සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුම වෙනත් පාර්ශ්වයක් අතට යෑම පුදුමවීමට තරම් කාරණයක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.
“දැන් ඕක සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය මේ ගැන සාකච්ඡා කරලා… ඒ සාකච්ඡාව දිග්ගැස්සුනා. ඒක ඉදිරියට කරන්න තියෙනවා. ඉතින් අමාත්‍ය මණ්ඩලයට ගිවිසුම ඉදිරිපත් කළාට පස්සේ ඔය කාගේ හරි අතට යන එක පුදුම වෙන්න කාරුණක් නෙමෙයි..අපේ රටේ හැටියට.”
මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.
අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එම ගිවිසුම අත්සන් කර ඇත්තේ, අමෙරිකාවේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බවය.










