බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් මිල දී ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරීමේදී රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබූ බව අදාළ කාන්තාව පවසයි.
එම කාන්තාව චෝදනා කරන්නේ, පාරිභෝගිකයන් නොමග යැවීමේ අරමුණින් අදාළ සමාගම විසින් පැරණි ගෑස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බවයි.
බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියොජිතයන් වෙත එම සමාගම විසින් ගෑස් සිලින්ඩර් තොග බෙදා හරින ලද අතර ,අලෙවි නියෝජිතයන් සතු පැරණි ගෑස් තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බව බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කොට ඇත.









