අද පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෑත කාලයේ ආන්දෝලනයට ලක්වූ ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් කළේය.
එහිදී හෙතෙම පෙන්වා දුන්නේ තම සහෝදර ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වදින, මිනිස්සුන්ට තිත්ත කුණුහරුපෙන් බැන වදින උන්වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් ලෙස සැලකිය නොහැකි බවකි.










