• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘මේ මොන සාපයක්ද?’ එදා කියපු දේ මහින්දට අමතකද? (උපුල් ජෝශප් ප්‍රනාන්දු)

December 4, 2021
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
‘මේ මොන සාපයක්ද?’ එදා කියපු දේ මහින්දට අමතකද? (උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Share on WhatsAppShare on Facebook

‘ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටට ගිය කල පිළිබඳවයි මම බැලුවේ. මොන හෙනහුරා වැහිලද කියලා මම දන්නෙ නෑ. 1977 ඉඳලා උතුරේ මිනී මරනවා. තරුණයෝ මැරෙනවා. මේ සෙනසුරු දසාව ලැබුවේ මොකද? මේ ශාපය මොකක්ද? තමුන්නාන්සේලාගේ කාලකණ්ණි රජයේ ශාපයයි කියන එක අපට කියන්න සිදුවී තිබෙනවා. කරුණාකරලා මේ ශාපයෙන් මිදෙන්න නම් මේ 12 අවුරුදු ශාපයෙන් මිදෙන්න මේ රටේ ජනතාව තමුන්නාන්සේලාට අස්වෙලා යන්නය කියලා කියනවා. අපිත් ඒකම ඉල්ලා සිටිනවා…’

මහින්ද රාජපක්ෂ
1990.07.19
පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය
හැන්සාර්ඩ් 1503-1509

මහින්ද විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී කළ මේ කතාවෙන් තේරෙන්නේ ආණ්ඩුවක ශාපය රටට සෙනසුරු දශාව ගෙන දෙන බවය. ආණ්ඩුවක ශාපය රටට ශාපයක් වන බවය. මහින්ද නම් එදා කීවේ 1983 උතුරේ යුද්ධය පටන්ගත්තේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ ශාපයක් නිසා කියාය.

‘එතකොට අද ගෑස් ටැංකි පුපුරන්නේ කාගේ ශාපයක් නිසාද…?’

2019 පාස්කු බෝම්බ ප්‍රහාරයට පස්සේ පොදුජන පෙරමණ කීවේ 2009 රාජපක්ෂලා ප්‍රභාකරන්ගේ බෝම්බ බිය නැති කළාට පස්සේ යළි මෛත්‍රි-රනිල් ආණ්ඩුව සහරාන්ගේ බෝම්බ බිය රටට උදාකරදී ඇති බවත්, තමන් බලයට පැමිණි විගස ඒ බෝම්බ බිය නැති කරන බවත්ය.

හැබැයි අද යළිත් හැම නිවෙසක් තුළම බෝම්බ බිය ඇතිවී ඇත්තේ ගෑස් ටැංකිය පුපුරා යයි යන බියෙන්ය. අද ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කතා කරන්නේ ලංකාවේ අබිරහස් ගෑස් ටැංකි පුපුරා යෑම ගැනය.

‘ලංකාව අබිරහස් ගෑස් පුපුරායෑම් ගැන සොයන්න යයි…’

අල් ජසීරා
2021.12.01

‘ලංකාවේ පාර්ලිමේන්තුව අබිරහස් ගෑස් පිපිරී යෑම් ගැන සොයන්න කමිටුවක් පත් කරයි…’

රොයිටර්
2021.12.01

‘එක දිනෙක ගෑස් පුපුරා යෑම් 14ක් වාර්තා වීමෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කමිටුවක් පත් කරයි….’

යූ.එස්. නිවුස්
2021.12.01

විදේශ මාධ්‍යයට මේ ගෑස් පිපිරීම් අලුත් පුවතක් වුණේ මෙලෙස වැලට ගෑස් පිපිරීම් ලොව වෙනත් කිසිදු රටකින් අසා නොතිබූ නිසා විය හැකිය.

‘මේක දේව ශාපයක්…’

අද ගමේ ගොඩේ නොව ටවුමේ කඩේත් තරු පහේ හෝටල්වලත් මිනිස්සු එකතු වුණාම කියන්නේ ඔය කතාවය.

‘මහත්තයෝ මේක බුදුන් වැඩිය රටක්. මේ රටට කවදාවත් වරදින්නේ නැහැ…’

ඉස්සර කවුරුත් කීවේ එහෙමය. ලංකාවේ කැලණියට බුදුන් වැඩියා යැයි ප්‍රකට කරුණකි. කැලණි ගඟෙන් මතුවූ නාග රාජයාගේ නාට්‍ය බුදුන් වැඩි කැලණිය අපකීර්තියට පත්කළ සිද්ධියකි. නාග රජුගේ ආරාධනයෙන් බුදුන් ස්නානය කළ කැලණි ගඟෙන් ශුද්ධ වූ වස්තුවක් මතුවූ බවත්, එයින් රටට අලුත් නායකයෙක් පහළ වන බවත් රටට යහපතක් වන බවත් කැලණිය නායක හාමුදුරුවෝ කීහ.

‘එතකොට මේ උදාවෙලා තියෙන්නේ ඒ හාමුදුරුවන් කී යහපත් කාලයද…?’

කැලණිය විහාරාධිපති හාමුදුරුවන් නම් අද කැලණිය විශ්වවිiාලයේ උපකුලපතිය.

‘එතකොට රට…? රටේ මිනිස්සු….?’

ජ්‍යොතිෂවේදීන් නම් බොරු අනාවැකි කියයි. ඒවා බොරු බව තේරුම්ගත් විට මිනිස්සු එම ජ්‍යොතිෂවේදීන්ව පිළිකුල් කරයි. එහෙත් බුදුන් වැඩි ශුද්ධ භූමියක් සේ බෞද්ධයන් අදහන පන්සලක් දේශපාලනයට යොදාගෙන මෙවැනි අනාවැකි කී විට විනාශ වන්නේ එම පන්සලවත්, ශුද්ධ භූමියවත් නොව පන්සල සහ ඒ ශුද්ධ භූමිය දේශපාලනයට යොදවාගත් නරුම දේශපාලනඥයන්ය. ස.ජ.බ. මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ කුමාර වෙල්ගම නම් කියන්නේ ආණ්ඩුවට අද වැදී ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ශාපය බවය.
මේ ආණ්ඩුව බලයට එන්න ආගම් තුනක් ප්‍රයෝජනයට ගත්තේය. පළමුවැන්න කතෝලික පල්ලියය. පල්ලිය ප්‍රයෝජනයට ගත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයටත් කලින්ය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවුණේ 2019දීය. එයට බොහෝ කලින් 2016 ගෝඨාභයගේ මැදිහත් වීමෙන් මෛත්‍රි-රනිල් ආණ්ඩුව සිංහල බෞද්ධ උරුමය විනාශ කරන බවට මතයක් නිර්මාණය කරමින් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීය. මේ සම්මන්ත්‍රණයට කාදිනල් මැල්කම් රංජිත් හිමි සහභාගි වීම හැමෝගෙම මවිතයට හේතු විය. මෙම සම්මන්ත්‍රණය සංවිධාන කළේ අපවත් වූ සම්බෝධි විහාරයේ නායක හිමි කුසලධම්ම හාමුදුරුවන්ය. කුසලධම්ම හිමි සහ ශ්‍රී සම්බෝධි විහාරය දේශපාලන කසුකුසුවලට ප්‍රකට තැනක් වූයේ සරත් සිල්වා අගවිනිසුරු කාලයේය. සරත් සිල්වා හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් සහ දේශපාලන නායකයන් අතර සාකච්ඡාවලට සම්බෝධි පන්සල ජනප්‍රිය තැනක් විය. ඒ සාකච්ඡා බොහොමයක අතරමැදියා වූයේ කුසලධම්ම හිමිය. කදිරගාමර් ඝාතනය වීමෙන් පසු ආරක්ෂක ලේකම් ධුරයේ සිටි ගෝඨාභය පන්සලට සමීප විය. මහින්ද පරාජයවී මෛත්‍රි-රනිල් ආණ්ඩුව බලයට ආ විට ගෝඨාභයගේ උපදේශකයන්ගේ සාකච්ඡා බොහොමයක් පැවැතියේ මේ පන්සලේය. එදා කුසලධම්ම හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සම්මන්ත්‍රණයේදී කාදිනල් හිමි මෛත්‍රි-රනිල් ආණ්ඩුව සිංහල බෞද්ධ උරුමය විනාශ කරන අධිරාජ්‍යවාදී ගැත්තෙක් යැයි කියමින් තදින් පහර ගැසීය. කුසලධම්ම හිමි, අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් සහ කාදිනල් හිමි එකට එකතු වුණේ මෙ පන්සලේදීය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු කාදිනල් හිමිගේ චරිතය අනෙකුත් හිමිවරුන්ට වඩා ප්‍රබල විය. ඒ කාලයේ රාජපක්ෂ පවුලම කාදිනල් හිමි බැහැදකින්න දවස ගානේ යමින් කීවේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න මෛත්‍රි-රනිල් ආණ්ඩුවට වුවමනාවක් නැති බවය. තමන්ට 2005දී ලැබුණු මුස්ලිම් ඡන්ද ටිකත් 2019 ජනාධිපතිවරණයේදී අහිමි වන බව දැන රාජපක්ෂවරු කතෝලික ඡන්දවලට ඉව ඇල්ලුවෙ 50% ගන්න සිංහල බෞද්ධ ඡන්ද මදි බව දැනගෙනය. කාදිනල් හිමිත් ඔවුන්ගේ උගුලට හසුවිය.

අද රාජපක්ෂ ආණ්ඩුව පන්නන්නේ පාස්කු බෝම්බයේ මහ මොළකරු පිටුපස නොව පල්ලියේ පූජකයන් පිටුපසය. පාස්කු බෝම්බයටත් කලින් කාදිනල් හිමි මෛත්‍රි-රනිල් ආණ්ඩුවට පහර දෙන විට මෛත්‍රි-රනිල් ආණ්ඩුව පෙරළා කාදිනල් හිමිට පහර ගැහුවෙ නැත. ඒත් අද පාස්කු බෝම්බයේ මහ මොළකරු කෝ යැයි ආණ්ඩුවෙන් අසද්දී ආණ්ඩුව කාදිනල් හිමිට පහර ගසන්නේ නින්දිත විදියටය. එදා කාදිනල් හිමි පෙරටුකොට මෛත්‍රි-රනිල් ආණ්ඩුවෙන් සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න සටන් කළ හාමුදුරුවරුත් අද කාදිනල් හිමිව තනිකර ඇත. පාස්කු බෝම්බයේ මළමිනී සමග කළ මේ සෙල්ලම අද ආණ්ඩුවට ලෙල්ලමක් බවට පත්වී ඇත්තේ නිකන් නොවෙ. රාජපක්ෂවරු කතෝලික පල්ලිය තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්න ගිහිල්ලාය.

බලයට එන්න කතෝලික පල්ලිය සේම සම්බෝධි පන්සල, අභයාරාමය, කැලණි පන්සල පමණක් නොව දළදා මාලිගා භූමිය රතන හිමිගේ උපවාසයට යොදාගන්න යෑම සමාවදිය හැකි පාපයක් නොවේ.

පල්ලිය, පන්සල පමණක් නොව මේ ආණ්ඩුව මුස්ලිම් ආගමද බලයට එන්න ප්‍රයෝජනයට ගත්තේය. ඒ, මුස්ලිම් ආගමට එරෙහිව සිංහල බෞද්ධයන් උසිගන්වමින්ය. 2020 මහ මැතිවරණයට තුනෙන් දෙක ගන්න කොරෝනා සිරුර භූමදානය කිරීම සම්බන්ධ මුස්ලිම් ආගමේ විශ්වාස සමග ආණ්ඩුව දේශපාලන කෝළමක් නැටුවේය.

බෞද්ධ වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා බලය ගන්න ආගම් සමග සෙල්ලම් කිරීම දෙවියන් සමග සෙල්ලම් කිරීමක් වැනිය. ඒ සඳහා ලැබෙන දේව දඬුවම අධිකරණයේදී ලැබෙන දඬුවමකට හෝ ඡන්දයකදී ලැබෙන පරාජයකට වඩා භයානකය. දරුණුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සාපයක්ද පාපයක්ද? කින්නියාවේ වගේ තවත් පාලම් පාරුවක් පෙරළෙයි!

Next Post

පාර්ලිමේන්තුව දාමරික තිප්පොළක සිරි ගනී! මඩ ගැහුවා කියා මනූෂට ගහන්න මන්ත්‍රීවරු එක්ක ඇමැති කංචන දොර මුර කරගෙන! මනූෂ වෙන පාරකින් විපක්ෂ නායක කාර්යාලයට ගිහින්!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.