• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රසිද්ධ පන්සලක හැංගිලා වැඩ කරන අද්භූත අමුත්තා…

December 5, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
ප්‍රසිද්ධ පන්සලක හැංගිලා වැඩ කරන අද්භූත අමුත්තා…
Share on WhatsAppShare on Facebook

වැව් දිය පිස එන මඳ නළ හිමිදිරි සීතලට මුසුව හාත්පස පැතිර යමින් තිබිණි. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත වැව්වල පිපුණු නෙලුම් මානෙල් ඕලු මල්වල සුවඳ ඒ සුළඟට මුසුවී පරිසරය සුවඳවත් කළේය. පූජා නගරයේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව වෙසෙන බොහෝ ජනී ජනයාට මහා සංඝයාට මේ සුවඳ හුරුපුරුදුය. හැමදාමත් පාන්දර යාමය ආසන්න වෙද්දී මේ මල් සුවඳ විඳ අවදි වන්නෝ අනුරපුරයේ ඕනෑ තරම් වෙසෙති.

මේ සියල්ල අතරේ අනුරාධපුරය ආසන්න සුප්‍රසිද්ධ විහාරස්ථානයක ආවාසය තුළ වැඩසිටි නායක ස්වාමින්වහන්සේට වෙනදා නොඇසෙන මහ අමුතු හඬක් ඇසුණේය. උන්වහන්සේ කලබලයෙන් නැගිටගත්තේ වෙනදාට නොඇසුණු එම හඬ ගැන විමතියෙනි. ඉතා අවධානයෙන් අවටින් ඇසෙන හඬවල් තෝරා බෝරාගන්නට උත්සාහ කළ හිමියෝ තමාට අමුතුවෙන් ඇසෙන්නේ මළුව අමදින හඬක් බව වටහා ගත්හ. උන්වහන්සේ ඊළඟට බැලුවේ බිත්තියේ වූ ඔරලෝසුව දෙසයි. වේලාව පාන්දර තුන පසුවී විනාඩි කිහිපයක් ගතවී තිබිණි. මේ වෙලාවට මළුව අමදින්නට කිසිවකු නැති වග උන්වහන්සේ හොඳින්ම දැන සිටියේය. තරමක් කුතුහලයෙන් කල්පනා කරමින් සිටි උන්වහන්සේ ජනෙල් කවුළුව අසලට ගොස් එහි අගුල ඇර යන්තමින් විවර කර වටපිට බැලූහ. තැන තැන විදුලි බුබුළු කිහිපයක් දැල්වෙමින් තිබුණු අතර බෝ මළුව අසලද එක් විදුලි පහනක් පමණක් දැල්වුණේය. එහි ආලෝකයෙන් උන්වහන්සේට ඒ අවට පරිසරය හොඳින් පෙනුණේය. සුදු පොරෝනයක් හැඳගත් කෙනකු මළුව අමදිමින් උන්නේය. ඒ කවුද යන්න හඳුනාගත නොහැකි වූ අතර මුහුණ වැසෙන ආකාරයට රෙදිකඩක් ඉහිරී ඇති බවක්ද පෙනෙන්නට තිබිණි.

‘මේ කවුද මේ…?’ නායක හිමියෝ තනිවම සිතූහ. පසුව උන්වහන්සේ ජනෙල් කවුළුව වසාදමා ගොස් සැතපුණේ කාට හෝ පින් සිතක් පහළවන්නට ඇතැයි සිතමිනි.

‘ඈ පොඩිනම අද පාන්දර යාමේ කවුද බෝමළුව ඇමදුවා ඇහුණේ…?’

නායක හිමියන් ඇසුවේ සැකයෙනි. පොඩි හාමුදුරුවෝ තරමක් විමතියෙන් බලා සිටියහ.

‘බෝමළුව නෙවේ අපේ හාමදුරුවනේ මුළු පන්සල් මළුවම ඇමදලා නොවැ තිබුණේ…’

සාමණේර හිමියන්ගේ කතාවෙන් විමතියට පත්වුවද නායක හිමියන් කිසිවක් කියන්නට ගියේ නැත. එදින බදාදා දිනයක් වූ අතර ඊට පසු දිනත් එලෙසම වේදැයි නායක හිමියන් අවධානයෙන් සිටියද එදින එවැන්නක් සිදුවූයේ නැත.

‘ඔය රාත්‍රියේ පන්සලේ නතර වෙච්ච කෙනෙක් වෙන්ටෑ’

නායක හිමියන් එසේ තීන්දු කළද ඊට පසු එළැඹි සෙනසුරාදා පාන්දර යාමයේද සුපුරුදු හඬම උන්වහන්සේට ඇසුණේය. එතැන් පටන් සතියේ සෑම කෙම්මුර දිනෙකදීම මේ හඬ හුරුපුරුදු හඬක් වූ අතර නායක හිමියන් ඒ ගැන එතරම් කලබලයට පත් වූයේද නැත. එහෙත් මේ අමුත්තා කවුද කියා දැනගන්නට උන්වහන්සේට අවශ්‍යතාව තිබිණි. එහෙයින් ඊට සුදුසු දිනයක් උදාවන තුරු බලා සිටි නායක හිමියන් සෙනසුරාදා දිනෙක ඒ හඬ ඇසෙද්දී හෙමිහිට මළුව දෙසට ඇවිද ගියේ රහසින් මෙනි. උන්වහන්සේ ඒ අසලට වඩින තුරුම ඇසුණු හඬ හිටිහැටියේම නෑසී ගියේය. අමුත්තා අතුරුදන්ව තිබිණි. ඉදල් තබන තැන සියලු ඉදල් නිසි ලෙස තබා තිබිණි.

නායක හිමියෝ පන්සල් මළුව පුරා ඇවිද ගොස් බැලූහ. සියලු ස්ථාන නිසි ලෙස පිරිසිදු කර තිබිණි. කොළ රොඩු නියමිත තැන්වලට දමා තිබූ අතර මල් ආසනද සියල්ල පිරිසිදු කර තිබුණේය. එකම එක තැනක පිපුණු විගස නෙළාගත් අරලිය මලක් තබා පහනකුත් හඳුන්කූරකුත් දැල්වෙමින් තිබිණි.

‘කවුද මේවා කළේ…?’

නායක හිමියෝ තනිවම සිතූහ. එහෙත් ඊට පිළිතුරක් සොයාගැනීම උන්වහන්සේට පහසු නොවීය. සතියේ සෑම කෙම්මුර දිනෙකදීම මේ කටයුත්ත කෙරුණද නායක හිමියන් එදෙසට යද්දී අමුත්තා අතුරුදන්ව ගොසිණි. හඬ ඇසෙන සැණින් ගියද එය එසේමය. එහෙත් ඒ සෑම දිනෙකම සම්පූර්ණයෙන්ම පන්සල් භූමිය පිරිසිදු කර අවසන්ව තිබුණේය.

‘පොඩිනම මේ අඟහරුවාදාට පන්සලේ ගේට්ටුවෙ ඉබ්බා දාලා තිබ්බා නම්…’

නායක හිමියන්ගේ උපදෙස් පරිදි ගේට්ටුව වසාතිබ්බද අමුත්තාගේ පැමිණීමත් පන්සලේ මළුව ඇමදීමත් නතර නොවීය. එය දිගටම සිදුවූ අතර පන්සල් භූමියේ වෙසෙන සියලුම අයට මෙය සුපුරුදු හඬක් විය.

ඔය අතරේ දිනෙක පාන්දර යාමේ පන්සලේ ඝණ්ටාරය එක දිගටම නාදවූ අතර සියලු දෙනා කලබලවී ඒ දෙසට දිව ගියේය. එහෙත් ඝණ්ටාරය අසල කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. එහෙත් චෛත්‍යය අසල නාරස්සන කිහිපයකුත් තාච්චි කූඩ කිහිපයකුත් තිබුණු අතර සිදුවීමට ගිය විනාශය සියල්ලන්ටම සිතාගන්නට අපහසු නොවීය. ඝණ්ටාරය නාද කළේ වෙනදාට පන්සල පිරිසිදු කරන අමුත්තාම වියයුතු යැයි නායක හිමියන්ට තේරුම් ගියද උන්වහන්සේ ඒ ගැන කිසිවකු සමග කියන්නට ගියේ නැත.

එදා මෙදාතුර කාලයේ බොහෝ කෙම්මුර දිනවල මේ සිදුවන සිදුවීම තවමත් ඇතැම් දිනවලට පමණක් සිදුවන බව එම පූජා භූමි තුළ වෙසෙන හිමිවරුන් සහ ජනයා අත්දැකීමෙන් දන්නා මුත් කිසිවකු මේ ගැන කියන්නට නොයන්නේ ඒ ගැන සාක්ෂි සාධක ඇතිව ඔප්පු කරන්නට බැරි නිසාය. වර්තමාන නායක හිමියන්ගෙන් මේ ගැන ඇසූ විට උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නේ නිහඬ සිනාවකිනි. එහෙත් සාමණේර හිමිනමක් ඉතා උනන්දුවෙන් ඒ බව පිළිගත්තේ තමා ලද අත්දැකීමද විස්තර කරමිනි.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න
කුමාර රත්නායක

SendShareShare
Previous Post

උඩට යනවද? බිම වැටෙනවද?

Next Post

‘Women Friendly Workplace 2021’ සම්මාන උළෙලේදී සෙලාන් බැංකුව විශිෂ්ටතම සමාගම් 10 අතරට…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.