහෙයුමක් විය. චන්ද්‍රිකා යළි ආණ්ඩුව ගත් විගස දිලිත්ට සහ වරුණිට රූපවාහිනී සහ ගුවන්විදුලි බලපත්‍රයක් දුන්නාය. දෙරණ ආරම්භ වූයේ චන්ද්‍රිකාගේ කාලයේය. 2005 ජනාධිපතිවරණයේදී ජනාධිපති චන්ද්‍රිකා කොන්වී මහින්ද කරළියට ආවේ මංගලලාගේ කර මතින්ය. මහින්දගේ කැම්පේන් එක කළේ මංගලලාය. දැඩි චන්ද්‍රිකාවාදියකු වූ සරත් අමුණුගමත් ඔහුගේ දියණියව සහ දිලිත්ගේ ප්‍රචාරක ආයතනයත් මහින්දගෙන් කොන්විය. මේ වෙනකොට රනිල්ගේ දේශපාලන සගයා වූ මලික් සමරවික්‍රම හරහා චන්ද්‍රිකාගේ මැදිහත්වීමෙන් සරත් අමුණුගම සහ යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැතියේ රනිල් දින්නොත් ජාතික ආණ්ඩුවක් හදන්නටය. මෙහිදී දිලිත්ගේ ප්‍රචාරක ආයතනයද රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළේය. එකල දිලිත් සහ වරුණිගේ දෙරණ මාධ්‍ය ආයතනය ජනතාවගේ අවධානය දිනා නොගත් මාධ්‍ය ආයතනයක් වූ නිසා එහි සහාය දිනාගැනීමට රනිල්ගේ හෝ මහින්දගේ උනන්දුවක්ද නොවීය.

මහින්ද 2005 දින්නේය. වැඩි කලක් ගියේ නැත. මංගල මහින්දගෙන් වෙන්විය. යුද්ධය උණුසුම් වෙද්දී ආරක්ෂක ලේකම් ගෝඨාභයට යුද්ධය ගැන ජනතාව අතර සුබවාදී මත ව්‍යාප්ත කිරීමට ප්‍රචාරක මෙහෙයුමක් අවශ්‍ය විය. දිලිත් ගෝඨාට සෙට් වෙන්නේ ‘අපි වෙනුවෙන් අපි’ කැම්පේන් එක හරහාය. එය රණවිරු උන්මාදය නිර්මාණය කළ අතිසාර්ථක කැම්පේන් එකක් විය. 2010 ජනාධිපතිවරණය වන විටත් දිලිත්ගේ දෙරණ මාධ්‍ය ජාලය ජනතාවගේ අවධානය දිනාගත් මාධ්‍ය ආයතනයක් නොවීය. නමුත් 2010 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී. ප්‍රමුඛ පොදු විපක්ෂයේ අපේක්ෂක ෆොන්සේකාගේ කතාව සංස්කරණය කොට ප්‍රචාරය කර සුදු කොඩි නඩුවෙන් ෆොන්සේකා හිරගෙට යවන්න දෙරණ රාජපක්ෂලාට පක්ෂව විශාල සේවයක් කළේය. 2015 වන විට ගෝඨා සහ දිලිත් අතර සමීප සම්බන්ධයක් වර්ධනයවී තිබූ 1993 වන විට වික්ටර් සහ චන්ද්‍රිකා අතර වූ සම්බන්ධතාවට සමානවය. ඒත් 2015 වන විටත් දෙරණ මහජන අවධානය දිනාගත් මාධ්‍ය ජාලයක් නොවීය. ඒ වන විට ලංකාවේ නොම්මර එකේ මාධ්‍ය ආයතනය වූයේ සිරස, හිරු, ස්වර්ණවාහිනී, ස්වාධීන රූපවාහිනියය. 2015 මහින්ද පරාජය විය. ‘මහින්ද එක්ක නැගිටිමු’ යනුවෙන් විමල්, උදය, වාසු, දිනේෂ් සංවිධාන කළ නුගේගොඩ රැලිය දෙරණ සජීවීව ප්‍රචාරය කළේ බය නැතිවය. දෙරණ එක රැයින් රටේ නොම්මර එකේ මාධ්‍ය ආයතනය බවට පත්වූයේ ඉන් පසුවය. දෙරණ රටම අල්ලා ගත්තේ මහින්ද සුළඟින්ය. මහින්දවාදීන්ට දෙරණ නැතුව බැරිවිය. දෙරණටත් මහින්ද නැතුව බැරි විය. දිලිත් ගෝඨාභය ජනාධිපති අපේක්ෂක කිරීමේ බල ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ මේ කාලයේය. 2019 වන විට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී රාජපක්ෂ පවුලට තියෙන බලයට සමාන බලයක් දෙරණ සතු විය. දිලිත් තුරුම්පුව ගැහුවේය. ගෝඨා ජනාධිපති අපේක්ෂක විය. සාමාන්‍යයෙන් ඉතිහාසයේම මාධ්‍ය ආයතන ප්‍රධානීන් නායකයන්ව නිර්මාණය කළත් එය කළේ තිරය පිටුපස සැඟවිලාය. වික්ටර් අයිවන් වුවද ප්‍රසිද්ධියේ චන්ද්‍රිකා සමග පෙනී සිටියේ නැත. නමුත් ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිකම අහෝසි කිරීමට ගෝඨා ගිය ඇමෙරිකානු සංචාරයට දිලිත්ද එක් විය. ඔහු ගෝඨා දිනවන්න බැහැලම ගේම ගැහුවේය. තමා ගෝඨාගේ ජයග්‍රහණයෙන් උදම් වන බවට ඡායාරූප ඔහුගේම මුහුණුපොතේ පළවිය.

ගෝඨා ජනාධිපති වූ විට ගෝඨාගේ ජනාධිපති ලේකම් නම්කිරීම මහින්ද අතට ගත්තේය. මහින්ද අතුළු රාජපක්ෂ පවුල නම් කළේ පී.බී. ජයසුන්දරවය. රාජපක්ෂ පවුලට ලේවලින් ඥාතිකම් නැති වුවද දේශපාලන ලේ නෑකම් තියෙන සහෝදරයන් දෙදෙනෙක් විය. එක් අයෙක් විමල් වීරවංශය. අනෙකා පී.බී. ජයසුන්දරය. 2005 මහින්ද ජනාධිපති වන විට මහින්දටත්, රාජපක්ෂ පවුලටත් ආර්ථිකය සහ පරිපාලනය මෙහෙයවන දැනුමක් තිබුණේ නැත. ඒ අඩුව පිරෙව්වේ පී.බී. සහ ලලිත් වීරතුංගය. ලලිත් සිල් රෙදි නඩුවක පැටලී සිටි නිසා රාජපක්ෂවරු පී.බී. ජනාධිපති ලේකම් ධුරයට සුදුසු යැයි තීරණය කරන්න ඇත. වැඩි කලක් නොගොස් ගෝඨාට ආර්ථික සහ රාජ්‍ය පාලන අත්දැකීම් නොමැති අඩුව පී.බී. පිරවීය. ගෝඨාට පී.බී. නැතිවම බැරි විය. ගෝඨා ජනාධිපති වීමට පෙර ගෝඨා වටේ සිටි කුස්සි කැබිනට්ටුවේ සිටි දිලිත් ඇතුළු පිරිසට වඩා පී.බී. බලවත් විය.
පී.බී. ඇමැතිවරු පමණක් නොව මහින්ද ජනාධිපති කාලයේ සහ මුදල් ඇමැති කාලයේ මහින්ද කියන දේත් අහන්නේ නැති බවට මතයක් විය. ඒත් මහින්ද පී.බී.ට අත තියන්න බය විය. අද ගෝඨාට තියෙන්නේත් ඒ බය විය යුතුය. එදා මහින්ද සේම අද ගෝඨා හිතන්නේත් තම දේශපාලන න්‍යාය පත්‍රයට හරියන්න ආර්ථිකයත් ආණ්ඩුවත් මෙහෙයවන්නේ පී.බී. කියාය.

මහින්දගේ කාලයේ පී.බී. එක්ක හැප්පුණේ විමල්ය. මහින්ද ඒක බැලන්ස් කළේය. අද පී.බී. එක්ක හැප්පෙන්නේ ගෝඨාව දේශපාලන චරිතයක් කළ දෙරණ මාධ්‍ය ජාලයේ දිලිත් ජයවීරය. ඔහු ගෝඨා එක්සත් ජාතීන්ගේ මහ රැස්වීමට ඇමෙරිකාවට ගොස් සිටියදී ‘පී.බී. හිටියා දැන් ඇති’ කියන්නැහේ සටහනක් මුහුණු පොතේ දැමීය. හැමෝම හිතුවේ ගෝඨා ලංකාවට ආ විගස පී.බී. ඉවත් වෙයි කියාය. ඒත් පී.බී. ඉවත් වූයේ නැත. ඊයේ පෙරේදා ගෝඨා සිංගප්පූරුවට ගිය විටදීද දිලිත්, පී.බී.ට ලැජ්ජා බව නැතැයි ඇඟවෙන ආකාරයේ සටහනක් මුහුණු පොතේ දැම්මේ ඇමැතිවරු පී.බී.ට ඉවත් වෙන්න කියද්දී පී.බී. ඉවත් නොවීම ගැන කියාපාමිනි. දැන් හැමෝම හිතන්නේ ගෝඨා 2022 අවුරුද්ද ලබන විට පී.බී.ව ඉවත් කරයි කියාය.

මහින්ද පී.බී.ව ජනාධිපති ලේකම් ලෙස යෝජනා කළාට ගෝඨා සහ පී.බී. අතර සම්බන්ධය ශක්තිමත් කරන ගෝඨාගේ තවත් කුස්සි කැබිනට්ටු සාමාජිකයෙක් සිටී. ඔහු මිලින්ද මොරගොඩය. ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කරගැනීමේ මෙහෙයුමේ මිලින්ද ප්‍රධාන චරිතයක් විය. අද ගෝඨා ඉන්දියාව කළමනාකරණය කිරීම භාරදී ඇත්තේ මිලින්දටය. පී.බී., මිලින්දගේ අතිජාත මිත්‍රයෙකි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආර්ථිකය භාරව සිටි පී.බී. 2002 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටුණු විට වැටුණි. 2002 රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ මිලින්ද, පී.බී.ව තමන් යටතේ ඇති රාජ්‍ය ආයතනයක ප්‍රධාන තනතුරකට පත් කළේය. ගෝඨාභය වෙනුවෙන් ජාත්‍යන්තරය කළමනාකරණය කරන මිලින්ද අදටත් පී.බී.ගේ සමීප හිතවතෙකි.

ඉතින් මේ වගේ දේශපාලන දාම් බෝඩ් එකක ගේම් ගහන ගෝඨා, දිලිත් වෙනුවෙන් පී.බී.ව අතහරියිද?

ඒක දන්නේ ගෝඨාම විතරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන දෙකක්…

Next Post

පී.බී. ගැන තීන්දුවක් ගන්න චමල්ගේ ගෙදර රාජපක්ෂවරු රැස්වෙලා! ගෝඨා ප්‍රශ්නය මහින්දගේ පිටට දමයි! චමල් අයින් කරන්නම කියයි! බැසිල් පී.බී.ට අලුත් තනතුරක් දෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.