මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවනෝපාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබද සාකච්ජාවක් අද දිනයේ පැවැත්විණ.
පාර්ලිමේන්තු කාමර 1හිදී පෙරවරු 11.00ට පැවැත්වුණු මෙම රැස්වීමට ආණ්ඩුව සමග මතගැටුමක සිටින විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද සහභාගී වී සිටිනු දැක ගත හැකි විය.
මෙහිදී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරුන් සමග සාකච්ජා කර ඇති බවද දැනගන්නට ඇත.











