• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද අයියාට ගෝඨා මල්ලීට ඇඳුම් ඇන්දවීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 11, 2021
in Exclusive, Gurudawa
Reading Time: 15 mins read
A A
මහින්ද අයියාට ගෝඨා මල්ලීට ඇඳුම් ඇන්දවීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ගෝඨාවයි ආණ්ඩුවයි විනාශ කරන්නේ ගෝඨා වටේට ඉන්න කේවට්ටයෝ….’

අද ආණ්ඩුවේ මැති ඇමැතිවරු අතර ජනප්‍රියතම කතාව ඕකය. මේ දවස්වල මැති ඇමැතිවරු ඉන්නේ ගෝඨාත් ආණ්ඩුවත් විනාශ කරන ගෝඨා වටේ ඉන්න හොඳම කේවට්ටයා හොයන තරගයකය. ජනාධිපතිවරු, ආණ්ඩු විනාශ කරන කේවට්ටයන්ට මහින්ද රාජපක්ෂ මරු කතාවක් කීවේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ රජ්ජුරුවන්ට රෙදි වියන්නන් ලෙසය. මහින්ද මේ රෙදි වියන්නාගේ කතාව කීවේ ප්‍රේමදාස ජනාධිපතිටය. එතකොට මහින්ද නිකම්ම නිකම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. මහින්ද මේ කී කතාව මේ ලියුම්කරු මහින්දට මතක් කර දෙමින් මහින්ද ජනාධිපති කාලයේ ‘ගුරුදා විග්‍රහයක්’ ලීවේය.

පහත පළවන්නේ මෙම ලියුම්කරු ‘ලංකාදීප’යට 2008 ජුනි 05 වැනිදා ලියපු ඒ ගුරුදා විග්‍රහයයි.

මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටින කාලයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපූරු අවවාදයක් දුන්නේය. එම අවවාදය නම් රටේ ඇත්ත තත්ත්වය ජනාධිපතිතුමාට කියන්නය කියාය.

මේ 1993 නොවැම්බර් 16 වැනිදා අයවැය විවාදයේදී මහින්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුන් ඒ අවවාදයයි.

‘තමුන්නාන්සේලා නිහඬ වෙලා ඉන්න එකේ වරදයි මේ තියෙන්නේ. ඇත්ත තත්ත්වය පෙන්වන්න ඕනෑ. තමුන්නාන්සේලා ඒවා ඉහළ අයට පෙන්නුම් කරන්නේ නැහැ. ඒ අය ඉන්නේ මේවායින් වැහිලායි. ඒ අය ආරක්ෂක භටයන්ගෙන් වැහිලායි ඉන්නේ. ඒ අය වෙන ලෝකයකයි ඉන්නේ. ඒ අය ඔත්තුකරුවන්ගෙන් වැහිලායි ඉන්නේ. පහළ ඉන්න අය බයයි නායකයන්ට. ඒ ගැන කියන්න නායකයාගේ වැරැද්ද කියන්න කවුරුත් බයයි. නායකයා ළඟට ඇවිත් කියන්නේ මොකක්ද? ඔබතුමා කරන ඔක්කොම නිවැරැදියි, ඔබතුමා නිවැරැදියි, අනෙක් එක්කෙනාත් නිවැරැදියි කියලායි ප්‍රකාශ කරන්නේ. එහෙම තමයි නායකයාට ඔක්කොම කියන්නේ. තමුන්නාන්සේලා පුරුදු වෙලා තියෙන්නේ නායකයාට හොඳ දේවල් විතරක් ගිහින් කියන්නයි. එතුමා ආශා කරන දේ විතරයි ගිහින් කියන්නේ. අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට හා වෙනත් නායකයන්ට ඒ අය ආශා කරන දේවල් පමණයි කියන්නේ. ඒ විදියට ආවඩන්න ගියාම ඒ අය කියන දේවල් කරන දේවල් ඔක්කොම හරියි කියන්න ගියාම ඒ අය හිතන්නේ තමන් කියන කරන දේවල් ඔක්කොම හරියි කියලයි. මට මෙහිදී මතක් වෙනවා අර රෙදි වියන්නාගේ කතාව. රජතුමාට රෙදි වියන්නා හොඳ ඇඳුමක්ය කියා එකක් අන්දෙව්වා. හොඳ ලස්සන ඇඳුමක්ය කියා රජතුමා ඇඳගත්තා. අන්තිමට බලන කොට රජතුමා ගිහින් තියෙන්නේ ඇඳුමක් නැතිවයි. ඒ නිසා නායකයන්ට ඇත්ත තත්ත්වය, රටේ නියම තත්ත්වය, ජනතාවගේ නියම තත්ත්වය, පාක්ෂිකයන්ගේ නියම තත්ත්වය වටහා දීම සියලු දෙනාගේම යුතුකමක් වෙනවා…’

මහින්ද රාජපක්ෂ
1993 නොවැ. 16 පාර්ලිමේන්තු හැන්සාඩ්.

‘දැන් අද රටේ ජනාධිපතිව සිටින මහින්ද රාජපක්ෂට රෙදි වියන්නා අන්දවල තියෙන්නේ මොන වගේ ඇඳුමක්ද…?’

මහින්ද අර ‘සුබ සහ යස’ වගේ වෙස් වළාගෙන ගොස් පාරට බැහැල මිනිහෙකුගෙන් දෙන්නෙකුගෙන් ඇහුවොත් රෙදි වියන්නා අන්දවලා තියෙන ඇඳුමෙ ලස්සන මහින්දටම බලාකියාගත හැකිය.

‘අද මහින්දට රෙදි වියන්නේ කවුද…?’

අද මහින්දට රෙදි වියන්නේ වෙන කවුරුවත් නොවේ. මහින්දගේ සහෝදරයෝමය.

එදා මහින්ද එජාප ජනාධිපතිවරයාට කීවේ ඔහු ආරක්ෂක භටයන්, ඔත්තුකරුවන්ගෙන් වැහිලා ඉන්නවාය කියාය.

අද මහින්ද ආරක්ෂක භටයන්ගෙන් ඔත්තුකරුවන්ගෙන් පමණක් නොව සහෝදරයන්ගෙන්ද වැහිලාය.

‘අද රටේ වෙන දේවල් රටේ ඇත්ත තත්ත්වය ජනාධිපතිතුමාට කියන්න බැහැ. කිව්වාම අහන්නේ ගෝඨාටයි, බැසිල්ටයි කිව්වාද කියලා…’

මේ මහින්ද මංගල සහ ශ්‍රීපති ඇදලා එළියට දැම්ම වෙලාවෙ මංගල සහ ශ්‍රීපති මාධ්‍යවලට කී කතාවය.

‘අපේ ආණ්ඩුවේ මානව හිමිකම් වාර්තාව හොඳ නැහැ. මේකෙන් වෙන්නේ රට ජාත්‍යන්තරව කොන් වෙන එකයි. මේක අපට අවාසියි…’

මේ මංගල ආණ්ඩුවෙන් ඇදලා එළියට දමන්න කලින් කී කතාවය. ඔහු මේ කතාව කීවේ 2007දී පමණය. දැන් වසරක් ගතවී ඇත. ඔහු එදා කී ලෙසම පසුගියදා ලංකාව ජාත්‍යන්තර වශයෙන් කොන් විය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයේ අසුන අහිමි වීම නිසාය.

එදා මංගල එළියට ඇදලා දමන්නේ නැතිව මංගල කියන දේ අහලා ආණ්ඩුවේ මානව හිමිකම් වාර්තාව හදාගත්තා නම් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මන්ඩලයේ අසුන අහිමි වන්නේ නැත.

ආණ්ඩුවේ වැරැදි පෙන්නුවාය කියල මංගලයි ශ්‍රීපතියි ඇදලා එළියට දැම්මාට පස්සේ අද ආණ්ඩු පක්ෂයේ කවුරුත් කට අරින්නේ නැත. අද ආණ්ඩු පක්ෂයේ හැමෝම කරන්නේ රාජපක්ෂ සහෝදරයන් මහින්දට වියන ඇඳුම දිහා බලාගෙන ‘ලස්සනයි ලස්සනයි’ කියන එකය. සමහරු ඒකට රන් කෙඳි අල්ලති. තවත් සමහරු හැඩවැඩ දමති.

‘ජනාධිපතිතුමා තෙල් මිල මිනිසුන්ට දරන්න බැහැ….’

‘බස් ගාස්තු වැඩියි කියලා මගියෝ ආණ්ඩුවෙ අම්මා මතක් කරලා බණිනවා…’

‘හැම බඩුවක්ම මිල නැගලා…’

‘ඒ මදිවාට පාරේ යන්න බැහැ බෝම්බ…’

‘මිනිස්සු කඩපිලට ගිහින් බඩු මිල අහල හූල්ලනවා…’

‘මේ විදියට ආණ්ඩුවක් දුවන්නේ කොහොමද…?’

මේ විදියට කට ඇරලා අද මහින්දට කියන්න ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු නැත.

‘සර් ඔබතුමාගෙ මල්ලි බැසිල්ගේ ගේම් නැත්නම් අපි ඉවරයි…’

‘සර් ඔබතුමාගේ මල්ලි ගෝඨාභයගෙ යුද්ධය නැත්නම් ආණ්ඩුව කපෝතියි…’

අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගිරවා වගේ කියන්නේ ඔය කතාවය.

‘සර් මේ විදියට රට ගියොත් අපිත් ඉවරයි සර්ත් ඉවරයි…’

මේ විදියට ඇත්ත කියන කෙනෙක් හොයාගන්න අද නැත.

මහින්ද ජනාධිපති වී අවුරුද්දක් සම්පූර්ණ වූ කාලයේ මහින්ද කම්කරුවන් ඉදිරියේ අපූරු කතාවක් කීවේය.

‘ලේක්හවුස් එකට කියන්න අඩුපාඩු පෙන්නන්න කියල. රූපවාහිනියෙන් ගමේ රටේ අඩුපාඩු පෙන්වනවා. අපට අවශ්‍යයි අපේ අඩුපාඩු දැනගන්න…’

මහින්ද රාජපක්ෂ
2007.01.02
ලංකාදීප

හැබැයි අද මහින්දගේ සහෝදරයා ගෝඨාභය ලේක්හවුස් මාධ්‍යවේදීන් කැඳවලා කියන්නේ කුමක්ද? ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන්න එපාය කියාය. යුද්ධයේ අඩුපාඩු පෙන්වන්න එපාය කියාය.

ඒ වගේම මර්වින් සිල්වා රූපවාහිනියට ගිහින් නිලධාරීන්ගේ බෙල්ලෙන් අල්ලලා අහන්නේ ‘ඇයි මගේ කතාව දැම්මෙ නැත්තෙ?’ කියාය.

‘මෙහෙම වුණේ කොහොමද?’

ඇත්තටම මහින්ද මෙරට ජනතාව අතර දේශපාලන ලෝකයේ සහ මාධ්‍යයන් අතර ප්‍රකට වී ඇත්තේ ‘මහින්ද අයියා’ කියන නාමයෙනි.

‘මහින්ද අයියා ඔහොම කරන්න එපා. මෙහෙම කරන්න…’

‘මහින්ද අයියා ඔය වැඩේ වැරැදියි…’

‘මහින්ද අයියා ඕකට අත ගහන්නේ බලාගෙන…’

මහින්ද අගමැති වෙලා ඉන්න කාලයේත් මහින්දට ඔය වගේ උපදෙස් දෙන්න ගුරුහරුකම් දෙන්න පෙන්නලා දෙන්න හිටි අය බොහෝය.

ඒ, මේ හැමෝටම මහින්ද ළඟට ගිහින් බය නැතිව කෙළින් ‘මහින්ද අයියා’ කියල කතා කරලා කියන්න පුළුවන්කම තිබුණු නිසාය. මේ අය අතරින් බොහොමයක් මාධ්‍යවේදීහු වූහ.

මහින්ද ජනාධිපති ධුරයට යනකම් ඒ ගමන ගියේ ඔහුට ‘මහින්ද අයියා’ කියා ඔහුගේ අඩුපාඩු වැරදි පෙන්වා දුන්න ‘මල්ලිලා’ එක්කය.

ඒත් ජනාධිපතිවී අද මහින්ද යන්නේ ඔහුට ලේ උරුමයෙන් අයියා වුණු මල්ලිලා නොහොත් රාජපක්ෂ සහෝදරයන් එක්කය.

‘කාටත් රිදෙනවා. අපි ඔක්කොටම විවේචනය කරන කොට රිදෙනවා. නමුත් අපි විවේචනය අහන්න පුරුදු වෙන්න ඕනෑ. ඒක තමයි ගතිය. තමුන්නාන්සේලා විවේචන අහගෙන ඉඳලා පුරුදු වෙන්න. විවේචන අහගෙන ඉන්න බැරි වුණු නිසා තමයි අර හතළිස් ගණනක් දෝෂාභියෝගයට අස්සන් කළේ….’

මහින්ද රාජපක්ෂ
1991.11.23

මහින්ද එදා විපක්ෂයේ සිටියදී ආණ්ඩු පක්ෂයට දුන් මේ අවවාදය අද ඔහුගේ සහෝදරයන්ට දෙන්න පුළුවන් නම් මහින්දට මේ ආ ගමන තව බොහෝ දුරක් යන්නට පුළුවන් වනු ඇත.

එදා මේ ලියුම්කරු ලීවේ මහින්දව විනාශ කරන්නේ මහින්දට රෙදි වියන මහින්දගේ සහෝදරයන් දෙදෙනා කියාය. ඉන් එක් සහෝදරයකු වූ ගෝඨාභය මේ රටේ ජනාධිපති වෙයි කියලා එදා කාටවත් හිතුණේ නැත. අද ඔහු රටේ ජනාධිපතිය.

‘අද ගෝඨාට රෙදි වියන්නේ කවුද…?’

මෙම ලියුම්කරු 2008, ඒ කියන්නේ මීට වසර 13කට පෙර ලියපු ලිපිය හොඳට කියෙව්වා නම් ඒ ටික හිතාගත හැකිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපි බයත් නෑ! අපි ණයත් නෑ! හොඳට මතක තියාගන්න ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්! මුලු පාර්ලිමේන්තුවම ඇවිස්සෙයි! (VIDEO)

Next Post

තහනම් කරලා තියෙද්දීත් කෝටි 6ක සුපිරි ලෑන්ඩ් කෲෂර් එකක් හම්බන්තොටට ගෙන්නුවේ කව්ද?

MORE NEWS

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

Load More
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

පියකරු මුහුණකට කවුරුත් ප්‍රිය කරති. එවැනි අයකු දකින හැම විටෙකම කෙනකු අව්‍යාජයෙන් සිනාසෙයි. එවැන්නකු තමන් පියමංකර යනෙන විට ආපසු හැරී...

Read more
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.