පාකිස්ථානයේ සියල්කොට්හි ඇඟලුම් කම්හළක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී සාහසික අයුරින් මරා දැමුණු ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම ප්‍රධාන සැකකරු එරට රාවල්පින්ඩි නගරය දක්වා බසයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන්ගෙන් 26 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද එරට අධිකරණය නියෝග කර තිබේ.
پولیس نے انتہائی مطلوب ملزم امتیاز عرف بلی کو بھی گرفتار کر لیا ہے سری لنکن شہری پر تشدد کرنے اور نعش کی بے حرمتی کرنے میں شامل تھا ملزم کی گرفتاری کے لیے متعدد مقامات پر چھاپے مارے مگر وہ ہر بار اپنا ٹھکانہ تبدیل کرلیتا,ملزم کو راولپنڈی جانے والی بس سے گرفتار کیا گیا#Sialkot https://t.co/pePiN586xQ pic.twitter.com/nYXuwq3fld
— Punjab Police Official (@OfficialDPRPP) December 6, 2021










